හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 128ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගින්නෙන් පුද්ගලයින් 200ක් පමණ තවමත් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දශක ගණනාවකින් පසු හොංකොංහි ඇති වූ දරුණුතම ගින්න ලෙසින් සැලකෙන මෙම ගිනිගැනීමෙන් පසු ආන්දෝලනාත්මක කතාබහක්ද මේ වනවිට ඇතිව තිබේ. එනම් ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින මෙම…
Category Archives: World
එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් ෂබානා මහමුද්, රටේ ආගමන නීතිවලට ප්‍රධාන වෙනස්කම් නිවේදනය කර තිබේ. සංක්‍රමණිකයින්ට එක්සත් රාජධානියේ ස්ථිරව රැඳී සිටීමට අවශ්‍ය නම් ඔවුන් සමාජයට දායක වන බව ඔප්පු කිරීමට දැන් සිදුවනු ඇතැයි ඇය පැවසුවාය. ඇය මෙම ප්‍රතිසංස්කරණ හැඳින්වූයේ “නූතන යුගයේ විශාලතම වෙනස්කම්” ලෙසයි. නව සැලැස්ම යටතේ, එක්සත් රාජධානියේ නීත්‍යානුකූලව සිටින බොහෝ සංක්‍රමණිකයින්ට පදිංචි වීමට…
පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ආඩියාලා බන්ධනාගාරය තුලදී ඝාතනය කර ඇති බවට පැතිරයන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ආඩියාලා බන්ධනාගාරය නිවේදනය කර තිබේ. ඊයේ(26) දිනයේදී පකිස්ථාන සමාජ මාධ්‍ය හරහා ඊයේ දිනයේදී තම සහෝදරයා හමුවීමට අවසර ඉල්ලා රාවල්පිණ්ඩිහි අඩියාලා බන්ධනාගාරය (Adiala Jail) ඉදිරිපිට රැස්ව සිටි ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනාවන නෝරීන් ඛාන්, අලීමා ඛාන් සහ උස්මා ඛාන් යන…
හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 44ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 279 දෙනෙකු අතුරුදනව ඇති බව වාර්තා වේ. මියගිය අය අතර ගිනිනිවන භටයෙකුද වේ. එරට වේලාවෙන් ඊයේ (26) පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණි. පැය 18 කට වැඩි කාලයක් තිස්සේ ඇවිළෙන මෙම ගින්න නිවාදැමීම සඳහා මේ වන විට…
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ සංගීත අධ්‍යක්ෂක පලාෂ් මුචාල්ගේ විවාහ උත්සවය කල් දමා තිබේ. ඒ මන්දනාගේ පියාට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙනි. මන්දනාගේ කළමනාකරු තුහින් මිශ්‍රා සඳහන් කළේ , මන්දානාගේ පියා වන ශ්‍රීනිවාස් මන්දානා සිය දියණියගේ විවාහ මංගල්‍යය සඳහා සූදානම් වෙමින් සිටියදී මෙම හෘදයාබාධයකට ගොඳුරු වූ බව යි. මේ හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව…
තායිලන්තයේ ඇතැම් ප්‍රදේශවලට වාර්තාගත වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. පවතින අයහපත් කාලගුණය හමුවේ, ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති අතර එමඟින් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තායිලන්තයේ ‘Hat Yai’ නගරයට, වසර 300කට පසු වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇති බවත් එය දිනක් තුළ මිලිමීටර් 335ක්…
තම දරුවන් දෙදෙනා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ගමන් මලුවල සඟවා තැබූ නවසීලන්තයේ මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අට හැවිරිදි යූනා ජෝ සහ හය හැවිරිදි මිනු ජෝ නම් දරුවන් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. දරුවන්ගේ මරණ සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මාසයේදී වැරදිකරු වූ මව වන 45 හැවිරිදි හකියුං ලී හට…
ඕස්ට්‍රේලියානු සෙනෙට් සභික පෝලීන් හැන්සන් පාර්ලිමේන්තුවේදී බුර්කාවක් ඇඳගෙන විරෝධතා දැක්වීම නිසා සතියක කාලයකට ඇයගේ පාර්ලිමේන්තු සහභාගීත්වය අත්හිටුවා ඇත. සංක්‍රමණ විරෝධී One Nation පක්ෂයේ හැන්සන්, “ප්‍රසිද්ධ ස්ථානවල සම්පූර්ණ මුහුණු ආවරණ තහනම් කිරීමේ” පනතක් නැවත හඳුන්වා දීමට උත්සාහ කළාය. සෙනෙට් සභාව ඇගේ පියවර අවහිර කළ විට, ඇය කළු බුර්කාවකින් සැරසී නැවත සභා ගර්භයට පැමිණියාය. බොහෝ සෙනෙට් සභිකයින්…
පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත. මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් එක් අයෙක් මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසළ බෝම්බය පුපුරවා හැර තිබේ. අනෙක් පුද්ගලයා හමුදා මූලස්ථාන පරිශ්‍රය තුළ දී බෝම්බය පුපුරවා හැර ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස්…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමිවී ඇති බව වාර්තා වේ. මෙම බදු ප්‍රතිපත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණි. මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී…











