Category Archives: Local

අග්‍රාමාත්‍යවරිය ධූරයේ වැඩ භාර ගනියි….

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 වන අග්‍රාමාත්‍යවරිය ලෙස මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (18) සිය ධුරයේ වැඩ භාරගන්නා ලදී. එමෙන්ම ඊයේ (18 ) නව රජයේ 21 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීමද සිදුවිය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වාර්තාගත මනාප ඡන්ද සංඛ්‍යාවක් සහිතව කොළඹ…

ජනාධිපති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට….

ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන දෙසැම්බර් මැද නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යෑමට සූදානම් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා ඇත. අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අනුර කුමාර දිසානායක අතර හමුවක් පැවැත්වීමටද නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා…

වෙනස්කම් කිහිපයක් සමඟින් ශ්‍රී ලංකාව අද තරග බිමට….

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහය ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද (19) පැවැත්වේ. පළමු තරග දෙක ජයගෙන තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග සඳහා එක්වන්නේ වෙනස්කම් කිහිපයක් ද සමඟිනි. ඒ, අනුව දෙවන තරග සඳහා ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු…

බසයෙන් වැටී කොන්දොස්තර මරුට….

ඊයේ (18) අළුයම ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක පාපුවරුවෙන් ඇද වැටුණු පුද්ගලයන් දෙදෙනකු අතුරින් එක්අයකු මියගොස් ඇති බව තලංගම පොලිසිය වාර්තා කර ඇති අතර එසේ මියගොස් ඇත්තේ එම බස් රථයේ කොන්දොස්තරවරයා බව තවදුරටත් වාර්තා වේ. පානදුර ඩිපෝවට අයත් බස් රථය පානදුර සිට මහනුවර දක්වා කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය කර ඇති අතර කොස්වත්ත මංසන්ධිය…

මුදල් ප්‍රවාහනය ආයතනයේ රියදුරු මුදල් සමඟ පලායයි….

මිනුවන්ගොඩ නගරයේදී මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලබන ආයතනයක රියදුරෙකු වශයෙන් සේවය කළ පුද්ගලයෙකු ඊයේ (18) එම රථයේ තිබූ මුදල් සමග ඔහු ගමන් ගත් වෑන් රථයද රැගෙන පළාගොස් ඇති බව වාර්තා වේ. එහි තිබූ මුදල්වල වටිනාකම රුපියල් මිලියන 75ක් පමණ වෙන බවත් ආරක්ෂිත නිලධාරීන් රථයෙන් බැසගොස් ඇති අවස්ථාවක රියැදුරු මුදල් සමග වෑන් රථයෙන් පළා ගොස් ඇති…

වීසා නොමැතිව සිටි විදේශිකයන් 8 දෙනෙක් අත්අඩංගුවට….

ඊයේ (18) පස්වරුවේ ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් සිටි විදේශිකයන් 08 දෙනෙක් කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක වීසා නොමැතිව පිරිසක් රැඳි සිටින බවට 119 තොරතුරු මධ්‍යස්ථානයේ ලද පණිවිඩයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන…

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ…….

මෙම සංචිතය සඳහා වේග පන්දු යවන්නන් පස්දෙනෙක් ඇතුළත්ව ඇති අතර, දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් ඇතුළත් වන බව සදහන් වේ. ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චදිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙනිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු කුමාර…

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වේ…….

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල…

උසස් පෙළ පන්ති හෙට සිට තහනම්…….

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙම තහනම උසස් පෙළ විභාගය අවසන් වනතුරු ක්‍රියාත්මක වේ. ඒ අනුව, එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී. මෙවර…

වාහනයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට….

මස්කෙළිය ප්‍රදේශයේ පසුගිය 09 වනදා දින රුපියල් ලක්ෂ 83කට ආසන්න වටිනාකමින් යුක් වෑන් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හැටන් පොලිසිය සිදු කළ විමර්ශනයට අදාළ අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ. හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පසුගිය 16 වනදා දින කහවත්ත පොලිස් වසමේ ඕපෙවත්ත ප්‍රදේශයේදී මෙම සොරකම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර…