Author Archives: subash upadya

රාජ්‍ය බලය, පාතාලය සහ පොලිස් බලතල අභිමතය පරිදි නැවීම

කුණ්ඩසාලේ රාජමාලිගාවේ සඳකඩ පහන සොරකමේදී ප්‍රධාන සැකකරු බේරාගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කටයුතු කළ ආකාරයත්, මත්ද්‍රව්‍ය හා පාතාල මර්දනයේදී සිදු වන අක්‍රමිකතාත් දෙස බැලීමේදී පැහැදිලි වන්නේ මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය තුළ පවතින බරපතල ව්‍යුහාත්මක හා අනුකලනාත්මක බිඳවැටීමයි. නීතිය පසෙකලා දේශපාලනික හා මූල්‍යමය වාසි උදෙසා ක්‍රියාකිරීමට පොලිස් පද්ධතිය තුළ ඇති වී තිබෙන අන්තනෝමතික ඉඩකඩ, රටක නීතියේ…

මෑන්ලි වෙරළේ රැල්ලක් උඩ සර්ෆ් කළ ඩොල්ෆින් දොළොස්දෙනා ඡායාරූප ශිල්පිනී ජෙසිකාගේ කැමරා කාචයට හසු වූ අපූරු දසුන

ජෙසිකා බ්ලැක්ලෝ කියන ඡායාරූප ශිල්පිනිය සිඩ්නිවල මෑන්ලි වෙරළ අසලට ගිහින් තිබුණේ ඩොල්ෆින් මසුන් පනින අපූරු මොහොතක් කැමරාවට අල්ලාගන්න බලාගෙනයි. ඇය ඒ වෙරළට ගිය වෙලාවේ, ලොකු රැල්ලක් හැඟීගෙන එනවත් එක්කම ඩොල්ෆින් මසුන් දොළොස් දෙනෙක්ම එකම පේළියට, පුදුම විදිහට එකට එකතු වෙලා ඒ රැල්ල උඩ සර්ෆ් කරගෙන යන අපූරු දසුනක් දැකලා තියෙනවා. ​ඇය කියන විදිහට, මේ වගේ…

අඟුලාන මුහුදේදී නාවිකයන් 11 දෙනෙකුගේ ජීවිත බේරාගත් වීරයන් 14 දෙනාගෙන් සමන්විත ප්‍රදේශවාසීන්ට නාවික හමුදාපතිගෙන් නිල ප්‍රශංසා!

අඟුලාන මුහුදු තීරයේදී ආපදාවට ලක්වූ P 4447 වේග ප්‍රහාරක යාත්‍රාවේ නාවිකයින් 11 දෙනාගේ ජීවිත බේරාගැනීමට මැදිහත් වූ 14 දෙනාගෙන් සමන්විත ප්‍රදේශවාසීන්ගේ උදාර ක්‍රියාකාරකම් නාවික හමුදාව විසින් නිල වශයෙන් ප්‍රශංසා කළා.මෙම සිවිල් වැසියන් තමන්ගේ ජීවිත අවදානමට පවා ලක්වූ අතර, රළු මුහුදු තත්ත්වය අතරතුර නාවිකයින් බේරාගැනීමට ක්ෂණිකව මැදිහත් වීම මානුෂීය සහ වීරත්වය පිළිබඳ උදාහරණයක් ලෙස සැලකේ.නාවික හමුදාධිපති…

විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට මාසික දීමනාවක්

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා මාසික දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2026 අයවැය යෝජනාවක් අනුව, සුදුසුකම් ලබන එක් සිසුවෙකුට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. දිවයිනේ සියලුම පාසල්වලින් අයදුම්පත් කැඳවා සුදුසුකම් ලැබූ සිසුන් 5,530 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම සිසුන් සියලුදෙනාට දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්…

රට නැවත බංකොලොත් වීමට අවදානමක්ද?

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2028 වසරේදී ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැකි බව ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ, එවකට විදේශ ණය ගෙවීම සඳහා රටේ සංචිතය ඩොලර් බිලියන 15ක් විය යුතු බවත්, එය සපුරා ගැනීමට නොහැකි වුවහොත් බංකොලොත් අවදානමක් ඇති බවත්ය. එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසන්නේ, රට…

කොළඹ දෙමටගොඩ මල් බෙරි රිසෝට් නිවාස සංකීර්ණයේ දරුවාගේ කඳුලු කතාව

අගෝස්තු 16 පස්වරුවේ, කොළඹ 09 මරදාන දෙමටගොඩ පාරේ පිහිටි “මල් බෙරි රිසෝට්” නාමැති මහල් 14කින් යුත් නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් වැටී 12 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත් වීමේ ශෝකජනක සිදුවීමක් වාර්තා විය.මෙම දරුවා වූයේ එම ප්‍රදේශයේම පදිංචි අබ්දුල් හසීන් නම් ළමයෙකි. මව පවුල අතහැර ගොස් තිබීමත්, පියා මත්පැන් පානයට ඇබ්බැහිව සිටීමත් හේතුවෙන් අධිකරණ නියෝගයක් මත…

අනුරාධපුරයේ පවතින අධික උෂ්ණත්වය නිසා ජලාශවල ජල මට්ටම පහත බැස ඇති අතර, ඉදිරියේදී පැමිණිය හැකි එල්නිනෝ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව්වල හා ජලාශවල ජලල මට්ටම යම්කිසි ප්‍රමාණයකින් පහත වැටී තිබුණද එය දැඩි බලපෑමක් නොවන බවත් යල මහා දෙකන්නයම වගා කිරීම හේතුවෙන් කුඩා වැව් සාමාන්‍ය පරිදි සිදියාමට ලක්ව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක ජයන්ත ද සිල්වා මහතා පවසයි. එල්නිනෝ තත්ත්වය හමුවේ ඉදිරි කාලයේදී පවතින අධික උෂ්ණත්වයත් සමඟ ප්‍රධාන වැව්වල…

යලුවන්ට තම මවට අතවර කරන්න දී දේපළ කොල්ලකෑ පුතා කොටුවේ

වවුනියාව, මහමයිලන්කුලම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි ව්‍යාපාරික කාන්තාවකට අමානුෂික ලෙස පහරදී, අතවර කර රුපියල් එක්කෝටි තිස් අට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් දේපළ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පුතු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, අදාළ කාන්තාව විසින් සිය පුත්‍රයා වෙත පරිශීලනය සඳහා ලබාදී තිබූ සුඛෝපභෝගී මෝටර් රථයෙන්…

දියතලාවේදී ගුවන් හමුදා බස් රථයක තිරිංග අක්‍රිය වෙයි: රියදුරුගේ ක්ෂණික තීරණයෙන් කැඩෙට් නිලධාරීන් 30 දෙනෙකුගේ ජීවිත බේරෙයි.

2026 අගෝස්තු මස 16 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කඳවුරේ සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ ගුවන් හමුදා බස් රථයක හදිසියේම තිරිංග (Brake) ක්‍රියාවිරහිත වීමෙන් සිදුවීමට ගිය දැවැන්ත අනතුරක් වළක්වා ගැනීමට එහි රියදුරු සමත් වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුහුණුව ලබන කැඩෙට් නිලධාරීන් 30 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත….