ඉන්දියාවෙත් ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සූදානමක් ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ද වැඩි වශයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඔස්ට්‍රේලියානු රජය පසුගියදා එරට තුළ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ගත් පියවරත් සමග ඉන්දියාව තුළ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින…
Category Archives: World
ඉන්දියාව සමඟ නව වෙළඳ ගිවිසුමකට එළැඹීමට තමන් එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පැවැත්වූ විශේෂ දුරකථන සංවාදයකින් අනතුරුව මෙම තීරණයට පැමිණි බව ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා. මෙම නව සබඳතාවය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද සිය සතුට පළ කර තිබෙනවා….
ඉන්දියාවේ 2026-27 මූල්‍ය වර්ෂය සඳහා වන මධ්‍යම රජයේ අයවැය අද එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින්. ඉන්දියානු ඉතිහාසයේ පළමු වරට ඉරිදා දිනයක ඉදිරිපත් කළ මෙම අයවැයෙන් අසල්වැසි රටවලට ලබාදෙන මූල්‍ය ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිපාදන වෙන් කර තිබීම විශේෂත්වයක්. නිල දත්ත වාර්තා අනුව 2026-27 වර්ෂය සඳහා…
ඩාවෝස් හෙල්ලූ ට්‍රම්ප්ගේ ප්‍රකාශය: “ග්‍රීන්ලන්තය ලබා ගැනීමට වහාම සාකච්ඡා ඇරඹිය යුතුයි” ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අමතමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය (Greenland) අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය ලෝක නායකයන්ගේ දැඩි අවධානයට හා විමතියට හේතු වී තිබේ. ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය බවත්, ඒ පිළිබඳව වහාම සාකච්ඡා ආරම්භ…
ලොව විශාලතම වෙළඳ කලාපය සඳහා ගිවිසුම්ගත වෙයි යුරෝපා සංගමය (EU) සහ දකුණු ඇමෙරිකානු රටවල් 4ක එකතුවක් වන මර්කෝසර් (Mercosur) කණ්ඩායම අතර දැවැන්ත නිදහස් වෙළඳ ගිවිසුමක් ඊයේ (17) පැරගුවේ රාජ්‍යයේ අසුන්සියොන් (Asuncion) අගනුවරදී අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ගිවිසුම මගින් මිලියන 700කට අධික පාරිභෝගික ජනතාවක් ආවරණය වන ලොව විශාලතම නිදහස් වෙළඳ කලාපයක් නිර්මාණය…
ඉරානය තීරණාත්මක මංසන්ධියක: 1979 විප්ලවයෙන් පසු පාලන තන්ත්‍රය මුහුණ දෙන දරුණුතම අර්බුදය වසර 45කට අධික ඉතිහාසයක් ඇති ඉරාන පූජක පාලනය මේ වන විට අභ්‍යන්තර මහජන කැළඹීම් සහ බාහිර යුදමය තර්ජන හමුවේ සිය පැවැත්ම සඳහා දැඩි අරගලයක නිරත වෙමින් සිටී. සති කිහිපයක් පුරා ඇදී යන විරෝධතා හමුවේ ටෙහෙරානයේ වීදි ලේ වැගිරීම් සහ මර්දනයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව…
බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලාංකික තරුණියක ඝාතනය කළ සැකකරු අධිකරණයේදී වරද පිළිගනී. බ්‍රිතාන්‍යයේ කාඩිෆ් (Cardiff) නුවරදී ශ්‍රී ලාංකික කාන්තාවක වන නිරෝධා නිවුන්හැල්ල ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටි 37 හැවිරිදි තිසර වේරගලගේ නමැති පුද්ගලයා, තමන් එම ඝාතනය සිදුකළ බවට නිව්පෝර්ට් ක්‍රවුන් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ. 32 හැවිරිදි නිරෝධා නිවුන්හැල්ල නමැති කාන්තාව ඝාතනයට ලක්වූයේ 2025 අගෝස්තු 21 වන…
ඇමරිකාව රටවල් 75ක් ගැන ගත් තීරණය ට්‍රම්ප් පරිපාලනය විසින් ගනු ලැබූ ඉතාම දැඩි ආගමන විගමන නීති මාලාවක කොටසක් ලෙස රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම තීරණය ජනවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බවයි. බ්‍රසිලය, ඉරානය, රුසියාව, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය,…
ඊශ්‍රායලයේ සේවය කරන ලාංකිකයින්ට දැනුම්දීමක් මැදපෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් නිකුත් කර තිබෙනවා. මාධ්‍ය සහ ඇතැම් කණ්ඩායම් විසින් පතුරුවන වැරදි තොරතුරු හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින පිරිස් ආරක්ෂාව පිළිබඳව අනිසි බියක් ඇතිකරගත් යුතු නැති බව එම නිවේදනයේ සඳහන් වනවා. තවද ඊශ්‍රායල හමුදාව පවතින…
මස්ක්ගේ AI මෙවලමට බ්‍රිතාන්‍යයෙන් පරීක්ෂණයක් ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාව තුළ භාවිත වන Grok කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම මගින් කාන්තාවන්ගේ රූප විකෘති කර අඩනිරුවත් රූප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමක ආයතනය වන Ofcom විසින් මෙම පරීක්ෂණයක් ආරම්භ කර ඇත. X සමාජ මාධ්‍ය වේදිකාවට සමගාමීව එක් කර ඇති…











