Category Archives: World

කොන්ඩම්වලට බදු පැනවීමෙන් උපත් අනුපාතය වැඩි කිරීමට චීනයෙන් සැලස්මක්

කොන්ඩම්වලට බදු පැනවීමෙන් උපත් අනුපාතය වැඩි කිරීමට චීනයෙන් සැලස්මක් ජනවාරි 1 වන දින සිට චීනයේ ජනතාවට උපත් පාලන ක්‍රම සඳහා 13%ක පරිභෝජන බද්දක් ගෙවීමට සිදුවනු ඇති අත‍ර, ඒ සමග ම ළමාසුරැකුම් සේවා බදුවලින් නිදහස් කර ඇත. මෙම වෙනස්කම් සිදු කර ඇත්තේ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සිය උපත් අනුපාතය වැඩි කිරීමට දරන උත්සාහයේ කොටසක්…

මෙල්බන් තණ තීරුවට අසාදු ලකුණක්

මෙල්බන් තණ තීරුවට අසාදු ලකුණක් නිමාවු අළුබදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගය පැවති මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයේ පැවති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් එම තණ තීරුව සඳහා අසාදු ලකුණක් එක් කිරීමට සිව්වන ටෙස්ට් තරගයේ තරඟ තීරකවරයා පියවර ගෙන ඇති බව සඳහන් වනවා. ඒ අනුව අවුරුදු 02ක් තුල…

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට- ඉහළ පෙළේ පළමු රාජ්‍ය සංචාරය

ආපදා සහන සහ ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට ,  ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඉහළ පෙළේ පළමු රාජ්‍ය සංචාරය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ (දෙසැම්බර් 22 සඳුදා) ශ්‍රී ලංකාවේ විශේෂ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදුවූ දැවැන්ත විනාශයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්…

ජපානයේ භූ කම්පනයෙන් දහස් ගණනක් නිවාස අතහැර යයි

ජපානයේ ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (08) ඊසාන දිග ජපානයේ අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් කිලෝමීටර 50 ක් ගැඹුරින් රික්ටර් මාපකයේ 7.5ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයන් හටගත් අතර භූ කම්පනයක් සමග ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබුණි. කෙසේවෙතත්…

තායිලන්තයෙන් කාම්බෝජයට ගුවන් ප්‍රහාර

තායිලන්තය විසින් කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ, තායිලන්තය හා කාම්බෝජය අතර දේශසීමා ගැටුම් මධ්‍යයේ මෙලෙස ප්‍රහාර දියත්ව ඇති බවය. තායි හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (08) ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර සටන් විරාම ගිවිසුමක් කඩ කළ බවට චෝදනා කිරීම හේතුවෙන් මෙලෙස ප්‍රහාර…

දකුණු අප්‍රිකාවේ නේවාසිකාගාරයක වෙඩිතැබීමක්

දකුණු අප්‍රිකාවේ අගනුවර වන ප්‍රිටෝරියාහි නේවාසිකාගාරයක අද (06) වෙඩි තැබීමක් සිදුව තිබේ. මෙම වෙඩි තැබීම හේතුවෙන් තුන් හැවිරිදි දරුවෙකු ඇතුළු 11දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිතැබීම සිදු කිරීම සඳහා වෙඩික්කරුවන් තිදෙනෙකු පැමිණ ඇති බවය. කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව…

හොංකොං ඛේදවාචකයෙන් මියගිය ගණන 128ක් දක්වා ඉහළට

හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 128ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගින්නෙන් පුද්ගලයින් 200ක් පමණ තවමත් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දශක ගණනාවකින් පසු හොංකොංහි ඇති වූ දරුණුතම ගින්න ලෙසින් සැලකෙන මෙම ගිනිගැනීමෙන් පසු ආන්දෝලනාත්මක කතාබහක්ද මේ වනවිට ඇතිව තිබේ. එනම් ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින මෙම…

එක්සත් රාජධානිය සංක්‍රමණිකයින් සඳහා ප්‍රධාන නව නීති සැලසුම් කර

එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් ෂබානා මහමුද්, රටේ ආගමන නීතිවලට ප්‍රධාන වෙනස්කම් නිවේදනය කර තිබේ. සංක්‍රමණිකයින්ට එක්සත් රාජධානියේ ස්ථිරව රැඳී සිටීමට අවශ්‍ය නම් ඔවුන් සමාජයට දායක වන බව ඔප්පු කිරීමට දැන් සිදුවනු ඇතැයි ඇය පැවසුවාය. ඇය මෙම ප්‍රතිසංස්කරණ හැඳින්වූයේ “නූතන යුගයේ විශාලතම වෙනස්කම්” ලෙසයි. නව සැලැස්ම යටතේ, එක්සත් රාජධානියේ නීත්‍යානුකූලව සිටින බොහෝ සංක්‍රමණිකයින්ට පදිංචි වීමට…

ඉම්රාන් ඛාන් හොඳින් – අඩියාලා බන්ධනාගාරය කියයි.

පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ආඩියාලා බන්ධනාගාරය තුලදී ඝාතනය කර ඇති බවට පැතිරයන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ආඩියාලා බන්ධනාගාරය නිවේදනය කර තිබේ. ඊයේ(26) දිනයේදී පකිස්ථාන සමාජ මාධ්‍ය හරහා ඊයේ දිනයේදී තම සහෝදරයා හමුවීමට අවසර ඉල්ලා රාවල්පිණ්ඩිහි අඩියාලා බන්ධනාගාරය (Adiala Jail) ඉදිරිපිට රැස්ව සිටි ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනාවන නෝරීන් ඛාන්, අලීමා ඛාන් සහ උස්මා ඛාන් යන…

හොංකොං ඛේදවාචකය – මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට – 279ක් අතුරුදහන්

හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 44ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 279 දෙනෙකු අතුරුදනව ඇති බව වාර්තා වේ. මියගිය අය අතර ගිනිනිවන භටයෙකුද වේ. එරට වේලාවෙන් ඊයේ (26) පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණි. පැය 18 කට වැඩි කාලයක් තිස්සේ ඇවිළෙන මෙම ගින්න නිවාදැමීම සඳහා මේ වන විට…