Category Archives: World

විශ්ව රූ රැජිණ ඩෙන්මාර්කයට…..

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ වික්ටෝරියා ජේර් තේල්විග් සමත් වී ඇත. තරඟකාරියන් 120ක් අභිබවා යමින් ඇය මෙවර විශ්ව රූ රැජින කිරුළ දිනාගෙන ඇති අතර මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටී නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් තරඟයේදී ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳි බව වාර්තා වේ. 21 හැවිරිදි වික්ටෝරියා නර්තන ශිල්පිනියක්, ව්‍යවසායිකාවක් මෙන්ම…

ටිම් සවුති ටෙස්ට් පිටියට සමුදීමට සැරසේ…..

නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක ටිම් සවුති ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. එංගලන්තය සමග එළඹෙන තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසුව තමා ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් ලබන වසරේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට නවසීලන්ත කණ්ඩායමට සුදුසුකම් ලැබුවහොත් ඊට ක්‍රීඩාකරන බව…

බාලි වෙත පැමිණෙන සංචාරක ගුවන් ගමන් රැසක් අවලංගු කෙරේ…

ඉන්දුනීසියාවේ බාලිහි ෆ්ලෝරස් දූපතේ පිහිටි ලෙවොටෝබි ලකි-ලකි ගිනි කන්ද පිපිරීම හේතුවෙන් බාලි වෙත පැමිණෙන සංචාරක ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ. පසුගිය සදුදා සිට සක්‍රිය වූ මෙම ගිනි කන්ද පිපිරීමෙන් දැනට පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් දහස් ගණනක් ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යාමට සිදුවී තිබේ. ගිනි කන්දෙන් පිටවන අළු නිසා අවට ගම්මාන…

එලොන් මස්ක්ට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තනතුරක්…..

එලොන් මස්ක්ට සහ හිටපු රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක විවේක් රාමස්වාමිට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම නව රජයේ කාර්‍යක්ශමතාව පිළිබඳ දෙපාර්තමේන්තුව මෙහෙයවීමේ වගකීම පවරා ඇත. මෙහිදී නව ඇමරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ තම අපේක්ශාව මෙම අපූරු ඇමරිකානුවන් දෙදෙනා එක්ව, රජයේ නිලදාරින්ගේ අන්ත්නෝමතික බල අධිකාරිය නියාමනය කිරීමට, අනවශ්‍ය අතිරික්ත රෙගුලාසි කප්පාදු කිරීමට, රජයේ නාස්තිකාර වියදම් කපා හැරීමට සහ ෆෙඩරල් ඒජන්සි…

බොරතෙල් මිලෙහි වෙනසක්….

පසුගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළඳපළේ බොරතෙල් මිලෙහි වෙනස්වීමක් දකින්නට ලැබේ. ඒ අනුව, ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 68.03 ලෙසයි. බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71.89ක් ලෙසද සටහන්වී ඇත. Views: 158

කංසා වගා කර්මාන්තය මුලිනුපුටා දැමීමේ අවදානමක්….

ඉතාලියේ ක්‍රියාත්මක සමෘද්ධිමත් කංසා වගා කර්මාන්තය මේ වසරේදී සම්පූර්ණයෙන් මුලිනුපුටා දැමිමේ අවදානමක් මතුව ඇති බවට පැවසේ. ඒ ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි විසින් එරට වාණිජ කංසා වගාව නතර කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබීම හේතුවෙනි. ඉතාලියේ කංසා වගාව සඳහා තහනමක් පැනවීමට නියමිතව ඇත්තේ එරට කංසා වෙළදාම නීති ගතකර වසර 8කට පසුවයි. මෙමගින් රැකියා…

නබී එක්දින පිටියෙන් සමුගනී…..

2025 වසරේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානයෙන් පසුව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී ජාත්‍යන්තර එක්දින තරග පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර ඇත. ඓතිහාසික එක්දින තරගාවලි ජයක් බංග්ලාදේශයට එරෙහිව වාර්තා කිරීමෙන් පසුව ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් යොමු කරමින් නබී මේ බව දැනුම්දී ඇති බවයි වාර්තා වෙයි. 39 හැවිරිදි වියෙහි පසුවන නබී…

මාසයක් තුළ පිලිපීනයට සුළි කුණාටු 4ක් කඩා වදී….

මාසයක් තුළ 04 වන වතාවටත් පිලිපීනයට සුලි කුණාටුවක් කඩා වැදී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටොරාජි ලෙස හැදින්වූ එම සුළි කුණාටුවේ බලපෑමත් සමග ඇති වූ වැසි තත්ත්වය හමුවේ එරට ප්‍රදේශ කිහිපයක විදුලි විසන්ධි වීම්, ගස් කඩා වැටීම් මෙන්ම නිවාස හානි වාර්තා වී ඇති බවයි. ගංවතුරෙන් හා නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවලින් 7,000ක පමණ පිරිසක් ඉවත් කිරීමටද…

ඊශ්‍රායලය, ගාසා සහ ලෙබනනයට එරෙහි ප්‍රහාර දැඩි කරයි….

ගාසා තීරයට සහ ලෙබනනයට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් ඇති බව වර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසාහි ජබාලියා ප්‍රදේශය වෙත සහ ලෙබනනයේ අල්මාට් ගම්මානයට ඊශ්‍රායලය එම ප්‍රහාර ඊයේ එල්ල කර ඇති බවයි. මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ 43,603ක් මෙන්ම ලෙබනනයේ 3,189 ක් මිය ගොස් ඇති බව…

අමෙරිකාවේ 47 වන ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වෙයි…..

අමෙරිකාවේ 47 වන ජනාධිපති තෝරා ගැනීමේ සටනින් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 267ක් දිනා තිබේ. ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් හට දිනා ගැනීමට හැකිව ඇත්තේ ආසන 224ක් පමණි. ජනාධිපතිවරණ සටනේ ඉතාමත්…