Category Archives: Local

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට සිර දඬුවම්….

අම්පාර ප්‍රදේශයේ පදිංචි ජී. පුංචිනෝනා නැමැති කාන්තාවකට රැකියාවක් ලබා දෙන බවට පවසමින් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට හට කොළඹ මහාධිකරණය විසින් නියම කළ බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවම අද (05) අභියාචනාධිකරණය විසින් තහවුරු කරන ලදී. ශාන්ත ප්‍රේමරත්න මහතා විසින් තමන් නිදොස් කරන ලෙස ඉදිරිපත්…

දෙහිවල ඇල මාර්ගයක ජලය රතු පැහැයට ?…..

ඊයේ (05) සවස් කාලයේ සිට දෙහිවල ඇල මාර්ගයක ජලය රතු පැහැ වී තිබූ බවට වාර්තා වේ. රාත්‍රී කාලය වන තුරුම මෙම තත්ත්වය පහව ගොස් නොමැති අතර මෙම ජලය නැදිමාල අත්තන්ඩිය ඇළටද සම්බන්ධ වන බව තවදුරටත් සඳහන් වේ . මෙම අප ජලය මුහුදට එක් වන අතර මෙය පාරිසරිකව විශාල ගැටලුකාරී තත්ත්වයකි. මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියට…

ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කාවින්ද ද සොයිසා පත්කෙරේ….

සිටි බැංකුවේ හිටපු අධ්‍යක්ෂ / ව්‍යාපාර ප්‍රධානී කාවින්ද ද සොයිසා මහතා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්කෙරේ. Views: 210

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක් අත්අඩංගුවට – ගල්කිස්ස පොලිස් ස්ථානය….

2024.11.04 වන දින දහවල් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ ගුවන්තොටුපල හන්දිය ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 42 ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. Views: 180

මාරක රිය අනතුරක් – බණ්ඩාරගම පොලිස් වසම….

2024.11.04 වන දින උදෑසන කාලයේ බණ්ඩාරගම පොලිස් වසමේ බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී බණ්ඩාරගම දෙස සිට පානදුර දෙසට වම් මංතීරුවේ පිළිසකර කටයුත්තක් හේතුවෙන් බණ්ඩාරවෙල දෙස සිට පානදුර දෙසට ධාවනය වූ බස් රථයක් දකුණු මංතීරුවෙන් ධාවනය කර නැවත වම් මංතීරුවට ගැනීමේදී පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් ත්‍රීරෝද…

ගිනි අවි හා තියුණු ආයුධ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශය…

2024.11.04 වන දින සවස් කාලයේ ඇඹිලිපිටිය පොලිස් වසමේ කොතලාවල හන්දිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර AK47 වර්ගයේ ගිනි අවියක්, පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, 7.62 පතරොම් 25 ක්, 9 mm පතරොම් 07 ක්, එම පතරොම් ගැබක්, AK47 පතරොම් බහාලන මැගසිනයක්, කඩු 02 ක් හා පිහියක්…

අධිවේගී මාර්ගවල වේගය පිළිබඳව නව දැනුම් දීමක් ……..

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතයේදී අතිශයින්ම සැලකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.එච්. ගුණසිංහ මහතා පවසයි. රථවාහන වේගය පැයට කිලෝමීටර් 60ට සීමා කර, වාහන දෙකක් අතර අවම මීටර් 50ක පරතරයක් පවත්වාගැනීම වැදගත් බව එතුමා අවධාරණය කරන අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්…

වී මිල අර්බුදය පාලනයට රජයේ නව වැඩපිළිවෙලක්….

” මුදලාලිලා කිහිප දෙනෙක් හාල් මිල තීරණය කරනවා. ඒක පාලනය කරන්න නම් රජයේ ගබඩාවල වී තියෙන්න ඕන. හැබැයි පහුගිය කන්න වල ආණ්ඩුව වී ඇටයක් අරගෙන නැහැ. වී අලෙවි මණ්ඩලයේ සෑම ගබඩාවක්ම හිස්.ඉතින් කොහොමද හාල් මිල පාලනය කරන්නේ. පාලනය කරන්න ආකාර දෙකක් තිබේ.එකක් ගබඩා වල වී තොග තිබ්බ නම්. අපි වී තොග එළියට දැම්ම නම් හාල්…

සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද ඇරඹේ….

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් අද සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සියලු‍ම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන්ට පෞද්ගලිකව ද අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඊට අදාළ උපදෙස් සහ අයදුම්පත විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත…

කෝටි තුනක් බදු නොගෙවූ ජනක උසාවි කැදවයි……

පරිගණක සේවා සැපයීමේ සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් තුන් කෝටි තිස් හය ලක්ෂයකට (33 697 936.61) අධික බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි කියන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු හා පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු වූ ජනක රත්නායකට හා ඔහුගේ බිරිඳට දෙසැම්බර් 10 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ…