වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු පහරදීම නිසා මාස 3කට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවියක මියගොස් ඇත. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි අදාළ ගුරුවරියන් දෙදෙනා යලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කර ඇත්තේ, හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම…
Category Archives: Local
2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 01. බිමල් රත්නායක ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 02. ආචාර්ය අනුර කරුණාතිලක කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික 03. මහාචාර්ය උපාලි පන්නිලගේ රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස…
ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අදාළ පක්ෂ වෙත දැනුම්දී ඇත. එම පක්ෂ ලේකම්වරුන් වෙත අදාළ දැනුම්දීම ඊයේ සිදු කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන ලදී. මැතිවරණ ප්‍රතිඵල වලට අනුව ජාතික ජන බලවේගය, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 18ක් හිමි කර ගත් අතර එම අවසන් ලැයිස්තුව අද…
පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් සිදුව ඇති බව වාර්තා වන අතර ඊයේ දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් හත් ලක්ෂ පනස්දහස් තුන්සිය අසූවක් ලෙසයි. ඒ අනුව කැරට් 24 19ක මිල රුපියල් 26,470ක් ලෙස සඳහන්ව තිබුණි. කැරට් 22 සහ 21 ග්‍රෑම් 19ක මිල පිළිවෙළින් රුපියල් 24,270 ක් සහ රුපියල් 23,…
මැතිවරණය සහ සති අන්ත නිවාඩුව අවසන් කර රැකියා ස්ථාන වෙත පැමිණෙන ජනතාව සදහා විශේෂ දුම්රිය ගමන් වාර 07ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව දක්වා සහ බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කර ඇති බව තවදුරටත්…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිතව ඇත. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. පසුගිය කාලසීමාව තුළ මතුවූ ගැටලු මුල් කරගනිමින් විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතුද ශක්තිමත් කර අති බව වාර්තා වේ. මෙවර…
ශ්‍රි ලංකා සහ නවසීලන්තය අතර දෙවන එක්දින තරගය අද (17) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා. තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර අවසන් එක්දින තරගය ද අනිද්දා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දීම පැවැත්වෙනු ඇති. තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලියේ දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයේ ජයග්‍රහණය හිමි වූයේ ශ්‍රි ලංකා කණ්ඩායමටයි. Views: 147
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර…
රුපියල් මිලියන එක්ලක්ෂ 45,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 20 වන දා සිදු කිරීමට නියමිතයි. මහ බැංකුව නිවේදනය කළේ, දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක් වටිනා බිල්පත් මෙහිදී වෙන්දේසි කරන බවයි. එමෙන්ම, දින 364 කින් කල් පිරෙන…











