Category Archives: Local

“දුන්හිඳ බස් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද සිදු කෙරේ…”

bus web

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගස්ඔය ප්‍රදේශයේ සිදු වූ බස් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03) සිදු කිරීමට නියමිතය. මෙම අවසන් කටයුතු ඔවුන්ගේ කුරුණෑගල සහ නිවිතිගල නිවෙස්වලදී සිදු වේ. අනතුරින් තුවාල ලැබූ තවත් අයෙකු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. එහි ප්‍රතිකාර ලබන සිසුන් සංඛ්‍යාව මේ වන…

නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල සැකකරුවන් හය දෙනෙකු (06) මන්නාරමේදී නාවික හමුදා භාරයට….

sea web

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පන්ඩරවේලි මුහුදු ප්‍රදේශයේ ඊයේ දින (2024 නොවැම්බර් 01) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් දෙසීය විසි හතක (227) පමණ තොගයක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාවට…

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු වර්ජනයක….

doctor web

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ එම රෝහලේ පිලිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් එම රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින්. කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට විසින් ඊයේ පස්වරුවේ ආරම්භ කර තිබෙනවා. වර්ජනය නියුතු වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ මෙම සිදුවීමට අදාළව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි . Views: 150

හිටපු ඇමති ලොහාන් බන්ධනාගාර රෝහලට….

lohan web 1

නීතිවීරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී පෙරේදා අත්අඩංගුවට ගත් මොහු මිරිහාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් හමුවට ඉදිරිපත් කර මේ මස…

දේශපාලන හිතවත්කම් මත දූත මණ්ඩල සේවය සඳහා ගිය සියලු දෙනා නැවත ලංකාවට කැඳවයි…..

gota web

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ලන්ඩනය, වොෂින්ටනය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අබුඩාවි වැනි රටවල විදේශීය දූත මණ්ඩල සේවාවන් සදහා දේශපාලන හිතවත්කම් මත තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ලෙස පත් කර යවන ලද දහසය දෙනෙකු යළි කැදවීමට විදේශ කටයුතු පිළිබද අමාත්‍යංශය තීරණය කර ඇත. එසේම මෙසේ පත්වීම් ලැබූ තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන්ට…

හිටපු මන්ත්‍රීවරයෙකුට අයත්යැයි සැකකෙරෙන තවත් සුඛෝපභෝගී ජීප් රථයක් කොට්ටාවෙන් සොයාගැනේ…

jeep web 1

කොට්ටාව – ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක දමා ගොස් තිබියදී සොයා ගෙන ඇති මෙම සුඛෝපභෝගී ජීප් රථය නුගේගොඩ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් බවට සැකකෙරෙන අතර මෙම ජීප් රථය සොය ගන්නා අවස්ථාවේ දී එහි ලියාපදිංචි අංක තහඩුව තිබී නොමැති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සදහා එය කොට්ටාව පොලිසියට භාර දී තිබෙනවා. Views: 147

දිවයිනේ බොහෝ ස්ථානවලට අදත් මි.මී. 100 ඉක්මවූ තද වැසි….

rain web1

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද…

ගෝලීය වෘත්තිකයන් සඳහා වන ශිෂ්‍යත්වයෙන් මෙම වසරේ ශ්‍රී ලංකාව ඉවතට…

sweden 2

ස්විඩන් ආයතනය විසින් ගෝලීය වශයෙන් ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අඩු හා මධ්‍යම ආදායම් සහිත රටවල දක්ෂ වෘත්තිකයන් වෙත අධ්‍යාපන වියදම්, ජීවන වියදම්, රක්ෂණ සහ ගමන් වියදම් ඇතුළු ප්‍රධාන වියදම් ආවරණය කරමින් ප්‍රධානය කරනු ලබන ප්‍රධාන ශිෂ්‍යත්වයක් වන “ගෝලීය වෘත්තිකයන් සඳහා වන ශිෂ්‍යත්වයට” මින් පෙර ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබුනද 2025 වසරේ එම ලැයිස්තුවෙන් ශ්‍රී…

ඉන්ධන මිල පහතට…….

fuel web 2

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉන්ධන මිල සංශෝධනය වනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහත බැස තිබෙනවා. එහි නව මිල වන්නේ ලීටරයක් රුපියල් 371ක් ලෙසයි. සුපර් ඩීසල් මිල ද රුපියල් 06කින් පහත වැටී තිබෙනවා. මේ අතර සිපෙට්කෝ මිලට සාපේක්ෂව සයිනොපෙක් ඉන්ධන…

ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීම්……

thunder web

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලවෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. මධ්‍යම,…