එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ජාතික කාර්ය සාධක බළකායේ අනතුරු අඟවයි. එම බළකාය පවසන්නේ මෑතක සිට වැඩි වශයෙන් ශ්‍රී ලාකිකයින් එම කඳවුරු වෙත ආකර්ෂණය කරගෙන ඇති බවයි. විශේෂයෙන්ම වැඩි වැටුප් පෙන්වමින් ඉහළ පරිගණක දැනුම සහිත පුද්ගලයින්ව වෙනත් රටවල රැකියා සඳහා…
Author Archives: news_sandeep
මෙම විද්‍යුත් දුම්වැටි දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් දරුවන් අතර විශාල ලෙස ව්‍යාප්තව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකල පරීක්ෂණයකින් අනාවරණය වී ඇති අතර මෙම දුම්වැටි අලෙවි වීම සිදුවන්නේ මාර්ගගත ක්‍රමයට බවද සදහන් වේ. මෙවා, ගුවන් තොටුපොළ, වරාය සහ මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණෙන අතර ඉතාම පහසුවෙන් භාවිතා කල හැකි ආකාරයට නිෂ්පාදනය කර ඇති බවද සඳහන්….
2024.11.09 වන දින කටුනායක ගුවන්තොටුපොල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම් 02 ක් සිදුකර තීරු බදු රහිත විදේශීය දුම් වැටි 16400 (කාටුන් 82) ක් සහ තීරු බදු රහිත විදේශීය දුම්වැටි 61800 (කාටුන් 309) ක් ඩුබායි සිට ගුවන් මගින් මේ රටට රැගෙන ආ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරියන්…
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු පසුගිය 07 වනදා අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම බෙදාදීම් සිදු වුවත් 550,000 ක් නිල ඡන්ද පත්‍රිකා භාරගෙන නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත් නොලැබුණු ඡන්ද හිමියන්ට 2024 නොවැම්බර් මස 14…
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා. දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබෙනවා. එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ…
විදුලි ලත්තෑරුමක් තුළ සඟවා මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන කාන්තාවන් දෙදෙනෙක් කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවෙක් සොයා මහනුවර ප්‍රදේශයේ නිවසකට ගිය අවස්ථාවේ දී එම නිවසේ ගෙහිමියාවන සැකකරු නිවසේ නොසිට ඇති අතර, ඔහුගේ බිරිඳ සහ මවගෙන් සැකකරු ගැන කළ විමසීමේදී ඔහු නිවසේ නොමැති…
මාසයක් තුළ 04 වන වතාවටත් පිලිපීනයට සුලි කුණාටුවක් කඩා වැදී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටොරාජි ලෙස හැදින්වූ එම සුළි කුණාටුවේ බලපෑමත් සමග ඇති වූ වැසි තත්ත්වය හමුවේ එරට ප්‍රදේශ කිහිපයක විදුලි විසන්ධි වීම්, ගස් කඩා වැටීම් මෙන්ම නිවාස හානි වාර්තා වී ඇති බවයි. ගංවතුරෙන් හා නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවලින් 7,000ක පමණ පිරිසක් ඉවත් කිරීමටද…
දශක දෙකකට අධික කාලයකට පසුත් හංසවිල යළිත් කළතන්නට අපවම මෙ හෙ යවන සාධකය කුමක්ද? ක්‍රයිස්ටොෆ් කිසලොව්ස්කි තමන්ට වාර්තා චිත්‍රපටිකරණයේ සිට වෘතාන්ත චිත්‍රපටිකරණයට මාරුවීමට බලපෑ හේතු විස්තර කරමින් මෙ සේ සදහන් කරයි. “හැම දෙයක්ම විස්තර කළ නොහැකියි. වාර්තා චිත්‍රපටිකරණයේ ලොකුම ගැටලුව මෙයයි. එය එහිම වූ උගුලක සිරවෙ යි… මා ආදරය ගැන චිත්‍රපටියක් කරන්නේ නම් ඇත්ත මිනිසුන්…
කොළඹ ලේක්හවුස් ආයතන පරිශ්‍රයට මොටර් රථයක් කඩා වැදීමෙන් අද (11) අලුයම අනතුරක් සිදුවී ඇති බව වාර්තා වේ. මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පැවසෙන අතර මෙම අනතුරින් ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක වැටට හානි සිදුව ඇති බවට තවදුරටත් වාර්තා වේ. මෙම අනතුරින් රියදුරුට හානියක් සිදුව නොමැති අතර කොටුව පොලිසිය අනතුර පිළිබඳව වැඩිදුර…
නෙළුක්කුලම පොලිස් වසමේ කලෛමහල් විද්‍යාලය අසලදී ඊයේ (10) සවස් කාලයේදී දෙපාර්ෂවයක් අතර ඇති වූ ආරවුලක් අතරතුර පුද්ගලයෙකු මාර්ගයට විසි වී මාර්ගයේ ධාවනය වූ රථයක ගැටී මියගොස් ඇති බවට වාර්තා වේ. රථයේ ගැටීමෙන් පසු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇති බවට වාර්තා වන අතර මරණකරු වයස අවුරුදු 30ක් වූ…











