අද දින පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන බැවින් කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු සිදු කරන වේලාවන් සිමාකර තිබිණි. ඒ අනුව, අද උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා ගණුදෙනු සිදු කල බව කොටස් හුවමාරුව සදහන් කරයි. ලබන 18 වනදා සිට කොටස් හුවමාරුවේ ගණුදෙනු සුපුරුදු පරිදි යළි ආරම්භ වනු ඇති බව ආරංචි මාර්ග පවසයි. මේ අතර, මාස 35කට…
Author Archives: news_sandeep
නිකවැරටිය,කොබෙයිගනේ ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරී කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙක් හදිසියේ මිය ගොස් තිබේ. පොලිසිය පැවසුවේ අද(14) උදෑසන නානකාමරය තුළ ඇද වැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි. හදිසි හෘදයාබාධයක් නිසා ඔහු මියයන්නට ඇති බව සැක කෙරෙන අතර දේහය වැඩිදුර පරික්ශන කටයුතු සදහා යොමුකර ඇති බව පොලිසීය පවසයි. නිකවැරටිය මහේස්ත්‍රාත්වරයා විසින් මරණ පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට…
දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් නොමැති වීම හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම, තවත් දුම්රිය ගමන්වාර 22ක් ධාවනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කළේ. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දුම්රිය රියදුරු සහ නියාමකවරුන් බදවා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් දුම්රිය ගමන්වාර…
ශ්‍රී ලංකාවේ දස වැනි (10) පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, මහ මැතිවරණ ඡන්ද විමසීම අද දින (14) උදෑසන 7ට ආරම්භ වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර196 ක් සඳහා අපේක්ෂකයින් 8361 දෙනෙකු මෙවර මහා මැතිවරණයට තරග කරනු ලබන අතර ඉතිරි ආසන 29 තෝරා පත් කර ගැනෙන්නේ ජාතික ලැයිස්තුව මගිනි. 2024 මහ මැතිවරණය සඳහා නව ඡන්දදායකයන් ලක්ෂ…
පසුගිය ඔක්තෝබර් 23 වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් තම පුරවැසියන් සදහා සංචාරක සීමාවන් පනවනු ලැබුවේ එම ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවෙතැයි ලැබුණු බුද්ධි වාර්තා පදනම් කරගනිමිනි. නමුත් එම සීමාවන් දැන් ඉවත්කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා වූ සිය සංචාරක උපදේශනයන් යාවත්කාලීන කරන බවද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි. ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන…
තම කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මිය යාමෙන් පසුව කම්පනයෙන් පසු වූ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (13) අවාසනාවන්ත ලෙස 11 වන මහලෙන් වැටී මියගොස් තිබෙන බව මිහිජය සෙවණ පොලිසිය පවසයි. ඔහුගේ බිරිඳ පසුගිය 12 වන දින කුළුදුල් දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත කර ඇති අතර, දරු ප්‍රසූතියේදී කුළුඳුල් බිළිඳා…
නොවැම්බර් මස අවස්ථා දෙකකදී තමිල්නාඩු ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ගේ මහතා දැනුවත් කර ඇත. ඒ අනුව ලිපියක් යොමු කරමින් මහ ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ මේ පිලිබදව කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි. මේ හේතුවෙන් තම ධීවරයින්ගේ ජීවනෝපාය…
ඉන්දුනීසියාවේ බාලිහි ෆ්ලෝරස් දූපතේ පිහිටි ලෙවොටෝබි ලකි-ලකි ගිනි කන්ද පිපිරීම හේතුවෙන් බාලි වෙත පැමිණෙන සංචාරක ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ. පසුගිය සදුදා සිට සක්‍රිය වූ මෙම ගිනි කන්ද පිපිරීමෙන් දැනට පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් දහස් ගණනක් ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යාමට සිදුවී තිබේ. ගිනි කන්දෙන් පිටවන අළු නිසා අවට ගම්මාන…
ඊයේ සවස් කාළයේදී වර්ශාවත් සමග ඇතිවූ අකුණු තත්වය හේතුවෙන් මැදවච්චිය ප්‍රදේශයේ සී සෑමේ යෙදී සිටි අයෙක් ජීවිතක්ශයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය, කුලික්කඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව වාර්තා වනවා . Views: 139
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 07ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. ඒ අනුව කුවේට්, ජපාන හා කටාර් තානාපති…











