Author Archives: Rapidnews Admin

පැය 72ක් තුළ ආපදා මරණ 46ක් – සමස්ත මරණ 56ක් දක්වා ඉහළට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තාවී තිබේ. ඒ අනුව නොවැම්බර් 16 වනදා සිට මේ දක්වා සිදුවී ඇති ආපදා මරණ 56ක් දක්වා ඉහළගොස් ඇත. පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991 පීඩාවට පත්වී සිටී….

‘දිට්වා’ ප්‍රචණ්ඩ වෙයි – පැය 48කින් ඉන්දියාවට

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව ඉදිරි පැය 48ක කාලය තුළ තමිල්නාඩුවෙන් ඉන්දියාවට ඇතුළුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි. මේ හේතුවෙන් තමිල්නාඩුව ආශ්‍රිත වරායන්වලට අවවාදාත්මක නිවේදන මේ වනවිට නිකුත්කර තිබේ. ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් ‘දිට්වා’ මේ වනවිට ඉන්දියාවේ පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් අතර කොරොමැන්ඩල් වෙරළ තීරය දෙසට ගමන් කරමින් පවතින…

ප්‍රචණ්ඩ සුළි කුනාටුව ශ්‍රී ලංකාවට කඩා වදින්න ආසන්නයි.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 120 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 6.7°N සහ දේශාංශ 82.1°E ආසන්නයේ  කේන්ද්‍රගතව වී ඇත. එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.   නැවත දැනුම් දෙන…

ආපදා තත්ත්වයෙන් මියගිය එක් අයෙකුට ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 10ක්

අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබේ. ඒ අනුව මියගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත. Views: 103

එක්සත් රාජධානිය සංක්‍රමණිකයින් සඳහා ප්‍රධාන නව නීති සැලසුම් කර

එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් ෂබානා මහමුද්, රටේ ආගමන නීතිවලට ප්‍රධාන වෙනස්කම් නිවේදනය කර තිබේ. සංක්‍රමණිකයින්ට එක්සත් රාජධානියේ ස්ථිරව රැඳී සිටීමට අවශ්‍ය නම් ඔවුන් සමාජයට දායක වන බව ඔප්පු කිරීමට දැන් සිදුවනු ඇතැයි ඇය පැවසුවාය. ඇය මෙම ප්‍රතිසංස්කරණ හැඳින්වූයේ “නූතන යුගයේ විශාලතම වෙනස්කම්” ලෙසයි. නව සැලැස්ම යටතේ, එක්සත් රාජධානියේ නීත්‍යානුකූලව සිටින බොහෝ සංක්‍රමණිකයින්ට පදිංචි වීමට…

පාසල් දරුවන් අයිස්, හෙරොයින්, ගංජා සමග අත්අඩංගුවට

ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 21 ට අඩු පිරිමි ළමයින් 5,671 ක් සහ ගැහැණු ළමයින් 93 ක් හෙරොයින්, මරිජුවානා සහ ICE ඇතුළු භයානක මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව DIG අශෝක ධර්මසේන මහතා අනාවරණය කළේය. මෙම සංඛ්‍යාලේඛන මත්ද්‍රව්‍යවලට එරෙහි ‘A Nation United’ ජාතික මෙහෙයුම් කවුන්සිලයේ දෙවන සැසියේදී ජනාධිපති අනුර දිසානායක මහතා වෙත…

ඉම්රාන් ඛාන් හොඳින් – අඩියාලා බන්ධනාගාරය කියයි.

පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ආඩියාලා බන්ධනාගාරය තුලදී ඝාතනය කර ඇති බවට පැතිරයන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ආඩියාලා බන්ධනාගාරය නිවේදනය කර තිබේ. ඊයේ(26) දිනයේදී පකිස්ථාන සමාජ මාධ්‍ය හරහා ඊයේ දිනයේදී තම සහෝදරයා හමුවීමට අවසර ඉල්ලා රාවල්පිණ්ඩිහි අඩියාලා බන්ධනාගාරය (Adiala Jail) ඉදිරිපිට රැස්ව සිටි ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනාවන නෝරීන් ඛාන්, අලීමා ඛාන් සහ උස්මා ඛාන් යන…

හොංකොං ඛේදවාචකය – මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට – 279ක් අතුරුදහන්

හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 44ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 279 දෙනෙකු අතුරුදනව ඇති බව වාර්තා වේ. මියගිය අය අතර ගිනිනිවන භටයෙකුද වේ. එරට වේලාවෙන් ඊයේ (26) පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණි. පැය 18 කට වැඩි කාලයක් තිස්සේ ඇවිළෙන මෙම ගින්න නිවාදැමීම සඳහා මේ වන විට…