Category Archives: World

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ 20ක් මියයයි….

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ මධ්‍යම බේරූට් ප්‍රදේශයේ පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති අතර, නැගෙනහිර ලෙබනනයේ බාල්බෙක් දිස්ත්‍රික්කයට එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් හතර දෙනෙකු ඇතුළු තවත් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මධ්‍යම බේරූට් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයෙන් තවත් 66 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. එරට ගලවා ගැනීම් කණ්ඩායම් ප්‍රහාරයෙන් දිවි ගලවා…

බොරතෙල් මිල ඉහළට…..

සති අන්තය වන විට බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කළා. ඒ අනුව, ඩබ්ලිබ්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71 ශත 24ක් ලෙස සටහන් වූයේ එය සියයට එකයි දශම හයයි තුනක වැඩිවීමක් ලෙස පෙන්වමින්. එමෙන්ම, සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 75 ශත 17 ක් ලෙස සටහන් වුණා. එය…

වයස අවුරුදු දාසයට අඩු ළමයින්ට ෆේස්බුක් තහනම්…..

වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළ පනතක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති බවට වාර්තා වේ. ඒ ඊට අදාළ කෙටුම්පත එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එම පනතට අනුව වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා පනවා ඇති නීති කඩ කරන්නන්ට එරෙහිව ඩොලර් මිලියන 32ක් දක්වා වූ දඩ මුදල් යෝජනා කර ඇති බවද…

ෆේස්බුක් සමාගමට දඩ…….

ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 25ක දඩයක් නියම කර ඇත. එම දඩය නියම කර ඇත්තේ පාරිභෝගිකයන්ගේ වට්ස්ඇප් දත්ත ෆේස්බුක් සමග බෙදා ගැනීම නිසාය. ඉන්දියානුවෝ මිලියන 500ක් වට්ස්ඇප් භාවිතා කරති. ඉන්දීය රජයේ ආයතනයන් විසින් වට්ස්ඇප් දත්ත බෙදා ගැනීමෙන් වළකින ලෙස මෙටා සමාගමට දැන්වුවත් ඔවුන් එය උල්ලංඝනය කිරීම නිසා පැනවූ නඩුව අනුව මෙම දඩය නියමකර තිබේ. ෆේස්බුක්, වට්ස්ඇප්…

යුක්රේනයෙන් රුසියාවට මිසයිල ප්‍රහාරයක්….

යුක්රේනය පළමුවරට අමෙරිකාව ලබා දුන් දිගු දුර මිසයිල භාවිත කරමින් රුසියාවට පහර දී ඇති බව වාර්තා වේ. අමෙරිකාව ලබාදුන් මෙම මිසයිලවලට කිලෝමීටර් 300ක් දක්වා පරාසයක ඉලක්කවලට පහර දිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. රුසියානු වාර්තාවලට අනුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේනය​ට ආසන්නයේ පිහිටි රුසියාවට අයත් බ්‍රයන්ස්ක් ප්‍රදේශය වන අතර මිසයිල පහක් මෙහිදී…

බෝල්ටික් සාගරයේ අන්තර්ජාල කේබල් දෙකක් අවහිර වේ.

බෝල්ටික් සාගරයේ මුහුද යටින් දිවෙන අන්තර්ජාල කේබල් දෙකක කටයුතුවලට බාධා පැමිණ ඇති බව සන්නිවේදන සමාගම් විසින් පෙන්වා දී තිබේ. මෙවැනි තත්ත්වයක් යටතේ රුසියාවට ගෝලීය වශයෙන් මුහුද යට තිබෙන යටිතල පහසුකම් ආක්‍රමණය කිරීමේ අවදානමක් පවතින බව එම සන්නිවේදන සමාගම් විසින් අනතුරු අඟවා තිබේ. මේ අතර ලිතුවේනියාව හා ස්වීඩනය අතර පවතින සන්නිවේදන කේබලය ඉකුත් ඉරිදා උදෑසන සිට…

යුක්රේනය , රුසියාවට පහර දෙයි….

යුක්රේනය පළමුවරට අමෙරිකාව ලබා දුන් දිගු දුර මිසයිල භාවිත කරමින් රුසියාවට පහර දී ඇති බව වාර්තා වේ. අමෙරිකාව ලබාදුන් මෙම මිසයිලවලට කිලෝමීටර් 300ක් දක්වා පරාසයක ඉලක්කවලට පහර දිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. රුසියානු වාර්තාවලට අනුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේනය​ට ආසන්නයේ පිහිටි රුසියාවට අයත් බ්‍රයන්ස්ක් ප්‍රදේශය වන අතර මිසයිල පහක් මෙහිදී…

පුටින් නුදුරේදීම ඉන්දියාවට….

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නුදුරේදීම ඉන්දියාවට පැමිණීමට නියමිත බවට ක්‍රෙම්ලිනය ඊයේ (19) ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරයා පැමිණෙන දින වකවානු පිළිබඳව තවමත් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති අතර සංචාරයේ න්‍යාය පත්‍රය පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් හෙළි නොකිරීමට ක්‍රෙම්ලිනය කටයුතු කර ඇත. කෙසේ වෙතත් ලබන වසරේ මුල් භාගයේ දී මෙම සංචාරය සිදුවනු ඇති බව ක්‍රෙම්ලිනයේ…

සිරියාවේ මිලියනයකට වැඩි පිරිසකට විදුලිය සහ ජල පහසුකම් නෑ….

කුර්දි සටන්කාමීන්ට එල්ල කරන තුර්කි ප්‍රහාර හමුවේ උතුරු හා නැගෙනහිර සිරියාවේ ප්‍රදේශවල බලශක්ති මධ්‍යස්ථාන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුර්කිය 2019 ඔක්තෝම්බර් සිට 2024 ජනවාරි දක්වා කාලය තුළ කුර්දි පාලනය යටතේ පවතින උතුරු හා නැගෙනහිර සිරියාවේ තෙල් බිම්, ගෑස් සහ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර 100 කට වඩා එල්ල වී තිබෙනවා. මේ වන…

ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක්…….

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් ගුවන්තොටුපොළේ සිට ගුවන්ගතවීමට නියමිතව තිබූ මගීන් රැගත් ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සවුත්වෙස්ට් ගුවන් සේවයට අයත් එම ගුවන් යානයට වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි මගීන් 99 දෙනකු අසුන්ගෙන සිට ඇති අතර ඉන් කිසිවෙකුටවත් තුවාල සිදුව නොමැති බවද එම මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ. ඉන්ඩියානා ප්‍රාන්තයේ ඉන්ඩියානා…