Category Archives: Local

අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට…….

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කළ බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇති බවයි. එම වෙඩි තැබීම සඳහා T56 ගිනි අවියක් භාවිතා කර ඇති බවත් ඔහු සඳහන් කළේය. Views: 157

අලුතෙන් පාස්පෝර්ට් ගන්නෙ මෙහෙමයි …….

විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ නව ක්‍රමවේදය – 2024.11.06 සිට ක්‍රියාත්මක වේ 2024.11.06 දින සිට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් පහසුවෙන් අයදුම් කිරීමට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරේ. ප්‍රධාන පියවර සහ ප්‍රශ්නවලට පිළිතුරු: 1. පූර්ව ලියාපදිංචිය – අයදුම්කරුවන්ට 2024.11.06 සිට www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර ලියාපදිංචි වීම අනිවාර්ය වේ. 2024.12.04 සිට…

අනුර ආස වුණාට මං කොටුවේ බෝඩ් අල්ලන් ඉන්නේ නෑ…

නොවැම්බර් 14 වැනිදාට පසු තමා කොටුව දුම්රියපොළ අසලට ගිහින් බෝඩ් එකක් අල්ලාගෙන සිටිනවා දකින්නට කැමති බව අනුර ජනාධිපතිවරයා පවසා තිබු නමුත් ඔහු වගේ බෝඩ් අල්ලන්න බලාපොරොත්තුවක් නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයින් වෙනුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති හමුවකට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාගේ…

IMF නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතිය අගදී දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් එළඹෙන සතිය අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔවුන්ගේ සංචාරයේ අරමුණ වන්නේ මෙරටට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ සිදුකරන තෙවන සමාලෝචනය පිළිබඳව සාකච්ඡා කිරීමයි. මුදල් අමාත්‍යාංශය පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මේ අරමුණ සඳහා දිවයිනට පැමිණෙන බවයි Views: 173

ඔන්ලයින් මූල්‍ය වංචාවකට මෙරට 58 දෙනෙකු CID අත්අඩංගුවට….

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිරුළපන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක රැදී සිටිය දී අද (09) අලුයම මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා. Views: 162

කාලගුණ වාර්තාව…….

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි…

අකුරණට ගංවතුර….

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (8) පස්වරුවේ ආරම්භ වූ අධික වර්ෂාව හේතුවෙන්, මහනුවර-යාපනය (A9) මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටවී තිබේ. අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ වහගල ඔය අධික වර්ෂාව නිසා පිටාර ගැලීමෙන්, අකුරණ නගරයේ ප්‍රධාන මාර්ග සහ හතේ කණුව, කුඩුගල ඇතුළු ප්‍රදේශ ජලයෙන් යටවී තිබිණි. නගරය ජලයෙන් යටවීම හේතුවෙන්, මහනුවර-යාපනය A9 මාර්ගයේ…

විදේශ ගමන් බලපත් නිකුත් කිරීම ප්‍රමාද වීමට හේතු මෙන්න…….

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන් විසින් නිකුත් කරන සහ නිකුත් කර ඇති ඇතැම් ප්‍රකාශ පරස්පර විරෝධී හා සත්‍ය නොවන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ සම්බන්ධව දැනුම්වත් කිරීම සඳහා එම සංගමය විසින් මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙනවා. 2024 නොවැම්බර් මස 07 දින. ප්‍රවෘත්ති කර්තෘ / අධ්‍යක්ෂ මාධ්‍ය නිවේදනය…

හදිසියේම කෝටිපතියන් වූ සංගීත කණ්ඩායමක තිදෙනෙක් අත්අඩංගුවට….

හදිසියේම කෝටිපතියන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩායමක තුන් දෙනෙකු යාපනයේ කෝපායී පොලීසිය විසින් ඊයේ (07) දා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය වසරේදී ගායික ගායිකාවන් තුන් දෙනෙකු එකතු වී සංගීත කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණුම් වලට රුපියල් කෝටි ගණනින් මුදල් බැර වන බව වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.ඇති බවයි…

පිරමීඩ වංචාවක් සිදුකර රටින් පළා ගොස් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට….

කුරුණෑගල ප්‍රදේශයේ පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කකරුවන්ගෙන් රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර, රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ අද අලු‍යම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 52 හැවිරිදි සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර පළා ගොස් තිබූ අතර මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මෙරටට…