උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සදහන් කරයි. මධ්‍යම, ඌව,සබරගමුව,සහ දකුණු පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත්ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…
Category Archives: Local
බිරිඳට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකුට සැමියා විසින් අද (12) අළුයම් කාලයේදී උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කරයි. අනුරාධපුර විජය පුර 09 ඇළ මාර්ගය ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන අතර මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වන මීගමුව, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි සිටි අයෙකි. තවද…
2024.11.11 වන දින දහවල් කාලයේදී පූජාපිටිය පොලිස් වසමේ පිඟාඔය රක්ෂිතයේ පිඟාඔයේ මදුරු බැම්ම ස්ථානයේ කාන්තාවක් මියගොස් ඇති බවට පූජාපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත. මරණකාරිය වයස අවුරුදු 82 ක් වූ කළුවාන, අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියකි. මරණකාරිය 2024.11.08 වන දින සිට අතුරුදහන්ව ඇති බවට සැමියා විසින් පැමිණිල්ලක් ද සිදුකර ඇත. මෘත ශරීරය සම්බන්ධ…
මෙරට 10 වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීම වෙනුවෙන් අනිද්දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට අවසන් විය. ඒ අනුව, ප්‍රචාරණ කටයුතු අවසන් වීමට පෙර මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂ සිය අවසන් ප්‍රචාරක රැස්වීම් ඊයේ රාත්‍රියේ පවත්වනු ලැබූ අතර මේ වන විට මැතිවරණයේ නිහඬ කාලය ආරම්භ වී ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයේ…
රාජගිරිය මැදවැලිකඩ මාර්ගයේ නිවසක පවත්වාගෙන යන තාවකාලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ. ගින්න පාලනය සඳහා මේ වනවිට කෝට්ටේ ගිනිනිවන ඒකකයේ රථ 4ක් යොදවා ඇතැයි වාර්තා වේ. Views: 166
දුම්රියේ ගමන් ගත් තරුණියක් අද (12) උදෑසන හපුතලේ දුම්රිය ස්ථානයේ දී ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි හපුතලේ පොලීසිය පවසයි. කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් කරමින් තිබු අංක 1045 දරණ රාත්‍රි තැපැල් දුම්රියේ සිට එලෙස අනතුරට ලක්ව ඇත්තේ, අරලිය උයන මාවඩවිල, රත්ගම ලිපිනයේ පදිංචි 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක බව පොලීසිය පවසයි. ඇල්ල ප්‍රදේශයේ සංචාරයක්…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට වාර්තා වේ. මේ හේතුවෙන් එම වෙබ් අඩවියට පිවිසීම අවහිර වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය සදහන් කළේ ය. කඩිනමින් එය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ ප්‍රකාශ කළේ ය….
මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අද (12) දිනයේ සිට පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසන අතර ඒ සඳහා දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට කටයුතු කරන බවද තවදුරටත් පවසයි. “මුළු ඡන්ද කොට්ඨාස 13,314 සඳහා ඡන්ද මධ්‍යස්ථාන…
සංචාරක වීසා මත මෙරටට පැමිණි වෙළඳාම් කරමින් සිටි විදේශිකයින් දෙදෙනෙකු ඊයේ (12) පස්වරුවේ මහනුවර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 47 හා 48 වයස්වල පසුවන චීන ජාතිකයන් වනවා. සිද්ධීය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. Views:…
කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (12) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් දැනට තාවකාලිකව නවතා තිබූ තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය මෙලෙස ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවයි. ඒ අනුව හෙට සිට කොළඹ සහ තලේමන්නාරම අතර පහත පරිදි…











