Category Archives: Local

කටුනායක ගුවන්තොටුපොළේදී මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

හොංකොං සිට බැංකොක් හරහා පැමිණි 38 හැවිරිදි කාන්තාවක් මත්ද්‍රව්‍ය සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කාන්තාව ශ්‍රී ලංකාරේගුව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබේ. Views: 177

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග.…..…….

ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. Views: 164

ගනේ මුල්ල සංජීව ඝාතනය: තවත් සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් භාරයේ .…..…….

ගනේ මුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (2025/02/23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණුවල මහතා හමුවේ ඉදිරිපත් කළේය. ඝාතනය සිදුකළ වෙඩික්කරු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ගිනිඅවිය සැපයූ බවට සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළාය. අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කළ…

පළමු ශ්‍රේණියට ඇතුළත් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් .…..……

ලබන වසරේ සිට පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිසංස්කරණයට ලක් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මේ බව අනුරාධපුරයේ පැවති විශේෂ හමුවක් අමතමින් සඳහන් කළාය. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” මැයෙන් අනුරාධපුර ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවති ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සුහද හමුව ආගන්තුක ප්‍රධානී ලෙස ඇයගේ…

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ අනුව විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී තනතුරේ රාජකාරි ඉටු කිරීමට නි. පොලිස්පති ඩී.ජී.එස් ද සිල්වා පත් කර ඇති බවද වාර්තා වේ. ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්…

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ …..…….

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් අදාළ ප්‍රතිඵල ලබාගත හැකිය ප්‍රතිඵල ලබා ගැනීමට පිවිසෙන්න : ප්‍රතිඵල බැලීමට ක්ලික් කරන්න Views: 225

හොරණ නගරයේ ආරවුල් පාලනයට විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය යොදවයි …..……

අද (23) හදිසියේම හොරණ බස් නැවතුම්පොළ වෙත විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය කැඳවා ඇති අතර හොරණ නගරයේ පිහිටි පාසල් දරුවන් දින කිහිපයක සිට ආරවුල් ඇති කරගැනීම හේතුවෙන් එය පාලනය කිරීම සදහා මෙසේ විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය යොදවා ඇති බවද වාර්තා වේ. නිල ඇඳුමින් පාසල නිමවී නගරයට පැමිණෙන සිසුන් නගරය තුලදී පාට ඇඳුමින් සැරසී අනෙක්…

පොල් ආනයනයට රජය තීරණයක් ගෙන නෑ …..……

ඊයේ (22) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මෙරටට පොල් ගෙන්වීමට කිසිම තීරණයක් ගෙන නොමැති බවයි. තවද, ̋රටේ පොල් නැති නිසා මෙරට පොල් අපනයන කරුවන්ට ඔවුන්ගේ අපනයන කටයුතු කරගන්න බැරිවෙලා. ඒ නිසා ඔවුන්ගේ අපනයන ක්‍රියාවලිය සඳහා තාවකාලිකව පොල් කිරි, පොල් මද සහ පොල්තෙල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනෙන්න කියා ඉල්ලීමක්…

අනවසර මැණික් පතල් කැණීමක් වැටලීමේදී පුද්ගලයින් 20ක් අත්අඩංගුවට …..…….

ජනවාරි (18) දින කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් අනවසර පතල් කැණීමක් වැටලීම සිදුකර ඇත. වසර ගණනාවක් පුරා රත්නපුර පහළ එරබැද්ද වේ ගගෙහි එකට ගැටුම නම් ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දීර්ඝ කාලයක් පුරාවට මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් කණ්ඩායම් ගණනාවක් විසින් මෙය සිදු කර ඇති බවද වාර්තා වේ….

විදේශිකයින්ට අධික මිලට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණූ සැකකරුවෙක් මහනුවරදී අත්අඩංගුවට …..…….

ඊයේ (22) සවස මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේදී විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔහු සතුව තිබී ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට…