ඉදිරි පැය 24 සඳහා අධි අවදානම් ගංවතුර ඇඟවීමක් මහ ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබේ. මහ ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24ක කාලය තුළ දැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මහ ඔය නිම්නයේ පහත්බිම්වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුරක් ඇති විය හැකි බවට පුරෝකථනය කර…
Author Archives: Rapidnews Admin
මේ මොහොතේ අන් සියල්ලටම වඩා තමන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු මුළු දිවයිනේම දැනට පවතින ආපදා මට්ටම සම්බන්ධව අද Zoom තාක්ෂණය හරහා පැවැත්වුණු සාකච්ඡාවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියා. අන් සියල්ලටම වඩා ජීවිත බේරා ගැනීම රජයේ ප්‍රධාන ඉලක්කය බවත්, ජාතික ආපදාවකට…
පවතින අයහපත් කාලගුණය නිසා සමස්ත රටෙහි 25% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර පවසනවා. නැගෙනහිර, මධ්‍යම හා උතුරු පළාත ආශ්‍රිතව වැඩි වශයෙන් එම විදුලි විසන්ධිධිවීම් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළේ. පවතින කාලගුණ තත්ත්වය හමුවේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීම ද දුෂ්කර කාර්යයක් වී ඇති බවයි…
මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම ආපදා හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, පවුල් 61,175කට අයත් පුද්ගලයින් 21,9282ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පීඩාවට පත්වූ පවුල් 5,890කට අයත් පුද්ගලයින් 18,443 දෙනෙකු තාවකාලික සුරක්ෂිත…
තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය. Views: 95
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි. එමෙන්ම පාසල් ආරම්භය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසීය. Views: 86
හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 128ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගින්නෙන් පුද්ගලයින් 200ක් පමණ තවමත් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දශක ගණනාවකින් පසු හොංකොංහි ඇති වූ දරුණුතම ගින්න ලෙසින් සැලකෙන මෙම ගිනිගැනීමෙන් පසු ආන්දෝලනාත්මක කතාබහක්ද මේ වනවිට ඇතිව තිබේ. එනම් ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින මෙම…
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 91ක් සඳහා අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන ඇත. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, බදුල්ල, හාලි ඇල, කන්දකැටිය, පස්සර, ඌව පරණගම, වැලිමඩ, ලුණුගල,…
කුළු ගඟ ද්‍රෝණිය වෙත මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හා කළු ගඟ ද්‍රෝණිය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන දත්ත විශ්ලේෂණය අනුව ඉදිරි පැය කිහිපය තුළ මහා ගංවතුර තත්ත්වයක් ඇති වන බවට අනතුරු ඇඟවා තිබේ. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම හා ඇළපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය,…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අවලංගු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. එළඹෙන 30 වනදා දක්වා මෙය ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසීය. යම් නිලධාරියෙකුට පවතින ආපදා තත්ත්වය හමුවේ අනුයුක්ත කර ඇති පොලීසියට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි…











