Category Archives: World

ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්

ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක් ඉරානය සමඟ වාණිජමය සබඳතා පවත්වනු ලබන සෑම රටකම භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. මෙම නව තීරු බදු පැනවීම වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළා. සිය ‘Truth Social’ ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරාන පාලනය විසින් එරට විරෝධතාකරුවන්…

චීන විදේශ කටයුතු ඇමති දිවයිනට

චීන විදේශ කටයුතු ඇමති දිවයිනට චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ එක්දින නිල සංචාරයක් සදහා අද (12) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. විදෙස් අමාත්‍යවරයා සමග දුත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද පැමිණි බවයි. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද (12) අලුයම 01.05 ට දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර සිට…

ජගත් සංවිධාන මහලේකම් ෂොක් වෙලා

ජගත් සංවිධාන මහලේකම් ෂොක් වෙලා ඉරානය පුරා පැවැත්වෙන විරෝධතාවලට එරෙහිව එරට බලධාරීන් විසින් ප්‍රචණ්ඩත්වය සහ අසීමිත ලෙස බලය භාවිතා කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් සිය දැඩි කම්පනය පළ කර සිටිනවා. ඉරාන රජයට එරෙහි මෙම විරෝධතා තුන්වන සතියටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. බලධාරීන් සංයමයෙන් කටයුතු කළ යුතු බවත් වහාම සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කළ…

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට දෙන්න කළ යෝජනාව ප්‍රතික්ෂේප වෙලා

  නොබෙල් සාම ත්‍යාගය දිනූ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ විසින් ඇගේ 2025 නොබෙල් සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දිය හැකි බවට කළ ප්‍රකාශය නෙබෙල් ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. නෝර්විජියානු නොබෙල් ආයතනය සඳහන් කර ඇත්තේ නෙබෙල් සාම ත්‍යාගය මාරු කිරීමට, බෙදා ගැනීමට හෝ අවලංගු කිරීමට නොහැකි බවයි. වෙනිසියුලානු…

ඉන්දීය යුද හමුදාපති යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක

දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදාපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු දූත පිරිස අද(07) ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වුණා. මෙහිදී ඉන්දීය යුද හමුදාපතිවරයාව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් පිළිගන්නා ලද අතර, ඊට පෙර යුද හමුදා භටපිරිස් විසින් ඉන්දියානු යුද හමුදාපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමා තිබෙනවා. ඉන් අනතුරුව…

රුසියානු ධජය සහිත තෙල් නැව අමෙරිකානු හමුදා අල්ලගෙන

රුසියානු ධජය සහිත තෙල් නැව අමෙරිකානු හමුදා අල්ලගෙන අමෙරිකානු හමුදා විසින් ලුහුබැඳගිය රුසියානු ධජය සහිත ඉන්ධන නෞකාව සිය භාරයට ගත් බව අමෙරිකාව මෙරට වේලාවෙන් අද (7) පස්වරුවේ නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කිරීම, අමෙරිකානු සම්බාධක කඩකර ඉරාන තෙල් ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා රැසක් මෙම නෞකාවට එල්ල වී ඇත. විදෙස් වාර්තා පවසන්නේ සති…

වෙනිසියුලානූ බොර තෙල් ඇමෙරිකාවට

අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් අලෙවි කිරීමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා . අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඊයේ (06) රාත්‍රියේ මේ බව සටහන් කර ඇත. ට්‍රම්ප් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වෙනිසියුලා අන්තර්වාර රජයේ බලධාරීන් විසින්…

Breaking : සාරා ජස්මින් මිය ගිහිල්ලා නැහැ, විවෘත වරෙන්තු ගන්නවා – ඇමති ආනන්ද

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් ‘සාරා ජස්මින් මියගොස් ඇති බවට මීට පෙර පැවති රජය සමයේ තහවුරු කිරීමට උත්සාහ කළද, ඇය මියගොස් නැති බවට වන කරුණු මේ වන විට විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. සාරා ජස්මින් මෙරටින්…

මම නිර්දෝශී යහපත් මිනිසෙක්.මදුරෝ අධිකරණයට කියයි

මම නිර්දෝශී යහපත් මිනිසෙක්.මදුරෝ අධිකරණයට කියයි එල්ල වී ඇති සියලුම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. පසුගියදා අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඊයේ (05) නිව්යෝක් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස්…

මධුරෝගේ ස්විට්සර්ලන්තයේ වත්කම් අත්හිටුවලා

මධුරෝගේ ස්විට්සර්ලන්තයේ වත්කම් අත්හිටුවලා වෙනිසියුලානු ජනපතති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇති බව දැනුම් දී තිබෙනවා. අමෙරිකානු හමුදාව විසින් ජනපතති නිකොලස් මධුරෝව පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගැනීමත් සමඟ ස්විට්සර්ලන්ත විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වනවා. වසර හතරක් සඳහා මෙම අත්හිටුවීම වලංගු වනවා. කෙසේ වෙතත් වෙනිසියුලානු රජයේ අනෙකුත් සාමාජිකයින්ට එය…