Category Archives: Local

ව්‍යාජ ඩොලර් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට….

dillar web

සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් හොර නෝට්ටු තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. වැලිගම, මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු මෙසේ ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28ක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවයි මාතර අපරාධ කොට්ඨාසය පවසයි. මාතර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇති අතර සැකකරු පවසා ඇත්තේ විදේශීකයන් සමග මුදල්…

RICS සාමාජිකත්වය ප්‍රතික්ෂේප වූ බවට පළවූ වාර්තා අසත්‍යයයි…..

brics web 1

BRICS සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව විසින්ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තාවන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඔක්තෝබර් 07 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදි ශ්‍රී ලංකාව BRICS සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළ බවයි….

කොළඹ මැද මාරක අපලය ක්‍රිෂ්…….

krish web

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අනාරක්ෂිත භාවය සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන බව කොටුව පොලිසිය පවසයි. කොළඹ – කොටුව ප්‍රදේශයේ පිහිටි මහල් 55කින් සමන්විත ක්‍රිෂ් චතුරස්‍ර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් නොකර එය අත්හැර දමා ඇත්තේ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කරමින් බව පැවසේ. ඊයේ දිනයේදී එම ගොඩනැගිල්ලේ යකඩ ආවරණ කොටසක් කඩා…

දිස්ත්‍රික්ක තුනකට තවදුරටත් නායයෑමේ අවදානම් නිකුත් කෙරේ…..

naya web 1

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක තුනකට තවදුරටත් නායයෑමේ අවදානම් බලාත්මක කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය සදහන් කළේ බදුල්ල, නුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවධානම ක්‍රියාත්මක කර ඇති බවයි. මේ අතර අද රාත්‍රී කාලයේදීත් මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලට වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත….

උතුරේ පවරාගෙන ඇති ඉඩම් නැවත මහජනතාවට ලබාදෙන බව ජනාධිපති පවසයි…..

anura web 2 1

ඊයේ (10) පැවැති ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ විවිධ ආරක්ෂක හේතූන් මත උතුරේ ජනතාවගෙන් පවරාගෙන ඇති ඉඩම් යළි ඔවුන්ට ලබා දීමට කටයුතු කරන බවයි මේ අතර එතුමා වැඩිදුරටත් කියා සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් මත දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ද පියවර ගන්නා බවයි. මෙසේ අදහස් දැක්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්, ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින්…

ශ්‍රී ලංකා – නවසීලන්ත 20-20 තරගාවලිය එකට එකක් ලෙස සමවෙයි…..

cricket web 2

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු තරග 02කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ලකුණු 5කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි……

rain5 web

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට – ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය…

gold web 1

කැස්බෑව පොලිස් වසමේ දී නිවසකට ඇතුළු වූ පුද්ගලයන් තිදෙනෙකු රුපියල් ලක්ෂ 24 කට අධික මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධව කැස්බෑව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකාරියක් සහ සොරබඩු බැහැර කරන ලද සැකකාරියක් 2024.11.09 වන දින දහවල් කාලයේදී විවිධ බරින් යුත්…

අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට…….

ambalangoda web

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කළ බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇති බවයි. එම වෙඩි තැබීම සඳහා T56 ගිනි අවියක් භාවිතා කර ඇති බවත් ඔහු සඳහන් කළේය. Views: 144

අලුතෙන් පාස්පෝර්ට් ගන්නෙ මෙහෙමයි …….

new passport

විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ නව ක්‍රමවේදය – 2024.11.06 සිට ක්‍රියාත්මක වේ 2024.11.06 දින සිට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් පහසුවෙන් අයදුම් කිරීමට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරේ. ප්‍රධාන පියවර සහ ප්‍රශ්නවලට පිළිතුරු: 1. පූර්ව ලියාපදිංචිය – අයදුම්කරුවන්ට 2024.11.06 සිට www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර ලියාපදිංචි වීම අනිවාර්ය වේ. 2024.12.04 සිට…