කැනඩාවේ පිහිටි හින්දු කෝවිලකට හිතාමතාම ප්‍රහාරයක් එල්ල කිරීම දැඩි ලෙස හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් බිය ගැන්වීමේ “බියගුලු උත්සාහයන්” පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරන බව ද ඔහු තවදුරටත් පවසා තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, කැනඩාව යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කරනු ඇතැයි ඉන්දියාව…
Category Archives: World
ඉන්දුනීසියාවේ Laki-Laki ගිනි කන්ද පුපුරා යාමෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම විපතෙන් තවත් පුද්ගලයන් 10,295 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි. Views: 163
තායිලන්තයේ ගුවන් තොටුපළ හයකට මගීන් ඇතුළු කිරීමට පහසුකම් සලසන නව මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය ඊයේ (03) දිනයේ ක්‍රියාත්මක විය. මෙම උසස් ජෛව පටිගත කිරීමේ තාක්ෂණය නොවැම්බර් 1 වන දින සිට, දේශීය මගීන්ටද දෙසැම්බර් 1 වන දින සිට ජාත්‍යන්තර සංචාරකයින්ටද භාවිතා කිරීමට අවස්ථාව ලැබෙන බව තායිලන්ත ගුවන් තොටුපළ අධිකාරියේ අධ්‍යක්ෂවරයා සදහන් කරයි. මෙම තාක්ෂණය භාවිතා කිරීමට, මගීන්…
ඊශ්‍රායලය විසින් තම ගුවන් කලාපය ආරක්ෂා කිරීම වෙනුවෙන් නව මිසයිල ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කරමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ‘අයන් බීම්’ ලෙස නම්කර ඇති මෙම මිසයිල ආරක්ෂක පද්ධතිය වර්තමානයේ ඊශ්‍රායලය භාවිත කරන අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතියට වඩා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුක්ත බවයි වාර්තා වන්නේ. අධිබලැති ලේසර් කිරණ භාවිත කරමින් ප්‍රහාර එල්ල කළ හැකි මෙම…
චීන එයාර් වයිට් වේල් සමාගම මෑතකදී එහි මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන W5000 එළිදක්වා ඇති අතර එය භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට එක්වීමෙන් පසු ටොන් පහක භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවක් සහිත ලොව විශාලතම ඩ්‍රෝන යානය ලෙස සැලකිය හැක. ගුවන් භාණ්ඩ ප්‍රවාහනය ක්ෂෙත්‍රයේ ප්‍රබල පරිවර්තනයක් සමඟින් දියත් කරන ලද මෙම දැවැන්ත ඩ්‍රෝනය කාර්යක්ෂමතාව, දැරිය හැකි මිලක් සහිත…
අද විශ්මයජනක හෙළිදරව්වකින්, SpaceX සහ Tesla පිටුපස සිටින ප්‍රකෝටිපති ව්‍යවසායකයා වන Elon Musk, “සාම්ප්‍රදායික භෞතික විද්‍යාව නොතකා හරින” ප්‍රථම UFO ප්‍රහාරක ජෙට් යානය ලෙස ඔහු ප්‍රකාශ කරන දේ එළිදක්වන ලදී. මෙහිදී SpaceX මූලස්ථානයේ බොහෝ බලාපොරොත්තු වූ එළිදැක්වීම අතරතුර, Musk ප්‍රහාරකයාගේ නිශ්ශබ්දව සැරිසැරීමට, අංශක 90 ක ක්ෂණික හැරීම් ක්‍රියාත්මක කිරීමට සහ කලින් මිනිසුන් විසින් නිර්මාණය කරන…
2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේ ක්‍රීඩක ලංසු තැබීමට පෙර, බොහෝ කණ්ඩායම් පසුගිය කාලයේ සිටි ප්‍රබල ක්‍රීඩකයින් රඳවා ගැනීමට ක්‍රියාත්මකව සිටී. එම කණ්ඩායම් සඳහා වටිනාම ක්‍රීඩකයින් එළඹෙන IPL තරගාවලිය සඳහා යොදවන බවත් කණ්ඩායම් කළමනාකරණය පවසයි. ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) සංවිධායක මඬුල්ල, අද (31) දිනයේදී 2025 IPL තරගාවලිය සඳහා රඳවා ගත් ක්‍රීඩකයින් සහ ඔවුන්ට හිමිව ඇති…
බ්‍රිතාන්‍යයේ නව මුදල් ඇමතිනි රැචෙල් රීව්ස් සිය පළමු අයවැය යෝජනාවලිය ඊයේ (30) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි විශේෂත්වයවන්නේ වසර 30ක් තුළ බ්‍රිතාන්‍යය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩිකිරීම එමගින් යෝජනා කර තිබීමයි. සිය අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඇය පසුගිය කොන්සවේටිව් පාලනයට චෝදනා කර සිටියේ රාජ්‍ය සේවය කඩා වැට්ටවීමේ වගකීම ඔවුන් බාරගත යුතු බවටයි. ඒ අනුව…
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට මෙන්ම වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ද අපහාස කළේය. ට්‍රම්ප්, සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවකින් ද සැරැසී කුණු ලොරිය පැදවූයේ, විස්කොන්සින් ජනපදයේ, ග්‍රීන් බේ නුවර, ඔස්ටි්‍රන් ස්ට්‍රවුබල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සිය ගුවන් යානයෙන් පැමිණීමෙන් පසුවය. ට්‍රම්ප්,…
ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන්, ඔහුගේ ගම්පළාත වන ඩෙලවෙයාර් ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද මධ්‍යස්ථානයට ගොස්, මිනිත්තු 40 ක් පෝලිමේ සිටීමෙන් අනතුරුව සිය ඡන්දය ප්‍රකාශ කළ බව සදහන් වේ. ඇමෙරිකාවේ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, එයට පෙර ජනපද මට්ටමින් වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් වැසියන්ට අවස්ථාවක් ලැබෙන අතර ඒ අනුව බයිඩන්, ජනාධිපති ආරක්ෂක නිලධාරීන්ගේ…











