Category Archives: Local

අද කාළගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, සහ උතුරු පළාත්වලට සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ, සහ උතුරු පළාත්වල කිහිපයක් තුළ මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින්…

වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ දැඩි වාහන තද බදයක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹට ඇතුළු වන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව ඇති බව පොලීසිය පවසයි. මෙම තදබදය බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල ප්‍රදේශවල විශේෂයෙන්ම දැක්වෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. Views: 209

ජොන්ස්ටන් CID යට පැමිණෙයි

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (ඔක්. 23) මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිමට හේතුව, කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ සොයාගත් BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමයි. මෙරටදී එකලස් කළ මෙම මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවූ බවට තොරතුරු ඇති බව සඳහන් වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා…

ආරුගම්බේ හි සංචාරයෙන් වළකින ලෙස ඇමෙරිකානු තානාපති කාර්‍යාලය අනතුරු අඟවයි

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමරිකානු පුරවැසියන්ට සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අනතුරු ඇඟවීමේ දැනුම්දීමේදී සඳහන් වන්නේ, ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බවයි. Views: 204

තැපෑලෙන් ආ මත්ද්‍රව්‍ය

දිගු කාලයක් ගතවුවද භාර ගැනීමට හිමිකරුවන් නොපැමිණි කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ ගබඩාව තුළ තිබූ ගුවන් තැපැල් පාර්සල් හතරක් රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී රුපියල් අට කෝටි පනස් ලක්ෂක් පමණ වටිනා, අයිස් කිලෝග්‍රෑම් හතක් ඇතුළුව විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. එම පාර්සල්වල සදහන් ලිපිනයන් සොයාබැලූ විට ඒවා ව්‍යාජ බව තහවුරු…

විශ්වවිද්‍යාලය සිසුවෙක් නේවාසිකගාරයේ සිව්වන මහලෙන් වැටී මරුට

අද (ඔක්තෝබර් 23) අලුයම 3:00ට පමණ, කැලණිය විශ්වවිද්‍යාලයේ සි.ඩබ්.ඩබ්. කන්නන්ගර නේවාසිකාගාරයේ සිව්වන මහලෙන් ඇද වැටීමකින් සිසුවෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මිය ගොස් ඇත්තේ අවුරුදු 24ක් වු, වාණිජ හා කළමනාකරණ පිඨයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයෙකි. මෘත ශරීරය කිරිබත්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර, මෙම අනතුර පිළිබඳ කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි….

සහල් පාලන මිල පිළිබඳව ජනපති කියපු දේ.

සහල් පාලන මිල පිළිබඳව ජනපති කියපු දේ….. සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (ඔක්. 22) පැවැති සාකච්ඡාවේදී ය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය. ජනාධිපති…

අල්විස් කමිටුවේ වාර්තාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු විමර්ශන මාස තුනකින් අවසන් කළ ඒ. එන්.ජේ අල්විස් කමිටුවේ වාර්තාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති . උන්වහන්සේ ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපතිවරයා පත් කළ එම කමිටුව ජනාධිපතිවරණයට පෙර එම වාර්තාව ලබා දීමට සියලු විමර්ශන කටයුතු මාස තුනක් තුළ අවසන් කිරීමෙන් ඔවුන්ට පැවති හදිසිය හා උනන්දුව…

අවිස්සාවේල්ලේදී බස්‍ රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ

අවිස්සාවේල්ල, කාශ්‍යප හෝටලය ආසන්න වංගුවේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබේ. අද (ඔක්. 22) දහවල් 1:00ට පමණ මෙම අනතුර සිදුවී ඇත. කොළඹ සිට සූරියවැව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් රත්නපුර සිට කොළඹ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙලෙස අනතුරට ලක් වී ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන්…

නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය ‘විශේෂිත ව්‍යාපෘතියක්’ ලෙස ප්‍රකාශ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය ‘විශේෂිත ව්‍යාපෘතියක්’ ලෙස ප්‍රකාශ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘති‌යේ නැගෙනහිර බහාලුම් පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය සහිත බහාලුම් පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා 2021-02-01 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ සිවිල්…