අද (25) උදෑසන වටවල ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකට ගැටී අනතුරකට ලක්ව තිබේ. හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ කොළඹ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වන අතරින් මෙම අනතුරින් සිව් දෙනකු තුවාල ලබා ඇති බවද තවදුරටත් වාර්තාවේ. Views:…
Category Archives: Local
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජන්ම දිනය අදට (24) යෙදී තිබේ. 1968 නොවැම්බර් 24 දින උපත ලැබූ ඔහු මේ වන විට 56 වන වියෙහි පසුවෙයි. අධ්යාපන ගමනේදී, තඹුත්තේගම ප්රාථමික විද්යාලයෙන් ආරම්භ කළ අනුර කුමාර දිසානායක මහතා, තඹුත්තේගම මධ්ය මහා විද්යාලය හරහා අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා විද්යා-ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්යාල අධ්යාපනයට සුදුසුකම් ලබා ගත්තේය….
ඇමෙරිකාවේ පැවති 06 වන ලෝක කැරම් ශූරතා තරගාවලියේ දී , අනුශූරතාව දිනා ගෙන රිදී පදක්කම් දිනා ගත් ශ්රී ලංකා කැරම් පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඊයේ (23) දින රාත්රීයේදී දිවයිනට පැමිණ තිබෙනවා. මෙම තරගාවලිය ඇමෙරිකාවේ සෙන්ට් ප්රැන්සිස්කෝ ප්රාන්තයේ කැලිෆෝනියාවේ දී පසුගිය 10 වනදා සිට 18 වනදා දින දක්වා ලෝකයේ රටවල් 18 ක ක්රීඩක ක්රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා…
2024 අ.පො.ස උසස් පෙළ විභාගය හෙට (25) සිට ආරම්භ කිරීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. උසස් පෙළ විභාගය මධ්යස්ථාන 2,312 කදී සියල්ල සූදානම් කර තිබෙනවා. විභාගය ලබන මස 20 දා දක්වා පැවැත්වෙන අතර මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්යාව, 333,183ක්. ඒ අතරට පාසල් අයදුම්කරුවන්, 253,390ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්….
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්රිතව මේවන විට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇත. එය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 25දින වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.මෙම පද්ධතියේ බලපෑම…
ඔක්තෝබර් මාසයේ දී ශ්රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබෙන බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව ප්රකාශ කර ඇත. පසුගිය සැප්තැම්බර් මාසයේ දී සියයට ඍන 02ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී සියයට සෘන 0.7 දක්වා පහළ ගොස් තිබෙන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දී ඇත. ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව…
මෙවර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්රික්කයෙන් මනාප 125,700 ක් ලබාගනිමින් පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් නීතීඥ සුනිල් වටගල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය ලෙස අද (21) දිවුරුම් දෙනු ලැබීය. Views: 225
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්ය අමාත්යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව පත් වූ නව රජයේ නියෝජ්ය අමාත්යවරු, 01. මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය 02. නාමල් කරුණාරත්න මහතා – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්ය අමාත්ය 03. වසන්ත පියතිස්ස…
මන්නාරම පට්ටිතෝට්ටම් ප්රදේශයේ තරුණ කාන්තාවක් සිය පළමු දරුවා බිහිකිරීම පිණිස රෝහල් ගතවී ඇති අතර ඇය නියමිත පරිදි මන්නාරම රෝහලේම වෛද්ය සායන සියල්ලටම සහභාගී වී තිබේ. දරුවා බිහිකිරීමට යෑමේදී ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවී ඇති අතර එහිදී සිසේරියන් සැත්කමකින් දරුවා ලබාගත යුතු බවට ඥාතීන් කළ ඉල්ලීමට අවනත නොවූ රෝහලේ වෛද්යවරුන් හා හෙදියන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය…
අධික වර්ෂාවත් සමග තෙල්දෙණිය මැදදුම්බර මොරග හමුල ප්රදේශයේ නිවසක් මතට කඩා වැටුණු පස් කන්දකට යට වී 16 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇත. ඊයේ (20) අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බව තෙල්දෙණිය පොලිසිය පවසයි. මිය ගොස් ඇත්තේ ඩබ්ලිව්.ඒ. ගයාන් නමැති සිසුවෙකි. පස් කන්දට පහළින් වූ කාමරයක මෙම සිසුවා නිදා සිට ඇත. ඊට යාබදව…











