Category Archives: World

පියාගේ හෘදයාබාධය නිසා මන්දනාගේ විවාහ උත්සවය කල් යයි

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ සංගීත අධ්‍යක්ෂක පලාෂ් මුචාල්ගේ විවාහ උත්සවය කල් දමා තිබේ. ඒ මන්දනාගේ පියාට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙනි. මන්දනාගේ කළමනාකරු තුහින් මිශ්‍රා සඳහන් කළේ , මන්දානාගේ පියා වන ශ්‍රීනිවාස් මන්දානා සිය දියණියගේ විවාහ මංගල්‍යය සඳහා සූදානම් වෙමින් සිටියදී මෙම හෘදයාබාධයකට ගොඳුරු වූ බව යි. මේ හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව…

වසර 300කට පසු තායිලන්තයට වාර්තාගත වර්ෂාපතනයක්

තායිලන්තයේ ඇතැම් ප්‍රදේශවලට වාර්තාගත වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. පවතින අයහපත් කාලගුණය හමුවේ, ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති අතර එමඟින් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තායිලන්තයේ ‘Hat Yai’ නගරයට, වසර 300කට පසු වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇති බවත් එය දිනක් තුළ මිලිමීටර් 335ක්…

දරුවන් ඝාතනය කල නවසීලන්ත මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

තම දරුවන් දෙදෙනා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ගමන් මලුවල සඟවා තැබූ නවසීලන්තයේ මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අට හැවිරිදි යූනා ජෝ සහ හය හැවිරිදි මිනු ජෝ නම් දරුවන් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. දරුවන්ගේ මරණ සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මාසයේදී වැරදිකරු වූ මව වන 45 හැවිරිදි හකියුං ලී හට…

පාර්ලිමේන්තුවට බුර්කාවකින් ආ ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකයෙකුගේ වැඩ තහනම්

ඕස්ට්‍රේලියානු සෙනෙට් සභික පෝලීන් හැන්සන් පාර්ලිමේන්තුවේදී බුර්කාවක් ඇඳගෙන විරෝධතා දැක්වීම නිසා සතියක කාලයකට ඇයගේ පාර්ලිමේන්තු සහභාගීත්වය අත්හිටුවා ඇත. සංක්‍රමණ විරෝධී One Nation පක්ෂයේ හැන්සන්, “ප්‍රසිද්ධ ස්ථානවල සම්පූර්ණ මුහුණු ආවරණ තහනම් කිරීමේ” පනතක් නැවත හඳුන්වා දීමට උත්සාහ කළාය. සෙනෙට් සභාව ඇගේ පියවර අවහිර කළ විට, ඇය කළු බුර්කාවකින් සැරසී නැවත සභා ගර්භයට පැමිණියාය. බොහෝ සෙනෙට් සභිකයින්…

පාකිස්තානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත. මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් එක් අයෙක් මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසළ බෝම්බය පුපුරවා හැර තිබේ. අනෙක් පුද්ගලයා හමුදා මූලස්ථාන පරිශ්‍රය තුළ දී බෝම්බය පුපුරවා හැර ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස්…

ට්‍රම්ප්ගේ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට අවසර. ………….……

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමිවී ඇති බව වාර්තා වේ. මෙම බදු ප්‍රතිපත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණි. මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී…

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් 1,009ක් ………….……

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් 1,009ක් වාර්තා වී ඇත. දිල්ලි නුවර රෝගීන් 104ක් සිටිමින්, 99ක් පසුගිය සතියේ වාර්තා වෙයි. කේරළයේ 430ක්, මහාරාෂ්ට්‍රයේ 209ක්, ගුජරාටයේ 83ක්, කර්ණාටකයේ 47ක්, උත්තර් ප්‍රදේශ්හි 15ක්, බටහිර බෙංගාලයේ 12ක් වාර්තා වී ඇත. කොවිඩ් මරණ 4ක් මහාරාෂ්ට්‍රයෙන්, දෙකක් කේරළයෙන්, එක් මරණයක් කර්ණාටකයෙන් වාර්තා වෙයි. Views: 227

69වැනි යුරෝවිෂන් ගායන තරගය Johannes Pietsch ජයජයග්‍රහණය කර ඇත. ………….……

69වැනි යුරෝවිෂන් ගායන තරගය ස්විට්සර්ලන්තයේ බාසල් නගරයේදී පැවැත්වූ අතර, 24 හැවිරිදි ඔස්ට්‍රියානු ගායක Johannes Pietsch, ජනප්‍රිය JJ නමින් හැඳින්වෙන ඔහු, “Wasted Love” ගීතය සමඟ ජයග්‍රාහකයා බවට පත්වී ඇත. මෙවර තරගය සඳහා 160 මිලියනකට අධික පිරිසක් රූපවාහිනිය ඔස්සේ නරඹා ඇති අතර, ජනතා මනාපය සහ ජූරි මනාපය මත පදනම්ව ජයග්‍රාහකයා තීරණය කර ඇත. JJ 436 ලකුණු ලබාගනිමින්…

අද පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වී ඇති බව වතිකානුව වාර්තා කරයි………….……

මිය යන විට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 88 වන වියේ පසු වූ බවද සදහන් වේ. Views: 168

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැනවූ තීරුබදු දින 90 කට අත්හිටුවයි…….……

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට මෙලෙස තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇති බව සඳහන් කර ඇත. නමුත් චීනයට එරෙහි තීරු බද්ද 125% ක් දක්වා ඉහළ නංවා…