චීන එයාර් වයිට් වේල් සමාගම මෑතකදී එහි මිනිසුන් රහිත භාණ්ඩ ප්රවාහන ගුවන් යානය වන W5000 එළිදක්වා ඇති අතර එය භාණ්ඩ ප්රවාහන ක්ෂේත්රයට එක්වීමෙන් පසු ටොන් පහක භාණ්ඩ ප්රවාහන ධාරිතාවක් සහිත ලොව විශාලතම ඩ්රෝන යානය ලෙස සැලකිය හැක. ගුවන් භාණ්ඩ ප්රවාහනය ක්ෂෙත්රයේ ප්රබල පරිවර්තනයක් සමඟින් දියත් කරන ලද මෙම දැවැන්ත ඩ්රෝනය කාර්යක්ෂමතාව, දැරිය හැකි මිලක් සහිත…
Category Archives: World
අද විශ්මයජනක හෙළිදරව්වකින්, SpaceX සහ Tesla පිටුපස සිටින ප්රකෝටිපති ව්යවසායකයා වන Elon Musk, “සාම්ප්රදායික භෞතික විද්යාව නොතකා හරින” ප්රථම UFO ප්රහාරක ජෙට් යානය ලෙස ඔහු ප්රකාශ කරන දේ එළිදක්වන ලදී. මෙහිදී SpaceX මූලස්ථානයේ බොහෝ බලාපොරොත්තු වූ එළිදැක්වීම අතරතුර, Musk ප්රහාරකයාගේ නිශ්ශබ්දව සැරිසැරීමට, අංශක 90 ක ක්ෂණික හැරීම් ක්රියාත්මක කිරීමට සහ කලින් මිනිසුන් විසින් නිර්මාණය කරන…
2025 ඉන්දීය ප්රීමියර් ලීග් (IPL) තරගාවලියේ ක්රීඩක ලංසු තැබීමට පෙර, බොහෝ කණ්ඩායම් පසුගිය කාලයේ සිටි ප්රබල ක්රීඩකයින් රඳවා ගැනීමට ක්රියාත්මකව සිටී. එම කණ්ඩායම් සඳහා වටිනාම ක්රීඩකයින් එළඹෙන IPL තරගාවලිය සඳහා යොදවන බවත් කණ්ඩායම් කළමනාකරණය පවසයි. ඉන්දීය ප්රීමියර් ලීග් (IPL) සංවිධායක මඬුල්ල, අද (31) දිනයේදී 2025 IPL තරගාවලිය සඳහා රඳවා ගත් ක්රීඩකයින් සහ ඔවුන්ට හිමිව ඇති…
බ්රිතාන්යයේ නව මුදල් ඇමතිනි රැචෙල් රීව්ස් සිය පළමු අයවැය යෝජනාවලිය ඊයේ (30) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි විශේෂත්වයවන්නේ වසර 30ක් තුළ බ්රිතාන්යය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩිකිරීම එමගින් යෝජනා කර තිබීමයි. සිය අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඇය පසුගිය කොන්සවේටිව් පාලනයට චෝදනා කර සිටියේ රාජ්ය සේවය කඩා වැට්ටවීමේ වගකීම ඔවුන් බාරගත යුතු බවටයි. ඒ අනුව…
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්රතිවාදී ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට මෙන්ම වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ද අපහාස කළේය. ට්රම්ප්, සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවකින් ද සැරැසී කුණු ලොරිය පැදවූයේ, විස්කොන්සින් ජනපදයේ, ග්රීන් බේ නුවර, ඔස්ටි්රන් ස්ට්රවුබල් ජාත්යන්තර ගුවන්තොටුපොළට සිය ගුවන් යානයෙන් පැමිණීමෙන් පසුවය. ට්රම්ප්,…
ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන්, ඔහුගේ ගම්පළාත වන ඩෙලවෙයාර් ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද මධ්යස්ථානයට ගොස්, මිනිත්තු 40 ක් පෝලිමේ සිටීමෙන් අනතුරුව සිය ඡන්දය ප්රකාශ කළ බව සදහන් වේ. ඇමෙරිකාවේ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, එයට පෙර ජනපද මට්ටමින් වේලාසනින් ඡන්දය ප්රකාශ කිරීමට ඇමෙරිකන් වැසියන්ට අවස්ථාවක් ලැබෙන අතර ඒ අනුව බයිඩන්, ජනාධිපති ආරක්ෂක නිලධාරීන්ගේ…
ස්පාඤ්ඤයේ නැගෙනහිර ප්රදේශයේ Valencia සහ අවට ප්රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් පසු ඇති වූ හදිසි ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු පවසති. අඟහරුවාදා(29) ඇති වූ දැඩි කුණාටු හේතුවෙන් දකුණු හා නැගෙනහිර ස්පාඤ්ඤයේ ප්රදේශ හරහා ගංවතුර ඇති විය. සමාජ මාධ්යවල හුවමාරු වූ දර්ශනවල දැක්වෙන්නේ මඩ පැහැති ජලයෙන් වාහන පාරවල් දිගේ ගසාගෙන යන ආකාරයයි….
වසරේ හොඳ ම පාපන්දු ක්රීඩකයාට පිරිනැමෙන බලෝන් ඩෝර් (Ballon d’Or) සම්මානය මැන්චෙස්ටර් සිටි සහ ස්පාඤ්ඤ කණ්ඩායම්වල මැද පෙළ ක්රීඩක රොඩ්රි පළමු වරට දිනා ගත්තේ ය. පසුගිය තරග වාරෙය් ක්රීඩා සමාජය සහ රට වෙනුවෙන් ක්රීඩා කළ තරගවලින් එක් තරගයකදී පමණක් පරාජය අත්විඳි මෙම 28 හැවිරිදි ක්රීඩකයා ජූලි මාසයේදී යූරෝ 2024 තරගාවලියේදී ස්පාඤ්ඤය ජයග්රහණය කරා මෙහෙයවීමෙන් පසු…
ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයට ඊශ්රායලය එල්ල කළ ගුවන් ප්රහාරවලින් මියගිය සංඛ්යාව 93 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්ය වාර්තා කළේ මේ අතර ළමයින් 25 ක් සිටි බවයි. ප්රහාර හමුවේ තුවාල ලැබූ ජනතාවට ප්රතිකාර කිරීම සඳහා ඖෂධ හිඟ වීම හේතුවෙන් බලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව ලෙබනන වාර්තා ප්රකාශ කළා. මේ අතර එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත…
Volkswagen සමාගම ඔවුන්ගේ ජර්මනියේ පිහිටි කර්මාන්තශාලා වලින් “අවම වශයෙන්” කර්මාන්තශාලා තුනක් වසා දැමීමටත්, දස දහස් ගනනක් කාර්ය මණ්ඩලය දොට්ට දැමීමටත්, එරට ඉතිරිව ඇති කම්හල් අඩු කිරීමටත් සැලසුම් කර ඇති බව Volkswagen සමාගමේ සේවක කණ්ඩායම පසුගියදා පැවසීය. මෙලෙස ජර්මනියේ පිහිටි දේශීය කර්මාන්තශාලා වසා දැමීම Volkswagen හි 87 වසරක ඉතිහාසයේ පළමු වරට සිදු වනු ඇති අතර, එය…











