පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, පළාත් සභා මන්ත්රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධානවලට මෙන්ම, රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන් වෙත විවිධ කාලවකවානුවලදී නිකුත් කළ ගිනිඅවි නැවත භාරදෙන ලෙස කළ දැනුම්දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ඊයේ (12) පස්වරුවේ ආරක්ෂක අමාත්යාංශය විසින් මෙම නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්රීවරුන්ට, පළාත් සභා…
Category Archives: Local
හැටන් – කොළඹ ප්රධාන මාර්ගයේ ෂැනන් ප්රදේශයේ දී බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර ඇත. හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු කඩවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් හා ගිනිගත්තේන සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර…
10 වැනි පාර්ලිමේන්තුව තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු හෙට (14) ආරම්භ වීමට නියමිත අතර එදින පස්වරු 4.15ට ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති මහ මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මෙසේ ප්රකාශ කරන ලදී. ඡන්ද ප්රදේශවල ප්රතිඵලය හා…
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ සදහන් කරයි. මධ්යම, ඌව,සබරගමුව,සහ දකුණු පළාත්වලත්, කළුතර දිස්ත්රික්කයේත්ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම්…
බිරිඳට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකුට සැමියා විසින් අද (12) අළුයම් කාලයේදී උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කරයි. අනුරාධපුර විජය පුර 09 ඇළ මාර්ගය ප්රදේශයේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන අතර මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වන මීගමුව, කටුනේරිය ප්රදේශයේ පදිංචි සිටි අයෙකි. තවද…
2024.11.11 වන දින දහවල් කාලයේදී පූජාපිටිය පොලිස් වසමේ පිඟාඔය රක්ෂිතයේ පිඟාඔයේ මදුරු බැම්ම ස්ථානයේ කාන්තාවක් මියගොස් ඇති බවට පූජාපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත. මරණකාරිය වයස අවුරුදු 82 ක් වූ කළුවාන, අඹතැන්න ප්රදේශයේ පදිංචිකාරියකි. මරණකාරිය 2024.11.08 වන දින සිට අතුරුදහන්ව ඇති බවට සැමියා විසින් පැමිණිල්ලක් ද සිදුකර ඇත. මෘත ශරීරය සම්බන්ධ…
මෙරට 10 වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීම වෙනුවෙන් අනිද්දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ප්රචාරණ කටයුතු ඊයේ මධ්යම රාත්රී 12 ට අවසන් විය. ඒ අනුව, ප්රචාරණ කටයුතු අවසන් වීමට පෙර මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂ සිය අවසන් ප්රචාරක රැස්වීම් ඊයේ රාත්රියේ පවත්වනු ලැබූ අතර මේ වන විට මැතිවරණයේ නිහඬ කාලය ආරම්භ වී ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයේ…
රාජගිරිය මැදවැලිකඩ මාර්ගයේ නිවසක පවත්වාගෙන යන තාවකාලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ. ගින්න පාලනය සඳහා මේ වනවිට කෝට්ටේ ගිනිනිවන ඒකකයේ රථ 4ක් යොදවා ඇතැයි වාර්තා වේ. Views: 185
දුම්රියේ ගමන් ගත් තරුණියක් අද (12) උදෑසන හපුතලේ දුම්රිය ස්ථානයේ දී ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි හපුතලේ පොලීසිය පවසයි. කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් කරමින් තිබු අංක 1045 දරණ රාත්රි තැපැල් දුම්රියේ සිට එලෙස අනතුරට ලක්ව ඇත්තේ, අරලිය උයන මාවඩවිල, රත්ගම ලිපිනයේ පදිංචි 21 හැවිරිදි විශ්වවිද්යාල සිසුවියක බව පොලීසිය පවසයි. ඇල්ල ප්රදේශයේ සංචාරයක්…
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්රහාරයක් එල්ල වී ඇති බවට වාර්තා වේ. මේ හේතුවෙන් එම වෙබ් අඩවියට පිවිසීම අවහිර වී ඇති බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසඳය සදහන් කළේ ය. කඩිනමින් එය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව එහි ජ්යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ ප්රකාශ කළේ ය….











