Category Archives: Local

නොසිතු මොහොතක ජිවිත දෙකක් දුම්රියේ ගැටේ

හබරාදුව පොලිස් වසමේ මිහිරිපැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී යතුරු පැදියක් මාතර සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියේ පිටුපස කොටසේ ඊයේ (24) ගැටී තිබෙනවා. එම අනතුරින් යතුරු පැදියේ පසු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කරනවා මරණකරු වයස අවුරුදු 51ක් වූ මරදානගේ වත්ත, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. යතුරු පැදිකරු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ…

ඇල්පිටිය පුංචි ඡන්දයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද උදෑසන සිට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම හෙට (26) දින පැවැත්වීමට නියමිතයි. අදාල ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය අද(25) උදෑසන ආරම්භ වනවා. ජන්ද විමසීම සදහා රාජ්‍ය නිලධාරීන් 600 දෙනෙකු සහ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරීන් 500 දෙනෙකු යෙදවීමට නියමිත බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සදහන් කළේය. Views: 182

අද දිවයිනේ ඇතැම් ස්ථානවලට මී.මී. 75ට වැඩි වැසි ඇති වෙයි

අද දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත. එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකි බවයි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල…

කාදිනල් හිමි පදනම් විරහිත චෝදනා සිදු කරනවා..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ අල්විස් කමිටු වාර්තාව හුදෙක් රවි සෙනෙවිරත්නට සහ ශානි අබේසේකරට විරුද්ධව සැකසූ වාර්තාවක් බවට අර්ථ දැක්වීම පදනම් විරහිත බව හිටපු ජනාධිපති පවසා ඇත නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ කාදිනල් හිමිපාණන් තමා සම්බන්ධව කළ සියළු ප්‍රකාශ පදනම් විරහිත වනඅතර පාස්කු වාර්තා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළ යුත්තේ රදගුරු සම්මේලනය බවයි. Views: 192

පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න” – ජනපති, හිටපු ජනපතිට පවසයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාවට අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිතුරු ලබා දුන්නා.ඒසේ පවසා ඇත්තේ , මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බබව පුත්තලම පැවති ජාතික ජන බලවේගයේ රැළියකට එක්වෙමින්. Views: 188

ආරුගම්බේ ප්‍රහාර එල්ල කිරීමට දෙදෙනෙකු සූදානමින් සිටියා.

මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේ මේ සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුරු ඉකුත් ජනාධිපතිවරණයට පෙර සිටම ආරක්ෂක අංශ වෙත ලැබී තිබු බවය. අම්පාර දිස්ත්‍රික්කයේ අරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි විදෙස් බුද්ධි අංශයකින් මෙරට ආරක්ෂක අංශ වෙත අදාළ තොරතුරු මගින් දැනුම් දීමක් සිදු වූ…

වෙනත් විකල්පයක් නෑ – දිලිත් ජයවීර

විපක්ෂය තෝරාගැනීමේදී ජනතාවට සර්වජන බලය හැර වෙනත් විකල්පයක් නොමැති බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. සර්වජන බලයේ බියගම ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව ප්‍රකාශ පැවසීය.මේ අතර හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතා සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් අද (24) සර්වජන බලය හා එක් විය. Views: 164

මෙවර ආසියානු නෙට්බෝල් ශූරතාවය ලංකාවට

දිනන එක දිනන්නෝනේ, ආයේ ඉතිං ලොවෙත් නැති වෙන්න, මෙවර ආසියානු නෙට්බෝල් ශූරතාවයේ අඛණ්ඩව ලැබූ සිව්වැනි ජයත් අපේ කෙල්ලෝ ලැබුවා. එම ජය ලබාගන්න ලද්දේ ජපානයට වැටෙන්නම ගස ඇති බව සදහන් වේ .. ඒ අනුව ලකුණු 85-18ක් ලෙස විශිෂ්ට ජයක් ලබාගෙන ඇත , Views: 258

කැනඩා අගමැතිට නායක කමින් යන්නැයි පක්ෂයෙන් බලපෑමක්

කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ලිබරල් නායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ලිබරල් මන්ත්‍රීවරුන් ඊයේ (23) එරට පාර්ලිමේන්තුවට රැස්වී මෙම තීරණය ගෙන ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂය තුළ වැඩෙන අතෘප්තිය මධ්‍යයේ මන්ත්‍රීවරුන් මෙම තීරණයට එළඹ ඇති අතර ඔවුන්…

පාස්කු විමර්ශනයේ සිටි පොලිස් ලොක්කෙක්ට හදිසි මාරුවක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක අල්විස් කමිටු වාර්තාව සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල යළිත් අදහස් පළ කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු සදහන් කළේ ඉතා බරපතළ සංවේදී කාරණා සහිත ලිපියකට දින 12ක් තිස්සේ කිසිදු පියවරක් නොගැනීමට රවී සෙනෙවිරත්න පෙළඹුවේ කවුරුන්දැයි සොයාගත්විට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයාගැනීමට හැකි වනු ඇති බවයි. කෙසේ…