Author Archives: news_sandeep

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ධුරය සුදත් මහදිවුල්වැවට…

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුදත් මහදිවුල්වැව පත් කර තිබේ. මෙම පත්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කර ඇති අතර, අද (23) සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ. Views: 182

අතිවිශේෂ ගැසට් නිවේදනයක්…..

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව 2022 දෙසැම්බර් මස 12 වන දින පළ කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවද එහි සඳහන් වේ. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය…

මෙම වසරේ සිදු වූ අනතුරු……

මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. එම කාලසීමාව තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව 22‍,967 ක් වන අතර ඒ අතරින් සිදුව ඇති මාරක අනතුරු ගණන 2,141 ක් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. බරපතල ගණයේ අනතුරු 6,500 ක් එම…

හොන්ඩා සහ නිසාන් ඒකාබද්ධ කිරීමේ සාකච්ඡා ඇරඹෙයි…

ලොව සුපතල ජපන් මෝටර් රථ සමාගම් දෙකක් වන හොන්ඩා සහ නිසාන් සමාගම් ඒකාබද්ධ කර නව සමාගමක් පිහිටුවීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව සදහන් වේ. ටෙස්ලා සහ චීන විද්‍යුත් මෝටර් රථ සමාගම් විසින් එල්ල කරනු ලබන දැවැන්ත අභියෝගයන්ට මුහුණදීම මෙහි අරමුණ බව සදහහන් වන අතර අදාළ සමාගම් එක්ව පිහිටවනු ලබන නව සමාගමේ තොරතුරු තවමත් ප්‍රසිද්ධ…

අධිවේගී මාර්ගවල අනතුරු: දින 12කින් මරණ 16ක් වාර්තා වේ…

2024 වසරේ දෙසැම්බර් 14 දක්වා කාලසීමාව තුළ අධිවේගී මාර්ගවල සිදුවූ මාරක රිය අනතුරු 12කින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, පුද්ගලයින් 05 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 77 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවය. එමෙන්ම මෙම රිය අනතුරුවලින් දේපල හානි 404ක් වාර්තා වී තිබේ. මෙම අනතුරුවලින් බොහොමයක් සිදුව ඇත්තේ වේගය පාලනය…

රජය මගින් ආනයනය කෙරෙන පළමු සහල් තොගය මෙරටට…

රජය මගින් ආනයනය කෙරෙන පළමු සහල් තොගය ඊයේ (16) රාත්‍රියේ මෙරටට රැගෙනවිත් ඇති බව වාර්තා වේ. සහල් අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස රජය මෙම පියවර ගනු ලැබු අතර තවත් සහල් මෙට්‍රික් ටොන් 70000ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි. සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් සහල් තොග ආනයනය කිරීමට අවසර හිමිවී ඇති අතර පළමු සහල් තොගය…

යාපනයේ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා සීඝ්‍රයෙන් ඉහළට….

අද (17) උදෑසන වන විට යාපනයේ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර යලි ආරම්භ වූ වර්ෂාව මෙයට හේතුව බව වාර්තා වේ. මීට පෙර යාපනයේ පේදුරුතුඩුව මන්තිහෙයි විශේෂ ප්‍රතිකාර ඒකකයේ හා යාපනය ඒකකයේ රෝගීන් 17 දෙනෙකු පමණක් සිටිය නමුත් එම සංඛ්‍යාව මේවන විට 89ක් දක්වා ඉහළ ගොස් ඇති බවටද වාර්තා වේ. මේ…

නව කතානායකවරයා ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් කෙරේ…

අද (17) දින පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න තෝරාපත් කර ඇත. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ සභානායක බිමල් රත්නායකගේ යෝජනා ස්ථීරත්වයෙනි. ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් හේතුවෙන් හිටපු කථානායක අසෝක රන්වල එම ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වීම හේතුවෙන් මෙලෙස නව් කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට සිදුවූ අතර ඔහු මෙරට 23වැනි කථානායකවරයා…

නව උපරිම සහල් මිල ගැසට් නිවේදනය නිකුත් කෙරේ….

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නව උපරිම සහල් මිල සදහා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව: දේශීය සුදු සහ රතු කැකුළු: තොග මිල: රු. 215 සිල්ලර මිල: රු. 220 දේශීය නාඩු: තොග මිල: රු. 225 සිල්ලර මිල: රු. 230 දේශීය කීරිසම්බා: තොග මිල: රු. 255 සිල්ලර මිල: රු. 260 ආනයනික සහල් සඳහා: කැකුළු සහල්: සිල්ලර…

අතුරු සම්මත ගිණුම පිළිබද විවාදය අද දෙවන දිනටත්…..

ලබන වසර සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සහ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය අද (6) දිනයේද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත. මෙම ගිණුම සහ ඇස්තමේන්තුව සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහි විවාදය ඊයේ ආරම්භ විය. අතුරු සම්මත ගිණුම යටතේ රුපියල් බිලියන 1,402 ක අධික මුදලක් සහ පරිපූරක ඇස්තමේන්තුව යටතේ රුපියල් බිලියන 215 කට…