වත්මන් ආණ්ඩුව පත් වු පසු කිසිදු රටකින් ණය ගැනීමක් හෝ අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු නොවු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු කිරීමට අවසර නොමැති බව හා තමාද නව ජනාධිපතිවරයාගේ…
Category Archives: Local
සීදුව – අමන්දොළුව ප්‍රදේශයේ නිවසක සිටි ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව අනවසරයෙන් මෙරට රැඳී සිටි විදේශීය ජාතිකයින් 06 දෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීමක් සිදු කර ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18, 23, 26, 39 හා 43 වයස්වල පසුවන බංගලාදේශ ජාතිකයන් බවයි පොලිසිය…
අබුඩාබි නුවර සිට තමා පැමිණි ගුවන් යානයේ නියමුවාගේ ගමන් බෑගය සොරාගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළාගිය කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිසිය පැය 03ක් වැනි කාලයක් තුළදී අත්අඩංගුවට ගැනීමට සමත් වුණා . ඇය වත්තල – හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක්. ගෘහසේවිකාවක් වන ඇය ඊයේ උදෑසන අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. නිශ්කාශන කටයුතු නිමා…
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වනවා. ලබන නොවැම්බර් 01 වැනිදා හා 4 වැනිදා යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි ද මැතිවරණ කොමිසම සභාව පවසනවා. එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන්ට නොවැම්බර් 7 සහ 8 යන දෙදින තුළ ඒ සඳහා අවශ්‍ය පහසුකම්…
දීපවාලී උත්සවය හේතුවෙන් අනිද්දා (01) මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට නිවාඩු ලබා දෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහන් කරනවා. මෙසේ ලබා දෙන නිවාඩුව වෙනුවෙන් නොවැම්බර් 9 වැනිදා පාසල් පැවැත්වෙන බවයි වැඩිදුරටත් ඔවුන් සඳහන් කරන්නේ. Views: 226
අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තරුණියක මියගොස් තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ ඉෂිනි සිතාරා නමැති 23 හැවිරිදි තරුණියක් වන අතර පොලිසිය පවසන්නේ ඇය පයාගල ,ගල්ලනමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි. මැය කළුතර වේලාපුර විද්‍යාලයට ආසන්න දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටී ඇති අතර ඊට ටික වේලාවකට පෙර ඇය දුම්රිය මාර්ගය ආසන්නයේ රැදී සිටිමින් දුරකථන ඇමතුමක් ලබාගෙන…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව ඇත. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේදී සහ නොවැම්බර් මස 04 දින ද තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන්…
බ්‍රික්ස් සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වුවද හවුල්කාරිත්ව සාමාජික රටක් ලෙස එක්වීමට බ්‍රික්ස් සංවිධානය ශ්‍රී ලංකාවට අවසර ලබාදී ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇති අතර මේ සමගම සාමාජික රටවලට මූල්‍ය සහාය සපයන බ්‍රික්ස් නව සංවර්ධන බැංකුව හා සම්බන්ධ වීමටද ශ්‍රී ලංකාවට අවසර ලැබෙනු ඇත. ඒ අනුව නව සංවර්ධන බැංකුවට සම්බන්ධවීමට…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන්කරන පරිදි , අද (29) පෙරවරුවේ කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් දකුණු පයාගල දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර අදාළ දුම්රිය වෙනත් දුම්රිය එංජිමක් මඟින් කොළඹ කොටුව වෙත ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගාල්ල සිට කොළඹ…











