Category Archives: Local

දුම්රිය ගමන් වාර 10ක් අවලංගුයි….

දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් නොමැති වීම හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම, තවත් දුම්රිය ගමන්වාර 22ක් ධාවනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කළේ. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දුම්රිය රියදුරු සහ නියාමකවරුන් බදවා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් දුම්රිය ගමන්වාර…

පාර්ලිමේන්තු මැතිවරණය ඇරඹේ….

ශ්‍රී ලංකාවේ දස වැනි (10) පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, මහ මැතිවරණ ඡන්ද විමසීම අද දින (14) උදෑසන 7ට ආරම්භ වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර196 ක් සඳහා අපේක්ෂකයින් 8361 දෙනෙකු මෙවර මහා මැතිවරණයට තරග කරනු ලබන අතර ඉතිරි ආසන 29 තෝරා පත් කර ගැනෙන්නේ ජාතික ලැයිස්තුව මගිනි. 2024 මහ මැතිවරණය සඳහා නව ඡන්දදායකයන් ලක්ෂ…

ආරුගම්බේ සංචාරක සීමාවන් ඉවතට….

පසුගිය ඔක්තෝබර් 23 වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් තම පුරවැසියන් සදහා සංචාරක සීමාවන් පනවනු ලැබුවේ එම ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවෙතැයි ලැබුණු බුද්ධි වාර්තා පදනම් කරගනිමිනි. නමුත් එම සීමාවන් දැන් ඉවත්කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා වූ සිය සංචාරක උපදේශනයන් යාවත්කාලීන කරන බවද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි. ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන…

29 හැවිරිදි තරුණයකු 11 වැනි මහලෙන් වැටී මිය යයි……

තම කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මිය යාමෙන් පසුව කම්පනයෙන් පසු වූ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (13) අවාසනාවන්ත ලෙස 11 වන මහලෙන් වැටී මියගොස් තිබෙන බව මිහිජය සෙවණ පොලිසිය පවසයි. ඔහුගේ බිරිඳ පසුගිය 12 වන දින කුළුදුල් දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත කර ඇති අතර, දරු ප්‍රසූතියේදී කුළුඳුල් බිළිඳා…

ධීවරයන් ඇල්ලුවාට තමිල්නාඩුවේ විරෝධය …..

නොවැම්බර් මස අවස්ථා දෙකකදී තමිල්නාඩු ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ගේ මහතා දැනුවත් කර ඇත. ඒ අනුව ලිපියක් යොමු කරමින් මහ ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ මේ පිලිබදව කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි. මේ හේතුවෙන් තම ධීවරයින්ගේ ජීවනෝපාය…

අකුණු පහරින් මැදවච්චියේදී අයෙක් මරුට…

ඊයේ සවස් කාළයේදී වර්ශාවත් සමග ඇතිවූ අකුණු තත්වය හේතුවෙන් මැදවච්චිය ප්‍රදේශයේ සී සෑමේ යෙදී සිටි අයෙක් ජීවිතක්ශයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය, කුලික්කඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව වාර්තා වනවා . Views: 170

උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින්….

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 07ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. ඒ අනුව කුවේට්, ජපාන හා කටාර් තානාපති…

පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට…..

නවසීලන්ත හා ශ්‍රී ලංකාව අතර (13) පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 46ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී තරගය නතර කරන විට පන්දුවාර 49යි පන්දු 2 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 324ක් රැස්…

අද ඓතිහාසික මැතිවරණ දිනයක්…. රෝහණ විජේවීර ඝාතනය වී හරියටම අවුරුදු තිස්පහයි.

1989 නොවැම්බර් මස 13 වන දින සිට අද දිනට හරියටම වසර 35 කි. ඒ අවියේ බලයෙන් යටපත් කෙරුනු ලෙයින් මහපොලොව තෙමා අනාගතය හප කර දැමූ, ලාම්පු කලගෙඩි වලින් සුජාත භූමියෙ දරුවන්ගේ මහජන කැමැත්ත තමන්ට රිසිසේ උදුරාගත් අදුරු පිශාචයින් පලවා දමා දේශයේ නාමයෙන් දිවි පිදූ ඔබේත් මගේත් පොදු ජනතාවට යුක්තිය ඉටු කිරීමට දිනය පැමිණ ඇත… අදින්…

කාලගුණ වාර්තාව…..

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ…