Category Archives: Local

පලාගල බමුණුගම ප්‍රදේශයේ ගොවීන් දෙදෙනෙක් අතර ආරවුලක් .…..…….

පලාගල බමුණුගම ප්‍රදේශයේ පදිංචි ගොවීන් දෙදෙනෙක් කුඹුරේ පැල් රකිමින් සිටියදි බහින් බස්වීම දුරදිග යාමෙන් එයින් එක් ගොවියෙක් තම මිතුරන් වූ පස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් ගෙන්වා අනික් ගොවියාට පහරදී එම ගොවියාගේ යතුරු පැදිය, විදුලි පන්දම් ඇතුලු දේපලවලට පහරදී හානිකර ඇති බව වාර්තා වේ. බරපතළ පහර කෑමට ලක්ව ඇති ගොවියා එම ප්‍රහාරය අතරතුර ඔවුන්ගෙන් මිදී පලාගොස්…

අනුරාධපුර ළමා නිවාසයේ දැරියන්ට කෘරුත්වයෙන් සැලකීමේ සිද්ධිය: හිටපු කොමසාරිස් සහ නිලධාරිනිය අත්අඩංගුවට.…..…….

උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනියක් අනුරාධපුර අවන්තිදේවී කාන්තා ළමා නිවාසයේ දැරියන්ට කෘෘරත්වයෙන් සැලකීම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට. එම ළමා නිවාසය තුළ නේවාසික දැරියන්ට සිදු වූ අකටයුතුකම් පිළිබඳව 2021 දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයේදී…

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් පිළිබඳ අග්‍රාමාත්‍යගේ අනාවරණය.…..……

අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරදී හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය කළාය. 2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572 2015 සිට 2019…

වියළි කාලගුණය හේතුවෙන් ජල සැපයුම අඩාල විය හැකි බව ජල මණ්ඩලය පවසයි.…..……

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතිවන අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එලෙස ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මඟින් හඳුනාගත්, උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් සඳහා බවුසර්…

ශ්‍රී ලංකාවේ වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ජපාන් ආයෝජන.…..……

ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ. අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Isomata Akio අතර ජනාධිපති කාර්යාලයේ දී පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත. ජපාන රජය මෑතකදී ආරම්භ…

ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද දිවයිනට.…..……

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද (27) දිවයිනට ළඟාවීමට නියමිතව ඇත. හම්බන්තොට වරායට ළඟාවන එම නෞකාවේ වාහන 300 ක් පමණ පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කර ඇත. එලෙස ජපානයෙන් නව වාහන ආනයනය කරන්නේ, වසර 5කට පසුව වීමද විශේෂත්වයකි. මේ අතර තායිලන්තයෙන්…

Shell වෙළඳ නාමය යටතේ මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේදී විවෘත වෙයි.…..…….

අද (26) දින අඹතලේ ප්‍රදේශයේදී මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමෙරිකාවේ RM PARKS සමාගම විසින් Shell වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල විවෘත කර ඇත. එය මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගම ලෙස වාර්තා වන අතර RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස…

මාර්ගගත මුදල් හුවමාරු ගාස්තු අඩු කෙරේ

මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. මීට පෙර ගිණුමක ඇති මුදලක් වෙනත් බැංකුවක ඇති ගිණුමක් වෙත යැවීමේදී මුදල් යවන පුද්ගලයාගේ ගිණුමෙන් රුපියල් 30 අමතර මුදලක් අය වූ අතර මෙම ගාස්තු සංශෝධනය සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන…

මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි විකිණු ව්‍යාපාරිකයාට බරපතළ දඩුවම්

මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ත්ව කිරිපිටි විකිණූ ආහාර නිෂ්පාදකයාට කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දඩුවම්… සත්ත්ව ආහාර නිෂ්පාදකයෙකු වූ කුලියාපිටිය හෙට්ටිපොල පාර නිව් ප්‍රේමා ඇනිමල් ෆීඩ්ස් මනුෆැක්චර්ස් ආයතනයේ ධනුෂ්ක ඉන්දික බණ්ඩාර සුබසිංහ යන අය සත්ත්ව ආහාර සඳහා නිකුත්කළ කිරිපිටි යොදාගනිමින් ව්‍යාජ තොරතුරු සඳහන් කර මනුෂ්‍ය පරිභෝජනයට නැවත ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් කුලියාපිටිය මහෙස්ත්‍රාත්…

දකුණු කොරියාවේ E-8 වීසා රැකියා සඳහා ශ්‍රී ලංකාවට කැබිනට් අනුමැතිය.…..…….

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බවයි එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ සඳහන් කර ඇත. වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා…