මෙම වසරේ ජනවාරී පළමු වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. එම කාලසීමාව තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව 22,967 ක් වන අතර ඒ අතරින් සිදුව ඇති මාරක අනතුරු ගණන 2,141 ක් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. බරපතල ගණයේ අනතුරු 6,500 ක් එම…
Author Archives: news_sandeep
ලොව සුපතල ජපන් මෝටර් රථ සමාගම් දෙකක් වන හොන්ඩා සහ නිසාන් සමාගම් ඒකාබද්ධ කර නව සමාගමක් පිහිටුවීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව සදහන් වේ. ටෙස්ලා සහ චීන විද්‍යුත් මෝටර් රථ සමාගම් විසින් එල්ල කරනු ලබන දැවැන්ත අභියෝගයන්ට මුහුණදීම මෙහි අරමුණ බව සදහහන් වන අතර අදාළ සමාගම් එක්ව පිහිටවනු ලබන නව සමාගමේ තොරතුරු තවමත් ප්‍රසිද්ධ…
2024 වසරේ දෙසැම්බර් 14 දක්වා කාලසීමාව තුළ අධිවේගී මාර්ගවල සිදුවූ මාරක රිය අනතුරු 12කින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, පුද්ගලයින් 05 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 77 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවය. එමෙන්ම මෙම රිය අනතුරුවලින් දේපල හානි 404ක් වාර්තා වී තිබේ. මෙම අනතුරුවලින් බොහොමයක් සිදුව ඇත්තේ වේගය පාලනය…
රජය මගින් ආනයනය කෙරෙන පළමු සහල් තොගය ඊයේ (16) රාත්‍රියේ මෙරටට රැගෙනවිත් ඇති බව වාර්තා වේ. සහල් අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස රජය මෙම පියවර ගනු ලැබු අතර තවත් සහල් මෙට්‍රික් ටොන් 70000ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි. සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් සහල් තොග ආනයනය කිරීමට අවසර හිමිවී ඇති අතර පළමු සහල් තොගය…
අද (17) උදෑසන වන විට යාපනයේ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර යලි ආරම්භ වූ වර්ෂාව මෙයට හේතුව බව වාර්තා වේ. මීට පෙර යාපනයේ පේදුරුතුඩුව මන්තිහෙයි විශේෂ ප්‍රතිකාර ඒකකයේ හා යාපනය ඒකකයේ රෝගීන් 17 දෙනෙකු පමණක් සිටිය නමුත් එම සංඛ්‍යාව මේවන විට 89ක් දක්වා ඉහළ ගොස් ඇති බවටද වාර්තා වේ. මේ…
අද (17) දින පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න තෝරාපත් කර ඇත. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ සභානායක බිමල් රත්නායකගේ යෝජනා ස්ථීරත්වයෙනි. ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් හේතුවෙන් හිටපු කථානායක අසෝක රන්වල එම ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වීම හේතුවෙන් මෙලෙස නව් කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට සිදුවූ අතර ඔහු මෙරට 23වැනි කථානායකවරයා…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නව උපරිම සහල් මිල සදහා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව: දේශීය සුදු සහ රතු කැකුළු: තොග මිල: රු. 215 සිල්ලර මිල: රු. 220 දේශීය නාඩු: තොග මිල: රු. 225 සිල්ලර මිල: රු. 230 දේශීය කීරිසම්බා: තොග මිල: රු. 255 සිල්ලර මිල: රු. 260 ආනයනික සහල් සඳහා: කැකුළු සහල්: සිල්ලර…
ලබන වසර සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සහ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය අද (6) දිනයේද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත. මෙම ගිණුම සහ ඇස්තමේන්තුව සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහි විවාදය ඊයේ ආරම්භ විය. අතුරු සම්මත ගිණුම යටතේ රුපියල් බිලියන 1,402 ක අධික මුදලක් සහ පරිපූරක ඇස්තමේන්තුව යටතේ රුපියල් බිලියන 215 කට…
කැලිෆෝනියාවේ රිච්ටර් මාපක 7.0 ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබෙනවා. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය වෙරළබඩ නගරයක් වන ෆර්න්ඩේල්ට කිලෝමීටර් 68 ක් පමණ ඔබ්බෙන් ඇතිව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටින්නේ. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මුලින් කැලිෆෝනියා සහ ඔරිගන් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් ටික වේලාවකට පසු එම නිවේදනය අවලංගුකර තිබෙනවා. හුම්බෝල්ට් ප්‍රාන්තයේ විදුලිය ඇනහිටීම් 10,000කට…
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින්…











