Category Archives: Local

මැලේසියාවේ සිට මත්ද්‍රව්‍ය රැගෙන ආ සැකකරුවෙකු සහ ඊට අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට…

කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්ත පරිශ්‍රයේදී ඊයේ (26) පෙවරුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 05 ග්‍රෑම 26ක් මැලේසියාවේ සිට ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු රැගෙන යාමට කාර් රථයකින් පැමිණි සැකකරුවෙකු හා සැකකාරියක් ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කාර් රථයද…

දවසේ කාලගුණය…..

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදයක් නිකුත්කරමින් පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

ඇල්පිටියේ ඡන්ද ගනන් කිරීම ඇරඹේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණා. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සඳහන් කළේ, අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්දය ගණනය කිරීම් සිදුකෙරෙන බවයි. ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාමකාමී බවද ඔහු සඳහන් කළා. “අද පස්වරු 3 පමණ වනවිට නියමිත ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 51%ක ප්‍රමාණයක් ඡන්දය භාවිත කර තිබුණා. අද පස්වරු 4:30ට…

මන්දපෝෂණයෙන් මුල් තැන ගම්පහට…

වයස අවුරුදු 5ට අඩු දරුවන් 25369ක් මධ්‍යස්ථ තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෙන්වා දෙයි. එමෙන්ම උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 10,323 දෙනකු සිටින බවද එම කාර්යාංශය පෙන්වා දෙයි. පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් 2024 වසරේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම දරුවන්ගෙන් වැඩිම දරුවන් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථ තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන…

ඊශ්‍රායලයෙන් රැකියා 5000ක්….

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා 5000ක් වෙනුවෙන් ඊශ්‍රායලයෙන් රැකියා ඉල්ලුමක් හිමිව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මසකට රුපියල් ලක්ෂ 5ක් ඉක්මවන වැටුප් මේ රැකියාවන් සඳහා හිමිවනු ඇත. වයස අවුරුදු 25ත් 45 අතර ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති ඕනෑම අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවද කාර්යාංශය පවසයි. ඒ යටතේ ඉදිකිරීම් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නන් වෙනුවෙන් රැකියා…

ඡන්ද පත්‍රිකා බෙදීම ආරම්භ වේ…….

මෙවර මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම 27 ඉරිදා (අද) සිට ආරම්භ කරනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් දෙපාර්තමේන්තුව වෙත එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරදීම 26 සෙනසුරාදා සිදු කෙරීමට නියමිත විය. තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂිත රාජකාරියක් ලෙසින් අද (27) මෙන්ම 31 හා 03 වැනිදා තෙදින මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම…

භාණ්ඩාගාර බිල්පත් 29 වෙනිදා නිකුත් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔක්තෝබර් මස 29 වෙනිදා රුපියල් මිලියන 145000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා කටයුතු යොදා ඇත. එම භාණ්ඩාගාර බිල්පත් අතරින් දින 90කදී කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 55,000කද දින 182කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 55,000ක්ද ඇතුළත්ය. එසේම දින 364 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 35000ක්ද වේ….

සිසුවියක් අපයෝජනය කළ හිමිනමක් අත්අඩංගුවට..

කැස්බෑව SOS ළමා ගම්මානයේ රැකවරණය ලබමින් සිටි දහ හතර හැවිරිදි පාසැල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව පැවසෙන හතළිස් හැවිරිදි හිමි නමක් අත් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන (40) හැවිරිදි හිමි නමකි. මෙම හිමිනම සිය විහාරස්ථානයේ දහම් පාසලක් පවත්වාගෙන යන අතර එම දහම්…

අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි , අද දිනයේ බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ බෝවීම අවම කිරීම සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් වසරේ මුල් මාස තුන තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවත් තවදුරටත්…

මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට..

පසුගිය වසරේ මුල් කාර්තු තුනට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තු තුනේ මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා ඒ අනුව මෙරට විදෙස් ප්‍රේෂණ 11.5% ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 4843.3 ක් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටින්නේ. Views: 233