Category Archives: Local

උසස් පෙළ විභාගය හෙට….

WhatsApp Image 2024 11 24 at 10.45.44

2024 අ.පො.ස උසස් පෙළ විභාගය හෙට (25) සිට ආරම්භ කිරීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී සියල්ල සූදානම් කර තිබෙනවා. විභාගය ලබන මස 20 දා දක්වා පැවැත්වෙන අතර මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 333,183ක්. ඒ අතරට පාසල් අයදුම්කරුවන්, 253,390ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්….

කාලගුණ වාර්තාව….

WhatsApp Image 2024 11 24 at 10.17.05

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේවන විට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇත. එය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 25දින වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.මෙම පද්ධතියේ බලපෑම…

උද්ධමනය තවදුරටත් පහළට…..

WhatsApp Image 2024 11 22 at 16.47.00

ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. පසුගිය සැප්තැම්බර් මාසයේ දී සියයට ඍන 02ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී සියයට සෘන 0.7 දක්වා පහළ ගොස් තිබෙන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දී ඇත. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව…

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස සුනිල් වටගල මහතා දිවුරුම් දෙයි.

WhatsApp Image 2024 11 21 at 23.18.30

මෙවර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 125,700 ක් ලබාගනිමින් පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් නීතීඥ සුනිල් වටගල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස අද (21) දිවුරුම් දෙනු ලැබීය. Views: 200

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි…..

WhatsApp Image 2024 11 21 at 22.56.09

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව පත් වූ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු, 01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02. නාමල් කරුණාරත්න මහතා – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය 03. වසන්ත පියතිස්ස…

මන්නාරම රෝහලේ නිවැරදි ප්‍රසූති පරිපාලන මඟහැරීමකින් මවක් සහ දරුවෙක් ජීවිතක්ෂයට….

WhatsApp Image 2024 11 21 at 17.29.40 3

මන්නාරම පට්ටිතෝට්ටම් ප්‍රදේශයේ තරුණ කාන්තාවක් සිය පළමු දරුවා බිහිකිරීම පිණිස රෝහල් ගතවී ඇති අතර ඇය නියමිත පරිදි මන්නාරම රෝහලේම වෛද්‍ය සායන සියල්ලටම සහභාගී වී තිබේ. දරුවා බිහිකිරීමට යෑමේදී ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවී ඇති අතර එහිදී සිසේරියන් සැත්කමකින් දරුවා ලබාගත යුතු බවට ඥාතීන් කළ ඉල්ලීමට අවනත නොවූ රෝහලේ වෛද්‍යවරුන් හා හෙදියන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය…

පස් කන්දකට යට වී 16 හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ශයට…..

WhatsApp Image 2024 11 21 at 17.19.01

අධික වර්ෂාවත් සමග තෙල්දෙණිය මැදදුම්බර මොරග හමුල ප්‍රදේශයේ නිවසක් මතට කඩා වැටුණු පස් කන්දකට යට වී 16 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇත. ඊයේ (20) අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බව තෙල්දෙණිය පොලිසිය පවසයි. මිය ගොස් ඇත්තේ ඩබ්ලිව්.ඒ. ගයාන් නමැති සිසුවෙකි. පස් කන්දට පහළින් වූ කාමරයක මෙම සිසුවා නිදා සිට ඇත. ඊට යාබදව…

හිටපු ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය CID යට….

WhatsApp Image 2024 11 21 at 14.49.46

ඖෂධ හිගයන් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට එම කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එවක අමාත්‍යවරුන් 18 දෙනාගෙන් සිව් දෙනෙකු අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව සදහන් වේ. ඒ අනුව,…

දස වෙනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අදයි…….

WhatsApp Image 2024 11 21 at 14.02.14 1

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (20) පැවැත්විය. අද (21) පෙරවරු 9.55ට ගණපූර්ණ සීනුව නාදකිරීමෙන් අනතුරුව පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන…

10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල පත්වෙයි….

WhatsApp Image 2024 11 21 at 10.41.07

10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්‍ය ආචාර්ය සපුමල් රන්වල පත්කර තිබේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5, සහ 6 හි සඳහන් විධිවිධාන පරිදියි. ආචාර්‍ය‍ අසෝක සපුමල් රංවල පත්කරන ලෙස අගමැතිනි හරිනි අමරසූරිය විසින් යෝජනා කළ අතර එම යෝජනාව සම්මත කරන ලද්දේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසිනි. මෙතෙක් ශ්‍රී ලංකා…