Category Archives: World

යුක්රේනයෙන් රුසියාවට මිසයිල ප්‍රහාරයක්….

යුක්රේනය පළමුවරට අමෙරිකාව ලබා දුන් දිගු දුර මිසයිල භාවිත කරමින් රුසියාවට පහර දී ඇති බව වාර්තා වේ. අමෙරිකාව ලබාදුන් මෙම මිසයිලවලට කිලෝමීටර් 300ක් දක්වා පරාසයක ඉලක්කවලට පහර දිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. රුසියානු වාර්තාවලට අනුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේනය​ට ආසන්නයේ පිහිටි රුසියාවට අයත් බ්‍රයන්ස්ක් ප්‍රදේශය වන අතර මිසයිල පහක් මෙහිදී…

බෝල්ටික් සාගරයේ අන්තර්ජාල කේබල් දෙකක් අවහිර වේ.

බෝල්ටික් සාගරයේ මුහුද යටින් දිවෙන අන්තර්ජාල කේබල් දෙකක කටයුතුවලට බාධා පැමිණ ඇති බව සන්නිවේදන සමාගම් විසින් පෙන්වා දී තිබේ. මෙවැනි තත්ත්වයක් යටතේ රුසියාවට ගෝලීය වශයෙන් මුහුද යට තිබෙන යටිතල පහසුකම් ආක්‍රමණය කිරීමේ අවදානමක් පවතින බව එම සන්නිවේදන සමාගම් විසින් අනතුරු අඟවා තිබේ. මේ අතර ලිතුවේනියාව හා ස්වීඩනය අතර පවතින සන්නිවේදන කේබලය ඉකුත් ඉරිදා උදෑසන සිට…

යුක්රේනය , රුසියාවට පහර දෙයි….

යුක්රේනය පළමුවරට අමෙරිකාව ලබා දුන් දිගු දුර මිසයිල භාවිත කරමින් රුසියාවට පහර දී ඇති බව වාර්තා වේ. අමෙරිකාව ලබාදුන් මෙම මිසයිලවලට කිලෝමීටර් 300ක් දක්වා පරාසයක ඉලක්කවලට පහර දිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. රුසියානු වාර්තාවලට අනුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේනය​ට ආසන්නයේ පිහිටි රුසියාවට අයත් බ්‍රයන්ස්ක් ප්‍රදේශය වන අතර මිසයිල පහක් මෙහිදී…

පුටින් නුදුරේදීම ඉන්දියාවට….

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නුදුරේදීම ඉන්දියාවට පැමිණීමට නියමිත බවට ක්‍රෙම්ලිනය ඊයේ (19) ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරයා පැමිණෙන දින වකවානු පිළිබඳව තවමත් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති අතර සංචාරයේ න්‍යාය පත්‍රය පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් හෙළි නොකිරීමට ක්‍රෙම්ලිනය කටයුතු කර ඇත. කෙසේ වෙතත් ලබන වසරේ මුල් භාගයේ දී මෙම සංචාරය සිදුවනු ඇති බව ක්‍රෙම්ලිනයේ…

සිරියාවේ මිලියනයකට වැඩි පිරිසකට විදුලිය සහ ජල පහසුකම් නෑ….

කුර්දි සටන්කාමීන්ට එල්ල කරන තුර්කි ප්‍රහාර හමුවේ උතුරු හා නැගෙනහිර සිරියාවේ ප්‍රදේශවල බලශක්ති මධ්‍යස්ථාන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුර්කිය 2019 ඔක්තෝම්බර් සිට 2024 ජනවාරි දක්වා කාලය තුළ කුර්දි පාලනය යටතේ පවතින උතුරු හා නැගෙනහිර සිරියාවේ තෙල් බිම්, ගෑස් සහ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර 100 කට වඩා එල්ල වී තිබෙනවා. මේ වන…

ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක්…….

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් ගුවන්තොටුපොළේ සිට ගුවන්ගතවීමට නියමිතව තිබූ මගීන් රැගත් ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සවුත්වෙස්ට් ගුවන් සේවයට අයත් එම ගුවන් යානයට වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි මගීන් 99 දෙනකු අසුන්ගෙන සිට ඇති අතර ඉන් කිසිවෙකුටවත් තුවාල සිදුව නොමැති බවද එම මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ. ඉන්ඩියානා ප්‍රාන්තයේ ඉන්ඩියානා…

විශ්ව රූ රැජිණ ඩෙන්මාර්කයට…..

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ වික්ටෝරියා ජේර් තේල්විග් සමත් වී ඇත. තරඟකාරියන් 120ක් අභිබවා යමින් ඇය මෙවර විශ්ව රූ රැජින කිරුළ දිනාගෙන ඇති අතර මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටී නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් තරඟයේදී ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳි බව වාර්තා වේ. 21 හැවිරිදි වික්ටෝරියා නර්තන ශිල්පිනියක්, ව්‍යවසායිකාවක් මෙන්ම…

ටිම් සවුති ටෙස්ට් පිටියට සමුදීමට සැරසේ…..

නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක ටිම් සවුති ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. එංගලන්තය සමග එළඹෙන තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසුව තමා ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් ලබන වසරේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට නවසීලන්ත කණ්ඩායමට සුදුසුකම් ලැබුවහොත් ඊට ක්‍රීඩාකරන බව…

බාලි වෙත පැමිණෙන සංචාරක ගුවන් ගමන් රැසක් අවලංගු කෙරේ…

ඉන්දුනීසියාවේ බාලිහි ෆ්ලෝරස් දූපතේ පිහිටි ලෙවොටෝබි ලකි-ලකි ගිනි කන්ද පිපිරීම හේතුවෙන් බාලි වෙත පැමිණෙන සංචාරක ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ. පසුගිය සදුදා සිට සක්‍රිය වූ මෙම ගිනි කන්ද පිපිරීමෙන් දැනට පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් දහස් ගණනක් ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යාමට සිදුවී තිබේ. ගිනි කන්දෙන් පිටවන අළු නිසා අවට ගම්මාන…

එලොන් මස්ක්ට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තනතුරක්…..

එලොන් මස්ක්ට සහ හිටපු රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක විවේක් රාමස්වාමිට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම නව රජයේ කාර්‍යක්ශමතාව පිළිබඳ දෙපාර්තමේන්තුව මෙහෙයවීමේ වගකීම පවරා ඇත. මෙහිදී නව ඇමරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ තම අපේක්ශාව මෙම අපූරු ඇමරිකානුවන් දෙදෙනා එක්ව, රජයේ නිලදාරින්ගේ අන්ත්නෝමතික බල අධිකාරිය නියාමනය කිරීමට, අනවශ්‍ය අතිරික්ත රෙගුලාසි කප්පාදු කිරීමට, රජයේ නාස්තිකාර වියදම් කපා හැරීමට සහ ෆෙඩරල් ඒජන්සි…