වසර කිහිපයක් නොවිසඳී පැවතුණු මොරටුව වෛද්‍ය පීඨ සිසුන්ගේ මහාචාර්ය සායනික ඒකක සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පියවර ගෙන ඇතිබව වාර්තා වේ. මෙම සාකච්ඡාව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කලුතර නාගොඩ ශික්ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු…
Category Archives: Local
ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති කාර්යාලයේදී අද (02)පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුකෙරිණි. ඒ අනුව මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක්වනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය…
මෙරට දැඩි ආපදාවට ලක්කළ ෆෙන්ගල් සුලි කුණාටුව අද (30) පස්වරුවේ ඉන්දියාවට ඇතුළුවීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසන ලදී. ඊට මුහුණ දීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ පියවර රැසක් ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තාකර තිබුණි. මේවනවිට ක්‍රමයෙන් චෙන්නායි, තිරුවල්ලූර්, කන්ඩීපුරම්, කල්කුරිච්චි සහ කූඩලෝර් දිස්ත්‍රික්කවලට වැසි තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බවද සඳහන් වන අතර තමිල්නාඩුවේ ප්‍රදේශ රැසක…
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යය සාධක බළකායේ මූලිකත්වයෙන් පැවති සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලියේ ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වයි “මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම” යන උදාර තේමාව පෙරදැරිව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ…
ඩුබායි රටේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් 37 දෙනකුගෙන් මුදලින් රුපියල් දෙකෝටි දොළොස් ලක්ෂ අනූ පන්දහසක් වංචා සහගත ලෙස ලබාගත් බවට චෝදනා ලැබ වසර 02ක් සැඟව සිටි කාන්තාවක් හා ඇයගේ සැමියා කොළඹ අපරාධ වමර්ශණ ඒකකය මගින් වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත…
ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබී තිබූ බුද්ධි තොරතුරක් අනුව අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ අදාළ යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදී වන අතර…
නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර ජනතා හිතවාදී සෞඛ්‍ය සේවාවක් රට තුළ බිහි කිරීමේ සහ ආර්ථීකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තියට ජපාන රජය ප්‍රශංසාව පල කර ඇත. ඒ, ජපාන තානාපති අකියෝ ඉසොමාටා ඊයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හමුවූ අවස්ථාවේදී බව වර්තා වේ. මෙරට සෞඛ්‍ය සේවාව තුල ජපාන ආධර යටතේ දියත්…
පසුගිය රජයන්ට අයත් සුඛෝපභෝගී අමාත්‍ය නිවාස 31 සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර පිළිබඳ අවසන් තීරණයක් ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ජනාධිපති ලේකම්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. මෙම නිවාසවල සම්බන්ධයෙන් රජයේ ආයතන කිහිපයක් දැඩි උනන්දුවක් දක්වා ඇති අතර, ඔවුන් වසර ගණනාවක් පෞද්ගලික ගොඩනැගිලිවල කුලියට සිටීම නිසා මෙම නිවාස සාධාරණ කුලී පදනමක් මත ලබා දෙන ලෙස…
2019 වසරේ කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. අදාළ චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව වාර්තා…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබේ. එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන අතර පුද්ගලයින් 276,550 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර පවුල් 5,305කට අයත් පුද්ගලයින් 16,553 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත්…











