Category Archives: Local

මෙරට රැඳි සිටි චීන කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට….

සංචාරක වීසා මත මෙරටට පැමිණි වෙළඳාම් කරමින් සිටි විදේශිකයින් දෙදෙනෙකු ඊයේ (12) පස්වරුවේ මහනුවර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 47 හා 48 වයස්වල පසුවන චීන ජාතිකයන් වනවා. සිද්ධීය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. Views:…

කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය යළි ඇරඹේ…..

කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (12) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් දැනට තාවකාලිකව නවතා තිබූ තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය මෙලෙස ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවයි. ඒ අනුව හෙට සිට කොළඹ සහ තලේමන්නාරම අතර පහත පරිදි…

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යන ශ්‍රී ලාංකිකයින්ගේ ඉහළ යාමක්…..

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ජාතික කාර්ය සාධක බළකායේ අනතුරු අඟවයි. එම බළකාය පවසන්නේ මෑතක සිට වැඩි වශයෙන් ශ්‍රී ලාකිකයින් එම කඳවුරු වෙත ආකර්ෂණය කරගෙන ඇති බවයි. විශේෂයෙන්ම වැඩි වැටුප් පෙන්වමින් ඉහළ පරිගණක දැනුම සහිත පුද්ගලයින්ව වෙනත් රටවල රැකියා සඳහා…

විද්‍යුත් දුම්වැටි සඳහා දැඩි නීති…….

මෙම විද්‍යුත් දුම්වැටි දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් දරුවන් අතර විශාල ලෙස ව්‍යාප්තව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකල පරීක්ෂණයකින් අනාවරණය වී ඇති අතර මෙම දුම්වැටි අලෙවි වීම සිදුවන්නේ මාර්ගගත ක්‍රමයට බවද සදහන් වේ. මෙවා, ගුවන් තොටුපොළ, වරාය සහ මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණෙන අතර ඉතාම පහසුවෙන් භාවිතා කල හැකි ආකාරයට නිෂ්පාදනය කර ඇති බවද සඳහන්….

තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගුවන්තොටුපොළ ඒකකය.

2024.11.09 වන දින කටුනායක ගුවන්තොටුපොල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම් 02 ක් සිදුකර තීරු බදු රහිත විදේශීය දුම් වැටි 16400 (කාටුන් 82) ක් සහ තීරු බදු රහිත විදේශීය දුම්වැටි 61800 (කාටුන් 309) ක් ඩුබායි සිට ගුවන් මගින් මේ රටට රැගෙන ආ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරියන්…

අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස මෙන්න……

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා. දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් ‍‍තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබෙනවා. එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ…

ලන්තෑරුමක සඟවා මත්ද්‍රව්‍ය විකිණූ නැන්දම්මයි ලේලියි අත්අඩංගුවට…..

විදුලි ලත්තෑරුමක් තුළ සඟවා මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන කාන්තාවන් දෙදෙනෙක් කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවෙක් සොයා මහනුවර ප්‍රදේශයේ නිවසකට ගිය අවස්ථාවේ දී එම නිවසේ ගෙහිමියාවන සැකකරු නිවසේ නොසිට ඇති අතර, ඔහුගේ බිරිඳ සහ මවගෙන් සැකකරු ගැන කළ විමසීමේදී ඔහු නිවසේ නොමැති…

ලේක් හවුස් ආයතනයට මෝටර් රථයක් කඩාවදී…….

කොළඹ ලේක්හවුස් ආයතන පරිශ්‍රයට මොටර් රථයක් කඩා වැදීමෙන් අද (11) අලුයම අනතුරක් සිදුවී ඇති බව වාර්තා වේ. මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පැවසෙන අතර මෙම අනතුරින් ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක වැටට හානි සිදුව ඇති බවට තවදුරටත් වාර්තා වේ. මෙම අනතුරින් රියදුරුට හානියක් සිදුව නොමැති අතර කොටුව පොලිසිය අනතුර පිළිබඳව වැඩිදුර…

ගැටුමක් අතරතුර මාර්ගයට විසිවී වාහනයක ගැටී පුද්ගලයෙක් මරුට ……..

නෙළුක්කුලම පොලිස් වසමේ කලෛමහල් විද්‍යාලය අසලදී ඊයේ (10) සවස් කාලයේදී දෙපාර්ෂවයක් අතර ඇති වූ ආරවුලක් අතරතුර පුද්ගලයෙකු මාර්ගයට විසි වී මාර්ගයේ ධාවනය වූ රථයක ගැටී මියගොස් ඇති බවට වාර්තා වේ. රථයේ ගැටීමෙන් පසු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇති බවට වාර්තා වන අතර මරණකරු වයස අවුරුදු 30ක් වූ…

මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා දින දෙකක් සුරාසල් වැසේ….

එළැඹෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 15 වැනිදාට පොහොය දිනය යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසල් වසා තැබීමට මෙසේ කටයුතු කර ඇති බවද සදහන් වේ. තවද, මැතිවරණය හේතුවෙන් දිවයින…