Category Archives: Local

ඉරානජාතකයින් 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්…..

WhatsApp Image 2024 11 28 at 16.30.10

2019 වසරේ කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. අදාළ චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව වාර්තා…

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම්……..

WhatsApp Image 2024 11 28 at 15.46.05

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබේ. එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන අතර පුද්ගලයින් 276,550 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර පවුල් 5,305කට අයත් පුද්ගලයින් 16,553 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත්…

අග්‍රාමාත්‍යවරිය හා විදෙස් තානාපතිවරුන් අතර හමුවක්….

WhatsApp Image 2024 11 27 at 19.50.35

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත් විය. මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා සිදුකර ඇති අතර ඊජිප්තුවේ තානාපති, Adel Ibrahim, ඉරානයේ තානාපති, ආචාර්ය Alireza Delkhosh, ජපානයේ තානාපති, ISOMATA Akio, සහ වතිකානුවේ තානාපති (Apostolic Nuncio) වන අතිඋතුම් රදගුරු…

විදුලි බිඳ වැටීම් දැනුම් දීමට නව ඇප් එකක්…….

app web

විදුලි බිඳවැටීම් පිළිබඳව තොරතුරු ලබා දීමට Lanka Electricity Board (CEB) ඩිජිටල් මාර්ග භාවිතා කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයි. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන ආකාරයට, පාරිභෝගිකයන්ට CEBcare ජංගම යෙදුම, cebcare.ceb.lk වෙබ් අඩවිය, 1987 කෙටි පණිවිඩ සේවාව සහ ස්වයං සේවා IVR පද්ධතිය ඔස්සේ තොරතුරු ලබාගත හැක. අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි සම්බන්ධතා බිඳවැටීම් වැඩිවී ඇති බවත්, පාරිභෝගිකයන්ට කඩිනම්…

අයහපත් කාලගුණ තත්ත්වය මත කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි…..

train web 1

පවතින අධික වැසි තත්ත්වය මත කොළඹ කොටුව සිට බදුල්ල බලා අද (27) ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇති බව වාර්තාවේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම පස්කඳු කඩා වැටීම් ද සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. Views: 173

උසස් පෙළ විභාග දිනයන් සංශෝධනය වෙයි…..

usas web

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ නොවැම්බර් 27, 28 සහ 29 දින සඳහා නියමිතව තිබූ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර නැවත නව කාලසටහනකට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. ඒ අනුව නව විභාග දිනයන් ලෙස දෙසැම්බර් 21, 22, සහ 23 යන දිනයන් නම් කර ඇත. Views: 178

නීතිඥ සුනිල් වටගල මහතා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනියි….

watagala web

නීතිඥ සුනිල් වටගල මහතා අද දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් අතර තවදුරටත් දේශපාලන මැදිහත්වීමකින් තොරව කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට මේ රජයෙ යටතේ පූර්ණ අවකාශ ලැබී තිබෙන හෙයින් තමන්ගේ උපරිම ශක්තියෙන් මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මැඩ පැවැත්වීමට කටයුතු කරන මෙන් සියලුම පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලදී. එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය…

අද උදෑසන වටවලදී පෞද්ගලික හා ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි…..

watawala web

අද (25) උදෑසන වටවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකට ගැටී අනතුරකට ලක්ව තිබේ. හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ කොළඹ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වන අතරින් මෙම අනතුරින් සිව් දෙනකු තුවාල ලබා ඇති බවද තවදුරටත් වාර්තාවේ. Views:…

ජනාධිපති අනුරගේ 56 වන ඡන්ම දිනය අදයි….

WhatsApp Image 2024 11 24 at 12.13.11

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජන්ම දිනය අදට (24) යෙදී තිබේ. 1968 නොවැම්බර් 24 දින උපත ලැබූ ඔහු මේ වන විට 56 වන වියෙහි පසුවෙයි. අධ්‍යාපන ගමනේදී, තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් ආරම්භ කළ අනුර කුමාර දිසානායක මහතා, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය හරහා අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා විද්‍යා-ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබා ගත්තේය….

ලෝක කැරම් ශූරතා තරගාවලියට ගිය ක්‍රීඩක ක්‍රිඩිකාවන් දිවයිනට…..

WhatsApp Image 2024 11 24 at 11.59.33

ඇමෙරිකාවේ පැවති 06 වන ලෝක කැරම් ශූරතා තරගාවලියේ දී , අනුශූරතාව දිනා ගෙන රිදී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කැරම් පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඊයේ (23) දින රාත්‍රීයේදී දිවයිනට පැමිණ තිබෙනවා. මෙම තරගාවලිය ඇමෙරිකාවේ සෙන්ට් ප්‍රැන්සිස්කෝ ප්‍රාන්තයේ කැලිෆෝනියාවේ දී පසුගිය 10 වනදා සිට 18 වනදා දින දක්වා ලෝකයේ රටවල් 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා…