Category Archives: Local

ලංකාවේ සෞඛ්‍ය සේවාව කලාපයේ රටවල් අතරින් ඉහලින්ම

health web

කලාපයේ ඉහළම සෞඛ්‍ය සේවාව පවතින රට රටවල් 11 කින් ඉහළම රට වන බැවින් මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම අරමුණ බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167ක මුල්‍ය ප්‍රදානයන් මත නවීන පහසුකම් සහිත මාතර හෙද විද්‍යාලයේ (නිල්වලා හෙද පාසල) හෙද අධ්‍යාපනය සඳහා මහල් හතරකින් යුත් පරිපූර්ණ දේශන ශාලා සංකීර්ණය…

Emerging Teams Asia Cup: ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබයි

crick

ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි අද (25) පැවති අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට…

ප්‍රහාර තොරතුර හංගා ගෙන හිටියේ ඇයි? ඩලස්ගෙන් ආණ්ඩුවට චෝදනා

dalas

ආරුගම්බේ සංචාරක කලාප වෙත ප්‍රහාරයක් එල්ල වන බවට රජය දැනුවත් වී සිටියා නම් ආරක්ෂක අංශ හා බුද්ධි සේවා අනතුරු ඇඟවීම් සමාජගත නොකළේ ඇයි දැයි ගැටලුසහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඊයේ (ඔක්. 24) පැවසීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනුත් සිදු වූයේ ද? මෙවැනි ම දෙයක් බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීවේ ය. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්…

නොසිතු මොහොතක ජිවිත දෙකක් දුම්රියේ ගැටේ

train 3

හබරාදුව පොලිස් වසමේ මිහිරිපැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී යතුරු පැදියක් මාතර සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියේ පිටුපස කොටසේ ඊයේ (24) ගැටී තිබෙනවා. එම අනතුරින් යතුරු පැදියේ පසු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කරනවා මරණකරු වයස අවුරුදු 51ක් වූ මරදානගේ වත්ත, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. යතුරු පැදිකරු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ…

ඇල්පිටිය පුංචි ඡන්දයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද උදෑසන සිට

alpitiya

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම හෙට (26) දින පැවැත්වීමට නියමිතයි. අදාල ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය අද(25) උදෑසන ආරම්භ වනවා. ජන්ද විමසීම සදහා රාජ්‍ය නිලධාරීන් 600 දෙනෙකු සහ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරීන් 500 දෙනෙකු යෙදවීමට නියමිත බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සදහන් කළේය. Views: 174

අද දිවයිනේ ඇතැම් ස්ථානවලට මී.මී. 75ට වැඩි වැසි ඇති වෙයි

rain 3

අද දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත. එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකි බවයි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල…

කාදිනල් හිමි පදනම් විරහිත චෝදනා සිදු කරනවා..

kardinalhimi

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ අල්විස් කමිටු වාර්තාව හුදෙක් රවි සෙනෙවිරත්නට සහ ශානි අබේසේකරට විරුද්ධව සැකසූ වාර්තාවක් බවට අර්ථ දැක්වීම පදනම් විරහිත බව හිටපු ජනාධිපති පවසා ඇත නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ කාදිනල් හිමිපාණන් තමා සම්බන්ධව කළ සියළු ප්‍රකාශ පදනම් විරහිත වනඅතර පාස්කු වාර්තා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළ යුත්තේ රදගුරු සම්මේලනය බවයි. Views: 186

පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න” – ජනපති, හිටපු ජනපතිට පවසයි

WhatsApp Image 2024 10 25 at 6.33.58 AM

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාවට අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිතුරු ලබා දුන්නා.ඒසේ පවසා ඇත්තේ , මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බබව පුත්තලම පැවති ජාතික ජන බලවේගයේ රැළියකට එක්වෙමින්. Views: 181

ආරුගම්බේ ප්‍රහාර එල්ල කිරීමට දෙදෙනෙකු සූදානමින් සිටියා.

WhatsApp Image 2024 10 25 at 6.30.12 AM

මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේ මේ සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුරු ඉකුත් ජනාධිපතිවරණයට පෙර සිටම ආරක්ෂක අංශ වෙත ලැබී තිබු බවය. අම්පාර දිස්ත්‍රික්කයේ අරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි විදෙස් බුද්ධි අංශයකින් මෙරට ආරක්ෂක අංශ වෙත අදාළ තොරතුරු මගින් දැනුම් දීමක් සිදු වූ…

වෙනත් විකල්පයක් නෑ – දිලිත් ජයවීර

WhatsApp Image 2024 10 25 at 6.26.55 AM

විපක්ෂය තෝරාගැනීමේදී ජනතාවට සර්වජන බලය හැර වෙනත් විකල්පයක් නොමැති බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. සර්වජන බලයේ බියගම ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව ප්‍රකාශ පැවසීය.මේ අතර හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතා සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් අද (24) සර්වජන බලය හා එක් විය. Views: 160