Author Archives: news_sandeep

ඇමති බංගලා 31ක් සම්බන්ධයෙන් අවසන් තීරණය ජනපති ලේකම් අතට…..

පසුගිය රජයන්ට අයත් සුඛෝපභෝගී අමාත්‍ය නිවාස 31 සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර පිළිබඳ අවසන් තීරණයක් ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ජනාධිපති ලේකම්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. මෙම නිවාසවල සම්බන්ධයෙන් රජයේ ආයතන කිහිපයක් දැඩි උනන්දුවක් දක්වා ඇති අතර, ඔවුන් වසර ගණනාවක් පෞද්ගලික ගොඩනැගිලිවල කුලියට සිටීම නිසා මෙම නිවාස සාධාරණ කුලී පදනමක් මත ලබා දෙන ලෙස…

ඉරානජාතකයින් 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්…..

2019 වසරේ කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. අදාළ චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව වාර්තා…

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම්……..

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබේ. එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන අතර පුද්ගලයින් 276,550 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර පවුල් 5,305කට අයත් පුද්ගලයින් 16,553 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත්…

රතු මුහුදේ සංචාරක බෝට්ටුවක් ගිලී 16 දෙනකු අතුරුදන්…..

සංචාරකයන් රැගත් බෝට්ටුවක් පෙරේදා (25) රතු මුහුදේ ගිලීම හේතුවෙන් බෝට්ටුවේ ගමන් ගත් සංචාරකයන් 16 දෙනකු අතුරුදන්ව ඇති අතර 28 දෙනකු මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ගිලී ගොස් ඇති බෝට්ටුවෙහි 44 දෙනකු ගමන් කර ඇති අතර ඉන් 13 දෙනකු කාර්ය මණ්ඩල සාමාජිකයන් වේ. මෙම අනතුරෙන් අතුරුදන්ව සිටින සංචාරකයන් 16 දෙනා අතර ඊජිප්තු ජාතිකයන් සිවුදෙනකු, එංගලන්ත…

අග්‍රාමාත්‍යවරිය හා විදෙස් තානාපතිවරුන් අතර හමුවක්….

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත් විය. මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා සිදුකර ඇති අතර ඊජිප්තුවේ තානාපති, Adel Ibrahim, ඉරානයේ තානාපති, ආචාර්ය Alireza Delkhosh, ජපානයේ තානාපති, ISOMATA Akio, සහ වතිකානුවේ තානාපති (Apostolic Nuncio) වන අතිඋතුම් රදගුරු…

විදුලි බිඳ වැටීම් දැනුම් දීමට නව ඇප් එකක්…….

විදුලි බිඳවැටීම් පිළිබඳව තොරතුරු ලබා දීමට Lanka Electricity Board (CEB) ඩිජිටල් මාර්ග භාවිතා කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයි. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන ආකාරයට, පාරිභෝගිකයන්ට CEBcare ජංගම යෙදුම, cebcare.ceb.lk වෙබ් අඩවිය, 1987 කෙටි පණිවිඩ සේවාව සහ ස්වයං සේවා IVR පද්ධතිය ඔස්සේ තොරතුරු ලබාගත හැක. අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි සම්බන්ධතා බිඳවැටීම් වැඩිවී ඇති බවත්, පාරිභෝගිකයන්ට කඩිනම්…

අයහපත් කාලගුණ තත්ත්වය මත කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි…..

පවතින අධික වැසි තත්ත්වය මත කොළඹ කොටුව සිට බදුල්ල බලා අද (27) ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇති බව වාර්තාවේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම පස්කඳු කඩා වැටීම් ද සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. Views: 190

ඉන්දියාවේ ගූගල් මගපෙන්වීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට…..

ඉන්දියාවේ මෝටර් රථයක් Google Maps මඟින් ලබාදුන් මාර්ගයක් අනුගමනය කිරීමේදී, පාලමකින් ඇදවැටී අඩි 50ක් පහළින් ගලායන ගඟකට පෙරළී තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවී ඇත්තේ පාලමක් ලෙස සැලකුණු කළ මාර්ගයකින් රථය ධාවනය කරන විටයි. එම පාලම සත්‍යයෙන්ම භාවිතයට නොහැකි පරණ පාලමක් වූ අතර, Google Maps මගින් නිවැරදි අභිබාසන නොමැතිව මාර්ගය රියදුරෙකුට…

උසස් පෙළ විභාග දිනයන් සංශෝධනය වෙයි…..

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ නොවැම්බර් 27, 28 සහ 29 දින සඳහා නියමිතව තිබූ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර නැවත නව කාලසටහනකට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. ඒ අනුව නව විභාග දිනයන් ලෙස දෙසැම්බර් 21, 22, සහ 23 යන දිනයන් නම් කර ඇත. Views: 195

නීතිඥ සුනිල් වටගල මහතා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනියි….

නීතිඥ සුනිල් වටගල මහතා අද දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් අතර තවදුරටත් දේශපාලන මැදිහත්වීමකින් තොරව කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට මේ රජයෙ යටතේ පූර්ණ අවකාශ ලැබී තිබෙන හෙයින් තමන්ගේ උපරිම ශක්තියෙන් මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මැඩ පැවැත්වීමට කටයුතු කරන මෙන් සියලුම පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලදී. එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය…