Category Archives: Local

ඉන්ධන මිල පහතට…….

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉන්ධන මිල සංශෝධනය වනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහත බැස තිබෙනවා. එහි නව මිල වන්නේ ලීටරයක් රුපියල් 371ක් ලෙසයි. සුපර් ඩීසල් මිල ද රුපියල් 06කින් පහත වැටී තිබෙනවා. මේ අතර සිපෙට්කෝ මිලට සාපේක්ෂව සයිනොපෙක් ඉන්ධන…

ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීම්……

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලවෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. මධ්‍යම,…

අතහැර දමා ගිය තවත් සුඛෝපභෝගී රථයක් මහනුවර ප්‍රදේශයේදී පොලිස් භාරයට….

ඊයේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු දුරකථන ඇමතුමකින් ලද තොරතුරු වලට අනුව මහනුවර දිගන වික්ටෝරියා පාක් නිවාස සංකීර්ණයේ නිවසක් අසල අතහැර දමා ගොස් තිබූ සුපෝපභෝගී ජීප් රථයක් පොලිස් භාරයට ගෙන ඇත. තෙල්දෙණිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන අතර එහිදී තවදුරටත් අනාවරණය වූයේ අදාළ රථයේ අංකයට ම ලියාපදිංචි වූ තවත් රථයක් වත්තේගම ප්‍රදේශයේ…

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍රය සඳහා දිගු පෝලිම්….

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා දිවයිනේ දුර බැහැරින් පැමිණි පිරිස් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල ඊයේ රාත්‍රියේ සිට රැදී සිටින බව සදහන් වන අතර ඊයේ රජයේ නිවාඩු දිනයක් බැවින් පැමිණි පිරිස් මුලික සනීපාරක්ෂක පහසුකමක් හෝ නොමැතිව දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම අත්‍යවශ්‍ය අය පමණක් ඉල්ලීම් කිරීමට කටයුතු කරන ලෙස රජය…

ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500ක විදෙස් ණය ගෙවයි…

මෙම වසරේ ජනවාරි 01 සිට ජූනි 30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 503.0 ක විදෙස් ණය සේවා ගෙවීම් සිදුකර ඇති බව වාර්තා වේ. එහිදී ඩොලර් මිලියන 275.1ක් මූලික ණය ආපසු ගෙවීම් හා ඩොලර් මිලියන 227.9 ක් පොලී ගෙවීම් ලෙසත් සටහන්ව ඇත. 2024 ජුනි මස අවසන් වන විට රජයේ විදේශ ණය ප්‍රමාණය ඩොලර්…

අලුත් උපන් දරුවාගේ මුහුණ බලන්න ගිය තාත්තා අනතුරකින් ජීවිතක්ෂයට…

කළුතර, මතුගම මාර්ගයේ දොඩන්ගොඩ හා රුවන්මග මංසන්ධියේදී සිදුවූ අවාසනාවන්ත අනතුරකින්, යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇත. මෙම මාරක අනතුර, මතුගම දෙසින් කළුතර දෙසට ධාවනය වූ ලොරි රථයක්, රියැදුරාගේ නින්දයෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගොස්, ඉදිරියෙන් පැමිණි යතුරුපැදිය හා කිලෝමීටර් කණුවක ගැටීමෙන් සිදුවී තිබේ. යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔහු අවාසනාවන්ත…

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට….

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයට අයත් සිසු සිසුවියන් පිරිසක් ගමන් ගත් බස් රථයක්, බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී පෙරළී ඇති අතර මෙම අනතුරෙන් සිසුවියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි. එම අනතුරෙන් පසුව, 41 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර, තවත් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බව බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ පවසා ඇති බවද…

මි.මී. 100ට වඩා තද වැසි….

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය…

එයාර් චයිනා ශ්‍රී ලංකාවට දිනපතා නව ගුවන් ගමනක් ආරම්භ කරයි….

චීනයේ ජාතික ගුවන් සේවය වන එයාර් චයිනා (Air China) 2023 ඔක්තෝබර් 27 වන දිනයේ සිට කොළඹට දිනපතා ගුවන් ගමනක් ආරම්භ කර ඇති බව නිවේදනය කරයි. මෙම ගමන සඳහා එයාර්බස් A320-neo යානා යොදා ඇති බව වාර්තා වෙයි. මෙම නව ගුවන් සේවාව, කොළඹ සහ චීනයේ ප්‍රධාන නගර අතර සහ අනෙකුත් ජාත්‍යන්තර ගමනාන්ත අතර සම්බන්ධතාව වඩාත් දියුණු කිරීමේ…

ක්‍රිකට් දූෂණ මර්ධනයේ මහ පුටුව සුමති ධර්මවර්ධනට….

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ ස්වාධීන සභාපති තනතුර සඳහා ශ්‍රී ලාංකීය නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. වසර 14 ක් පුරා එම තනතුර හෙබවූ කීර්තිමත් පොලිස් නිලධාරියකුව සිටි ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් මහතා ඔක්තෝබර් මස 31 වැනිදා විශ්‍රාම යාම හේතුවෙන් එම තනතුර සඳහා ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන…