Category Archives: Local

සමස්ත දිවයිනේ පොලිස් වැටලීම් …..……

සමස්ත දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක කර තිබෙන පොලිස් වැටලීම් අනුව අධිකරණය මගින් වරෙන්තු නිකුත් වී සැඟව සිටි වරෙන්තුකරුවන් 2,561 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඊට අමතරව අපරාධවලට ඍජුව සම්බන්ධ පුද්ගලයන් 167 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය ප්‍රකාශ කර ඇත. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත දිවයිනේ පොලිස් ස්ථාන…

ගායන ශිල්පි අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වේ …..…….

මියයන විට ඔහු 75 වන වියේ පසුවූ බව සඳහන් වේ. මා ආදරෙයි නංගියේ, හිරු ඉපදෙන විට, බෙත්ලෙහෙම්පු​රේ, ටිකිරිමලී පාසල් යන, අදවෙයි ඉරු දින ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත. Views: 173

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි …..…….

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබේ. මෙරට තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව තුළ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. මේ අතර අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම…

කටුනායක නව පර්යන්තය ජායිකා ආධාර මත මාර්තු දක්වා ටෙන්ඩර් දීර්ඝ කෙරේ

කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වන අතර එම කටයුතු ජයිකා ආධාර මත සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. ඒ අනුව ලබන ජූනි මාසයේදී එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකි වන බව වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කර ඇත. නව…

වී වල සහතික මිල සංශෝධනය සඳහා කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ.

එම කමිටුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ හා පර්යේෂණායතනය, පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනය වැනි ආයතන කිහිපයක නියෝජිතයින්ගෙන් සමන්විත බව එහි සභාපති මංජුල පින්නලන්ද සඳහන් කර ඇත. වී වගාව සඳහා යොදාගන්නා යෙදවුම් මිල ගණන් පිළිබඳ සමාලෝචනයක් මෙම කමිටුව හරහා සිදුකරන අතර ඉන් අනතුරුව මෙවර වී මිලදී ගන්නා සහතික මිල තීරණය කරන බවද වී අ‍ලෙවි මණ්ඩලය…

පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට රජයෙන් අවසර ඉල්ලීමක්…….

පොල් ආශ්‍රිත, නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බව එහි සභාපති ජයන්ත සමරකෝන් සඳහන් කර ඇති අතර දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බවද සදහන් කර ඇත. මෙරට වාර්ෂික දළ පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන…

මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය ප්‍රවේශපත් ජාවාරමක්.

මහනුවර දුම්රිය ස්ථානයේදී විදෙස් සංචාරකයන් සඳහා දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේදී අයථා ලෙස වැඩි මිලට ප්‍රවේශපත් අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකෙරෙන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා පැවසා ඇත. දුම්රිය ප්‍රවේශපත් වැඩි මිලට හොර පාරෙන් විකිණීමේ ජාවාරමට අදාළ පුද්ගලයන් පිළිබඳව තමන් වෙත තොරතුරු ලැබී ඇති බවද පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, කඩිනමින්…

ත්‍රිරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලිසිය තීරණය කර ඇත

ත්‍රිරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලිසිය ඊයේ (15දා) තීරණය කර ඇති බව සදහන් වේ. සමස්ත ලංකා ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පතිවරයා අතර ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් පසුව මෙලෙස තීරණය කර ඇති බව වැඩිදුරටත් සදහන් වේ. ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ රැකියා අහිමි කිරීමට…

ගිය වසරේ (2024) මෙරට සමස්ත සංචාරක ආදායම කලින් වසරට (2023) වඩා සියයට 53.2කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ….

ගිය වසරේ (2024) මෙරට සමස්ත සංචාරක ආදායම කලින් වසරට (2023) වඩා සියයට 53.2කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අනුව 2024 වසරේදී මෙරටට පැමිණ ඇති විසිලක්‍ෂ පනස්තුන් දහස් හාරසිය හැටපහක් වූ සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3,168.6ක ආදායමක් උපයාගෙන ඇති අතර මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. එම වාර්තාවේ දැක්වෙන පරිදි 2023…

කොළඹ ප්‍රදේශය කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක්……

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද (16) සවස 6.00 සිට හෙට (17) උදෑසන 6.00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදුකරන බව සඳහන්වේ. කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල…