Author Archives: news_sandeep

අකුණු පහරින් මැදවච්චියේදී අයෙක් මරුට…

ඊයේ සවස් කාළයේදී වර්ශාවත් සමග ඇතිවූ අකුණු තත්වය හේතුවෙන් මැදවච්චිය ප්‍රදේශයේ සී සෑමේ යෙදී සිටි අයෙක් ජීවිතක්ශයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය, කුලික්කඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව වාර්තා වනවා . Views: 170

උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින්….

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 07ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. ඒ අනුව කුවේට්, ජපාන හා කටාර් තානාපති…

පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට…..

නවසීලන්ත හා ශ්‍රී ලංකාව අතර (13) පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 46ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී තරගය නතර කරන විට පන්දුවාර 49යි පන්දු 2 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 324ක් රැස්…

අද ඓතිහාසික මැතිවරණ දිනයක්…. රෝහණ විජේවීර ඝාතනය වී හරියටම අවුරුදු තිස්පහයි.

1989 නොවැම්බර් මස 13 වන දින සිට අද දිනට හරියටම වසර 35 කි. ඒ අවියේ බලයෙන් යටපත් කෙරුනු ලෙයින් මහපොලොව තෙමා අනාගතය හප කර දැමූ, ලාම්පු කලගෙඩි වලින් සුජාත භූමියෙ දරුවන්ගේ මහජන කැමැත්ත තමන්ට රිසිසේ උදුරාගත් අදුරු පිශාචයින් පලවා දමා දේශයේ නාමයෙන් දිවි පිදූ ඔබේත් මගේත් පොදු ජනතාවට යුක්තිය ඉටු කිරීමට දිනය පැමිණ ඇත… අදින්…

කාලගුණ වාර්තාව…..

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ…

එලොන් මස්ක්ට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තනතුරක්…..

එලොන් මස්ක්ට සහ හිටපු රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක විවේක් රාමස්වාමිට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම නව රජයේ කාර්‍යක්ශමතාව පිළිබඳ දෙපාර්තමේන්තුව මෙහෙයවීමේ වගකීම පවරා ඇත. මෙහිදී නව ඇමරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ තම අපේක්ශාව මෙම අපූරු ඇමරිකානුවන් දෙදෙනා එක්ව, රජයේ නිලදාරින්ගේ අන්ත්නෝමතික බල අධිකාරිය නියාමනය කිරීමට, අනවශ්‍ය අතිරික්ත රෙගුලාසි කප්පාදු කිරීමට, රජයේ නාස්තිකාර වියදම් කපා හැරීමට සහ ෆෙඩරල් ඒජන්සි…

වෙළෙඳපොළේ රතු කැකුළු සහල් හිඟයක් – මිල ඉහළට….

පාරිභෝගිකයින් පවසන්නේ වෙළෙඳපොළේ මේ දිනවල රතු කැකුළු සහල් හිඟයක් පවතින බවයි. බොහෝ සුපිරි වෙළෙඳසල් සහ සිල්ලර වෙළෙඳසැල්වල රතු කැකුළු සහල් හිඟයක් පවතින අතර, ඇතැම් ස්ථානවල පාලන මිල වන රුපියල් 210.00 කට වඩා ඉහළ මිලක් යටතේ, කිලෝවක් රුපියල් 240.00-250.00 අතර ගණනකින් සහල් අලෙවි කරමින් සිටින බව පාරිභෝගිකයින් පවසයි. මෙම තත්ත්වය පිළිබඳව සිල්ලර වෙළෙඳුන් පවසන්නේ, සහල් හිඟයක්…

බදු ගෙවන්න මෙන්ඩිස් සමාගමට අවසන් දින දෙයි….

ලබන 30 වනදා වන විට හිඟ බදු ගෙවීමට අපොහොසත් වුවහොත්, මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන උපදෙස් මේ වන විටත් අදාල සමාගමට යොමු කර ඇති බවයි. මේ අතර, මාස 06 ක සිරදඬුවම් නියම කළ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර…

ආහාර පිසිමින් සිටි කාන්තාවක් මියයයි….

මාතලේ, විහාරපාර ප්‍රදේශයේ නිවසක ඊයේ(12) පෙරවරුවේදී ආහාර පිසිමින් සිටි කාන්තාවක් භුමිතෙල් ලිප පෙරළිමෙන් ගිනි ඇවිළි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ එම කාන්තාව උදෑසන කාලයේදී ආහාර පිසින අවස්ථාවේදී භුමිතෙල් ලිප පෙරළීමෙන් ගිනි ඇවිලි ඇති බවයි. මාතලේ රෝහලට ඇතුළත් කර ඇති මෙම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රී කාලයේදී ඇය මිය ගොස් ඇත. මිය ගිය…

බොරතෙල් මිලෙහි වෙනසක්….

පසුගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළඳපළේ බොරතෙල් මිලෙහි වෙනස්වීමක් දකින්නට ලැබේ. ඒ අනුව, ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 68.03 ලෙසයි. බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71.89ක් ලෙසද සටහන්වී ඇත. Views: 167