ඉතාලියේ ක්‍රියාත්මක සමෘද්ධිමත් කංසා වගා කර්මාන්තය මේ වසරේදී සම්පූර්ණයෙන් මුලිනුපුටා දැමිමේ අවදානමක් මතුව ඇති බවට පැවසේ. ඒ ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි විසින් එරට වාණිජ කංසා වගාව නතර කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබීම හේතුවෙනි. ඉතාලියේ කංසා වගාව සඳහා තහනමක් පැනවීමට නියමිතව ඇත්තේ එරට කංසා වෙළදාම නීති ගතකර වසර 8කට පසුවයි. මෙමගින් රැකියා…
Author Archives: news_sandeep
පසුගිය දිනවල වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 200කට ආසන්න මිලක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එවන් පසුබිමක් තුල රිලා උවදුරු හේතුවෙන් පොල් වගාව විනාශ වන බවට වරකාපොළ ප්‍රදේශයෙන් වාර්තා වේ. වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අල්ගම ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන් මේ වනවිට පොල් ඇතුළු කෘෂි වගාවන් කරගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින්නේ එම රිලා උදුරු හේතුවෙන් බවද…
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීම හේතුවෙන් පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ පවතින වැසි තත්ත්වය හෙට සිට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර පවතින අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් රැසක දහවල් කාලයේ පවතින උණුසුම ඉහළ ගොස් ඇති බවද සදහන් වේ. Views: 150
ඊයේ දිනයේ ගණුදෙනු අවසන් වන විට කොළඹ කොටස් වෙළඳපොල සමස්ත මිල දර්ශකය පෙර දිනට සාපේක්ෂව ඒකක 113. 67කින් ඉහළ ගොස් 12988.99 ලෙස සටහන් විය. එස් ඇනඩ් පී දර්ශකයේ වර්ධනය ඒකක 32.73කි. දිනය තුල කොටස් මිලියන 132.3ක් හුවමාරුවී තිබූ අතර, පිරිවැටුම බිලියන 4.2 කි. Views: 153
චීනයේ ෂුහායි ප්‍රාන්තයේ ක්‍රීඩාංගණයක ව්‍යායාම කටයුතුවල නිරත ව සිටි පිරිසක් අතරට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් අතරින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන අතර අදාළ අනතුරින් තවත් 43 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව තවදුරටත් වාර්තා වේ. අනතුර සිදු කළ රියදුරු 62 හැවිරිදි අයෙකු වන අතර අනතුරින් පසුව…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින් හා දේශපාලන සංවිධානවලට මෙන්ම, රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන් වෙත විවිධ කාලවකවානුවලදී නිකුත් කළ ගිනිඅවි නැවත භාරදෙන ලෙස කළ දැනුම්දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ඊයේ (12) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා…
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේ දී බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර ඇත. හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු කඩවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් හා ගිනිගත්තේන සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර…
10 වැනි පාර්ලිමේන්තුව තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු හෙට (14) ආරම්භ වීමට නියමිත අතර එදින පස්වරු 4.15ට ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති මහ මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මෙසේ ප්‍රකාශ කරන ලදී. ඡන්ද ප්‍රදේශවල ප්‍රතිඵලය හා…
2025 වසරේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානයෙන් පසුව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී ජාත්‍යන්තර එක්දින තරග පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර ඇත. ඓතිහාසික එක්දින තරගාවලි ජයක් බංග්ලාදේශයට එරෙහිව වාර්තා කිරීමෙන් පසුව ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් යොමු කරමින් නබී මේ බව දැනුම්දී ඇති බවයි වාර්තා වෙයි. 39 හැවිරිදි වියෙහි පසුවන නබී…
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සදහන් කරයි. මධ්‍යම, ඌව,සබරගමුව,සහ දකුණු පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත්ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…











