Category Archives: Local

බසයෙන් වැටී කොන්දොස්තර මරුට….

bus web 1 1

ඊයේ (18) අළුයම ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක පාපුවරුවෙන් ඇද වැටුණු පුද්ගලයන් දෙදෙනකු අතුරින් එක්අයකු මියගොස් ඇති බව තලංගම පොලිසිය වාර්තා කර ඇති අතර එසේ මියගොස් ඇත්තේ එම බස් රථයේ කොන්දොස්තරවරයා බව තවදුරටත් වාර්තා වේ. පානදුර ඩිපෝවට අයත් බස් රථය පානදුර සිට මහනුවර දක්වා කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය කර ඇති අතර කොස්වත්ත මංසන්ධිය…

මුදල් ප්‍රවාහනය ආයතනයේ රියදුරු මුදල් සමඟ පලායයි….

cash web

මිනුවන්ගොඩ නගරයේදී මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලබන ආයතනයක රියදුරෙකු වශයෙන් සේවය කළ පුද්ගලයෙකු ඊයේ (18) එම රථයේ තිබූ මුදල් සමග ඔහු ගමන් ගත් වෑන් රථයද රැගෙන පළාගොස් ඇති බව වාර්තා වේ. එහි තිබූ මුදල්වල වටිනාකම රුපියල් මිලියන 75ක් පමණ වෙන බවත් ආරක්ෂිත නිලධාරීන් රථයෙන් බැසගොස් ඇති අවස්ථාවක රියැදුරු මුදල් සමග වෑන් රථයෙන් පළා ගොස් ඇති…

වීසා නොමැතිව සිටි විදේශිකයන් 8 දෙනෙක් අත්අඩංගුවට….

visa web 1

ඊයේ (18) පස්වරුවේ ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් සිටි විදේශිකයන් 08 දෙනෙක් කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක වීසා නොමැතිව පිරිසක් රැඳි සිටින බවට 119 තොරතුරු මධ්‍යස්ථානයේ ලද පණිවිඩයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන…

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ…….

cricket web 1 1

මෙම සංචිතය සඳහා වේග පන්දු යවන්නන් පස්දෙනෙක් ඇතුළත්ව ඇති අතර, දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් ඇතුළත් වන බව සදහන් වේ. ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චදිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙනිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු කුමාර…

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වේ…….

rain web 1 2

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල…

උසස් පෙළ පන්ති හෙට සිට තහනම්…….

WhatsApp Image 2024 11 18 at 17.47.27

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙම තහනම උසස් පෙළ විභාගය අවසන් වනතුරු ක්‍රියාත්මක වේ. ඒ අනුව, එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී. මෙවර…

වාහනයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට….

WhatsApp Image 2024 11 18 at 15.48.43

මස්කෙළිය ප්‍රදේශයේ පසුගිය 09 වනදා දින රුපියල් ලක්ෂ 83කට ආසන්න වටිනාකමින් යුක් වෑන් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හැටන් පොලිසිය සිදු කළ විමර්ශනයට අදාළ අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ. හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පසුගිය 16 වනදා දින කහවත්ත පොලිස් වසමේ ඕපෙවත්ත ප්‍රදේශයේදී මෙම සොරකම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර…

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි…..

WhatsApp Image 2024 11 18 at 12.46.28

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) උදෑසන ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීම සිදු කෙරිණි. ඒ අනුව, නව රජයේ කැබිනට් අමාත්‍යවරු 21 දෙනකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. කැබිනට් අමාත්‍ය අමාත්‍ය මණ්ඩලය 01. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය 02. විජිත හේරත් – විදේශ…

කාලගුණ වාර්තාව…..

WhatsApp Image 2024 11 18 at 11.04.01

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද…

වසර දොළහකට පසු ශ්‍රී ලංකාවට එක් දින තරගාවලි ජයක්….

WhatsApp Image 2024 11 18 at 00.11.26

සංචාරක නවසීලන්ත – ශ්‍රි ලංකා දෙවන එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත් වුණා. ඒ කඩුළු 03කින් නවසීලන්තය පරාජය පත් කරමින් වන අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග දෙකක් ශ්‍රි ලංකාව ජයගැනීමත් සමග සමස්ත තරගාවලියේ ජය ශ්‍රි ලංකාවට හිමිවී තිබෙනවා. අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 209ක් රැස්…