අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග කිහිපයකට තවදුරටත් ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තවදුරටත් භාවිතා කරන ලෙසයි ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම දැනුම් දෙන්නේ. එසේම ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ තදබදය අවම කර ගැනීම සඳහා, අමුත්තන් පර්යන්තයට රැගෙන නොඑන…
Author Archives: Rapidnews Admin
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ. සිද්ධියෙන් පුද්ගලයින් 04 දෙනෙකු අතුරුදන්ව ඇති බව මාවනැල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීප් නිශාන්ත මහතා සඳහන් කළේය. තවත් පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීම සඳහා යුද හමුදාව එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද ඒ මහතා පැවසීය. පවතින තත්ත්වය හමුවේ මෙම ප්‍රදේශයේ පිරිස් ඉවත් කර තිබූ බවත් ඊයේ රාත්‍රියේ නැවත නිවෙස්…
කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට ඉහළ යාම හේතුවෙන් ස්ථාන කිහිපයක වෙසෙන පහත්බිම්වල ජනතාවට ඉන් ඉවත් වන ලෙස නිවේදනය කර තිබේ. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා විසින් එම දැනුම්දීම කර ඇත. ඒ අනුව, කඩුවෙල – මාලබේ, අතුරුගිරිය – මාලබේ සහ මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයන්හි පහත්බිම්වල ජනතාවට ජනතාවට ඉන් ඉවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා…
ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 32ක් සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස කෝට්ටේ නව ජයවීර මාවතේදී අද (29) වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනාම වයස අවුරුදු 20 -35 ත් අතර සිටින්නන් බව සඳහන් වේ. ඔවුන් සන්තකයේ තිබී ඈෂ්, හෙරොයින්, අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය සොයා…
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 153ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 191දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. එම මධ්‍යස්ථානය අද (29) පස්වරු 6.00ට නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්ව ඇත. මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 217,263ක පුද්ගලයින් 774,724 දෙනෙකු ආපදාවට ලක්ව තිබේ. එමෙන්ම…
අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිය සංචාරකයින් සඳහා වීසා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ වීසා පහසුකම සැලසීමේ දී සිදුකරන ලබන ක්‍රියාමාර්ගයන් පහත පරිදි වේ. 1. ගුවන් යානා අවලංගු වීම හා ගමනා ගමන දුෂ්කරතා…
දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අධික වැසි, ගංවතුර, තද සුළං හා නායයෑම් තත්ත්වයන් ඇති වී ඇති අතර, ඇතැම් ප්‍රදේශවලින් මහජනතාවට ඉවත්වීමේ නිවේදන ද නිකුත් කිරීමට මේ වනවිට කටයුතු කර ඇත. උද්ගතවී ඇති මෙම හදිසි තත්ත්වය පිළිබඳ නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සඳහා සහ අවශ්‍ය සහන සැලසීමට පොලිස්පතිගේ අධික්ෂණය යටතේ පොලිස්පති විශේෂ…
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔය ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්. ඒ. සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, ඊයේ (28) දිනය තුළ එම ප්‍රදේශයට මි.මී 300කට අධික වර්ෂාපතනයක් දූනමලෙයි ප්‍රදේශයට ඉහළ තැන්වලට ලැබී ඇති බවය. මේ වනවිට දූනමලෙයි ජල මිනුම් මධ්‍යස්ථානය උපරිම ස්ථානයට පැමිණ ඇති අතර, එම ස්ථානයත් යට වී…
රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සේවා ස්ථානයන්ට පැමිණීමට අපහසු වී ඇති බන්ධනාගාර නිලධාරීන් වහාම ආසන්තම බන්ධනාගාරයට වාර්තා කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම්දෙයි. බන්ධනාගාරවල ආරක්ෂක කටයුතු සඳහා මේ වනවිට බාධා එල්ල වී ඇති බැවින් මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. Views: 67
මෙරටට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ සවිස්තර තත්ත්ව වාර්තාවක් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා. එම වාර්තාවට අනුව ඊයේ (28) දිනයේ පස්වරු 6.00 දක්වා තොරතුරු දක්වා ඇති අතර, සිදවූ ආපදාවන් නිසා නොවැම්බර් 11 සිට ඊයේ දක්වා පුද්ගලයින් 69 දෙනෙක් මිය ගොස්, තවත් 34 දෙනෙක් අතුරුදන් වී ඇති බවයි දැක්වෙන්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 30…











