Author Archives: Rapidnews Admin

T20 ලෝක කුසලානයේ 2026 නිල කාලසටහන එළිදැක්වීම අද

2026 ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නිළ කාලසටහන එළිදැක්වීම අද(25) සිදු කිරීමට නියමිතයි. තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 80ක් පමණි. මෙවර තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වේ. කණ්ඩායම් 20ක් තරගාවලියට එක්වන අතර අවසන් මහා තරගය ද ඇතුළුව තරග 55ක් පැවැත්වීමට නියමිතයි. නිල තරග කාලසටහන එළිදැක්වීම අද මුම්බායිහීදී සිදු කිරීමට නියමිතයි….

පාර්ලිමේන්තුවට බුර්කාවකින් ආ ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකයෙකුගේ වැඩ තහනම්

ඕස්ට්‍රේලියානු සෙනෙට් සභික පෝලීන් හැන්සන් පාර්ලිමේන්තුවේදී බුර්කාවක් ඇඳගෙන විරෝධතා දැක්වීම නිසා සතියක කාලයකට ඇයගේ පාර්ලිමේන්තු සහභාගීත්වය අත්හිටුවා ඇත. සංක්‍රමණ විරෝධී One Nation පක්ෂයේ හැන්සන්, “ප්‍රසිද්ධ ස්ථානවල සම්පූර්ණ මුහුණු ආවරණ තහනම් කිරීමේ” පනතක් නැවත හඳුන්වා දීමට උත්සාහ කළාය. සෙනෙට් සභාව ඇගේ පියවර අවහිර කළ විට, ඇය කළු බුර්කාවකින් සැරසී නැවත සභා ගර්භයට පැමිණියාය. බොහෝ සෙනෙට් සභිකයින්…

උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවෙලා ද ?

මේ වනවිට පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින් ජයතිස්ස මහතා මේ බව පැවසීය. අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලද තොරතුරක් මත පදනම්ව මෙම…

බස් ගාස්තු කාඩ්වලින් ගෙවීමෙන් බැංකුවලින් ලොකු ගාස්තුවක්… බස් හිමියන් විරෝධයේ..

බස් ගාස්තු පෙරගෙවූම් කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් බැංකු විසින් අය කරනු ලබන අධික කොමිස් මුදල හේතුවෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය දැඩි අසතුටක් පළ කරන බව එම සංගමයේ සභාපති සම්පත් රණසිංහ මහතා සඳහන් කරයි. බස් රථවල ගමන් කිරීම සඳහා කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ පහසුකම සැපයීම පිළිබඳව රජයට ස්තූතිවන්ත වන බව රණසිංහ…

පළාත් 6කට මි.මී 200 ඉක්මවූ වැසි – ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6ක මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවය. ඒ අනුව උතුරු, උතුරු…

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයින අශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (25) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවය. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

තීරණාත්මක ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය අද

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද (25) පැවැත්වෙයි. රාවල්පිණ්ඩිහි දී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරග දෙකම පරාජයට පත්වුණි. ඒ අනුව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය…

අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 10ක්

අයහපත් කාලගුණ තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ද තුවාල ලබා තිබේ. තවද මේ වන විට ඇති වූ අයහපත් කාලගුණයත් සමග පවුල් 504 ක පුද්ගලයින් 1790 කට බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ. සම්පූර්ණ නිවාස හානි 2ක් වාර්තා…

විද්‍යුත් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේදී අමතර අයවීමක් නැහැ

විද්‍යුත් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේදී අමතර අයවීමක් නැහැ |-ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක | ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, විනිවිදභාවය මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර තවදුරටත් තහවුරු කිරීමටත්, මගී පහසුව වෙනුවෙනුත් විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ වැඩසටහන…

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ක්‍රියාකාරී දින 16 ඇරඹෙයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ක්‍රියාකාරී දින 16 සනිටුහන් කිරීමේ ගෝලීය ව්‍යාපාරය සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල ලාංඡන පැළඳවීමට කටයුතු කර තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගෞරවණීය ලෙස ජීවත් වීම මනුෂ්‍ය හිමිකමක් බව ලෝකයම…