මිරිහාන ප්‍රදේශයේ සිය බිරිඳගේ නිවසේ තිබී සොයාගත් සුදු පැහැති ලෙක්සස් වර්ගයේ මෝටර් රථයේ සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ ඔහු මහනුවර ප්‍රදේශයේ රැඳී සිටියදීය. Views: 157
Category Archives: Local
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය මෙවර සමස්ථ ලංකා පාසල් වයස අවුරුදු 16න් පහළ රග්බි තරගාවලියේ කුසලානය දිනා ගැනීමට සමත් විය. දින දෙකක් පුරා පල්ලෙකැලේදී පැවති මෙම තරගාවලියේ කුසලානය සදහා වූ අවසන් තරගයේ දී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමග තරග කලේ මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලයයි. එම තරගය 26- 0 ලෙස ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත් වූ…
මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමට අදාල සම්පූර්ණ නොකරන ලද වාහන ලියාපදිංචි කිරීමේ පොත් දොළහක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට එම කාර්යාලයේ සේවය කරන සේවකයන් ගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට අවසර ලබාදෙන ලෙස බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ…
බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් කානු පද්ධතිය සකස් කරමින් තිබියදී පානදුර නගරයේ ජනාකීර්ණ වීදියක් වන ජනප්‍රිය මාවතේ ශල්‍යාගාරයක්, රෙදි පිළි වෙළඳසැලක් ඇතුළු තවත් වෙළඳසැල් කිහිපයක් පිහිටා තිබූ දෙමහල් ගොඩනැගිලි කිහිපයක් හදිස්සියේ කඩා වැටී තිබේ. මේ අනතුර සිදුවන අවස්ථාවේ වෙළදසැල් දෙකක් විවෘතව තිබුණද කිසිදු කෙනෙකුට තුවාල සිදුවී නොමැති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ බැකෝ යන්ත්‍රය තුළින් ඇතිවූ දෙදරීම මීට බලපාන්නට…
ඊයේ (30) කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 7 ඉක්මවා, මේ වසරේ දෙවන ඉහළම පිරිවැටුම වාර්තා කළේ ය. දිනය අවසාන වන විට, සියලු කොටස් මිල දර්ශකය ඒකක 241.98කින් ඉහළ ගොස්, ඒකක 12,770.58ක් ලෙස සටහන්ව තිබුණි. එස්.ඇන්ඩ්.පී ටුවෙන්ටි දර්ශකයද ඒකක 8.59කින් ඉහළ ගොස්, ඒකක 3864.32ක් ලෙස ප්‍රකාශ විය. Views: 234
මේ දිනවල බිත්තර අතිරික්තයක් පවතින බවත් බිත්තර මිළෙහි පහත බැසීමක් සිදුවී ඇති බවත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා ඇති අතර බිත්තරයක තොග මිල රුපියල් 30ත් 31ත් අතර මිලට සහ ආර්ථික මධ්‍යස්ථානවල බිත්තරයක් රුපියල් 34 – 35 වැනි මිලකට පවතින බවද එතුමන් තවදුරටත් පවසා ඇති බව සදහන් වේ. Views: 180
හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපවාලි දිනය අදට (31) යෙදී තිබෙනවා. විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් අද(31) දීපවාලි දිනය සමරනවා. ලෝකවාසි හින්දු බැතිමතුන් පහන් දල්වා ආලෝක පූජා පවත්වා කෝවිල්වලට ගොස් ආගමික වතාවත්වල නිරතවීම දීපවාලි දිනයේ සිදු කරනු ලබනවා. විශේෂයෙන් අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් පහන් පූජා, අලෝක…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා නාවික හමුදා මූලස්ථානයේදී ඊයේ (30) වන දින වැඩ භාර ගන්නා ලදී. තවද එතුමා මින් පෙර අධ්‍යක්ෂ ජනරාල් පුහුණුකරු ලෙස සේවය කර ඇති බවද සදහන් වේ. මීට පෙර අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් ලෙස කටයුතු කල රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් මහතා විසින් රියර් අද්මිරාල් ලියනගමගේ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන…
2024 උසස් පෙළ විභාගය කල් දැමීමට නොමැති බව සහතික කරන අතර, අසත්‍ය පුවත් වලට හසු නොවන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විභාග අපේක්ෂකයන්ට දැඩි අවධානයෙන් ඉල්ලා සිටී. විභාග කාලසටහන, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ පමණක් බලාපොරොත්තු විය යුතුයැයි ඔහු අවධාරණය කළේ ය. මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා…











