ආරුගම්බේ ප්‍රහාර තර්ජනය සහ සංචාරක උපදෙස් යාවත්කාලීන කෙරේ ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන කිහිපයක් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇඟවීමෙන් පසු, කැනඩාව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය සහ රුසියාවද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් යාවත්කාලීන කර ඇත. අමෙරිකානු තානාපති කාර්යාලය පුරවැසියන්ගෙන් ආරුගම් බොක්ක ප්‍රදේශයට සංචාරය කිරීමෙන් වළකින ලෙස…
Category Archives: Local
ආරුගම්බේ ප්‍රහාර තර්ජනය: ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ පියවර සති තුනක කාලයක් තුළ ලැබුණු බුද්ධි තොරතුරු මත විදේශිකයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පිළිබඳව ආරක්ෂක කවුන්සිලය රැස්වී විශේෂ විශ්ලේෂණයක් සිදු කළ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි. ආරක්ෂක පියවර සහ සෝදිසි මෙහෙයුම් ඔක්තෝබර් 23 වන දා විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රියන්ත වීරසූරිය පෙන්වා දෙන්නේ, විදේශිකයන් රැස්වන…
යාපනය ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අධි ආරක්‍ෂිත කලාපයකදී 2011.12.10 වන දින අතුරුදන් වීම සම්බන්ධයෙන් පැවැත්වෙන හබයාස් කෝපුස් පරීක්ෂණය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාක්ෂි ලබාදීමට සූදානම් බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඒ, ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා හෙළි කළේය. ගෝඨාභය රාජපක්ෂ…
බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, සහ උතුරු පළාත්වලට සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ, සහ උතුරු පළාත්වල කිහිපයක් තුළ මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින්…
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹට ඇතුළු වන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව ඇති බව පොලීසිය පවසයි. මෙම තදබදය බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල ප්‍රදේශවල විශේෂයෙන්ම දැක්වෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. Views: 197
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (ඔක්. 23) මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිමට හේතුව, කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ සොයාගත් BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමයි. මෙරටදී එකලස් කළ මෙම මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවූ බවට තොරතුරු ඇති බව සඳහන් වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා…
කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමරිකානු පුරවැසියන්ට සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අනතුරු ඇඟවීමේ දැනුම්දීමේදී සඳහන් වන්නේ, ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බවයි. Views: 194
දිගු කාලයක් ගතවුවද භාර ගැනීමට හිමිකරුවන් නොපැමිණි කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ ගබඩාව තුළ තිබූ ගුවන් තැපැල් පාර්සල් හතරක් රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී රුපියල් අට කෝටි පනස් ලක්ෂක් පමණ වටිනා, අයිස් කිලෝග්‍රෑම් හතක් ඇතුළුව විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. එම පාර්සල්වල සදහන් ලිපිනයන් සොයාබැලූ විට ඒවා ව්‍යාජ බව තහවුරු…
අද (ඔක්තෝබර් 23) අලුයම 3:00ට පමණ, කැලණිය විශ්වවිද්‍යාලයේ සි.ඩබ්.ඩබ්. කන්නන්ගර නේවාසිකාගාරයේ සිව්වන මහලෙන් ඇද වැටීමකින් සිසුවෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මිය ගොස් ඇත්තේ අවුරුදු 24ක් වු, වාණිජ හා කළමනාකරණ පිඨයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයෙකි. මෘත ශරීරය කිරිබත්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර, මෙම අනතුර පිළිබඳ කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි….
සහල් පාලන මිල පිළිබඳව ජනපති කියපු දේ….. සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (ඔක්. 22) පැවැති සාකච්ඡාවේදී ය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය. ජනාධිපති…











