Category Archives: Local

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය 12,500 සීමාව පසුකරයි

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 12,500 සීමාව පසුකරමින් ඒකක 12,517.58ක් ලෙස සටහන් වී තිබේ. ඒ අනුව මෙම ඉහළ නැංවීම සමඟින් වෙළඳපොලේ පිරිවැටුම රුපියල් බිලියන 4.752ක් බවට පත්විය. මෙම ඉහළ මිල දර්ශකය සමඟ, කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය වැඩිවී ඇති අතර, ආයෝජකයින්ගේ දැඩි අවධානයක් ඒ සඳහා යොමුව තිබෙන බවයි කොටස් වෙළඳපොල සඳහන් කර…

සංගණන නිලධාරීන්ට තොරතුරු දෙන්න බයවෙන්න එපා

2024 දෙසැම්බර් 19 ‘සංගණන දිනය’ ට සමගාමීව  තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේ මෙම තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් රටපුරා සෑම සංගණන ඒකකයකට ම සංගණන නිලධාරීන් පැමිණ තොරතුරු රැස් කරනු ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඩී.ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය පවසයි. මෙම ප්‍රකාශය ඇය සිදු කළේ, පෙරේදා (ඔක්. 23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදීය….

ලංකාවේ සෞඛ්‍ය සේවාව කලාපයේ රටවල් අතරින් ඉහලින්ම

කලාපයේ ඉහළම සෞඛ්‍ය සේවාව පවතින රට රටවල් 11 කින් ඉහළම රට වන බැවින් මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම අරමුණ බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167ක මුල්‍ය ප්‍රදානයන් මත නවීන පහසුකම් සහිත මාතර හෙද විද්‍යාලයේ (නිල්වලා හෙද පාසල) හෙද අධ්‍යාපනය සඳහා මහල් හතරකින් යුත් පරිපූර්ණ දේශන ශාලා සංකීර්ණය…

Emerging Teams Asia Cup: ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි අද (25) පැවති අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට…

ප්‍රහාර තොරතුර හංගා ගෙන හිටියේ ඇයි? ඩලස්ගෙන් ආණ්ඩුවට චෝදනා

ආරුගම්බේ සංචාරක කලාප වෙත ප්‍රහාරයක් එල්ල වන බවට රජය දැනුවත් වී සිටියා නම් ආරක්ෂක අංශ හා බුද්ධි සේවා අනතුරු ඇඟවීම් සමාජගත නොකළේ ඇයි දැයි ගැටලුසහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඊයේ (ඔක්. 24) පැවසීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනුත් සිදු වූයේ ද? මෙවැනි ම දෙයක් බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීවේ ය. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්…

නොසිතු මොහොතක ජිවිත දෙකක් දුම්රියේ ගැටේ

හබරාදුව පොලිස් වසමේ මිහිරිපැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී යතුරු පැදියක් මාතර සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියේ පිටුපස කොටසේ ඊයේ (24) ගැටී තිබෙනවා. එම අනතුරින් යතුරු පැදියේ පසු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කරනවා මරණකරු වයස අවුරුදු 51ක් වූ මරදානගේ වත්ත, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. යතුරු පැදිකරු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ…

ඇල්පිටිය පුංචි ඡන්දයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද උදෑසන සිට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම හෙට (26) දින පැවැත්වීමට නියමිතයි. අදාල ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය අද(25) උදෑසන ආරම්භ වනවා. ජන්ද විමසීම සදහා රාජ්‍ය නිලධාරීන් 600 දෙනෙකු සහ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරීන් 500 දෙනෙකු යෙදවීමට නියමිත බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සදහන් කළේය. Views: 193

අද දිවයිනේ ඇතැම් ස්ථානවලට මී.මී. 75ට වැඩි වැසි ඇති වෙයි

අද දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත. එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකි බවයි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල…

කාදිනල් හිමි පදනම් විරහිත චෝදනා සිදු කරනවා..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ අල්විස් කමිටු වාර්තාව හුදෙක් රවි සෙනෙවිරත්නට සහ ශානි අබේසේකරට විරුද්ධව සැකසූ වාර්තාවක් බවට අර්ථ දැක්වීම පදනම් විරහිත බව හිටපු ජනාධිපති පවසා ඇත නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ කාදිනල් හිමිපාණන් තමා සම්බන්ධව කළ සියළු ප්‍රකාශ පදනම් විරහිත වනඅතර පාස්කු වාර්තා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළ යුත්තේ රදගුරු සම්මේලනය බවයි. Views: 207

පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න” – ජනපති, හිටපු ජනපතිට පවසයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාවට අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිතුරු ලබා දුන්නා.ඒසේ පවසා ඇත්තේ , මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බබව පුත්තලම පැවති ජාතික ජන බලවේගයේ රැළියකට එක්වෙමින්. Views: 199