රජයේ ආයතන 14 ක ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක් පමණ වැය වන බවයි. එසේම නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක්…
Author Archives: news_sandeep
අද සිට ලබන 29 වැනිදා දක්වා කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවට වසර 160ක් පිරීම නිමිත්තෙන් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය විශේෂ දුම්රියක් ලෙස අද අබේපුස්ස දක්වා ධාවනය වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇත. Views: 124
කුරුඳු අපනයනයෙන් වසරකට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට ශ්‍රී ලංකාව කුරුඳු අපනයනයෙන් වසරකට ඩොලර් මිලියන 250ක පමණ විදේශ විනිමයක් උපයා ගන්නා අතර එය තවදුරටත් වර්ධනය කිරීමට පියවර රැසක් ගෙන ඇති බවයි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජානක ලින්දර මහතා සඳහන් කර ඇති…
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ ජනතාවගෙන් වාචික අදහස් ලබා ගැනීම අද (27) ආරම්භ වන බව සදහන් වේ. ලිඛිත අදහස් ලබා ගැනීම පසුගිය 17 වනදා සිට සිදුවු අතර වාචික අදහස් ලබා ගැනීම ජනවාරි මස 10 වනදා දක්වා සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ. පළමු සැසිය මධ්‍යම පළාතෙන් ආරම්භ වන අතර සියලු පළාත් ආවරණය වන පරිදි…
නූතන ඉන්දියාව ගොඩ නැගීමේ පුරෝගාමියා ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ආචාර්‍ය මන්මෝහන් සිං මහතා ඊයේ (26) අළුයම අභාවප්‍රාප්ත වී ඇත. 1990 වසර ආරම්භයත් සමඟ ඉන්දීය ආර්ථිකය බංකොලොත් වූ අතර එය ගොඩ ගැනීමට පුරෝගාමී කාර්යභාරයක් ආචාර්ය මන්මෝහන් සිං විසින් සිදු කරනු ලැබීණි. එරට මහ බැංකුවේ අධිපතිවරයා මෙන් ම, 1981දී මුදල් අමාත්‍ය ධුරයටත්, පසුව අග්‍රාමාත්‍ය ධුරයටත්…
සහල් ආනයනය කිරීම සදහා ලබාදුන් අවසරය ලබන වසරේ ජනවාරි 10 වනදා දක්වා දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ දෙසැම්බර් 20 දින දක්වා මෙරටට සහල් ආනයන සඳහා ලබා දී තිබු අවසරය දීර්ඝ කරමින්. ඒ අනුව පසුගිය 20 දා වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්්‍රක් ටොන් 67000 ක් මෙරටට ආනයනය කර තිබුණා. ශ්‍රී ලංකා රේගුව…
සහල් ආනයනය කිරීම සදහා ලබාදුන් අවසරය ලබන වසරේ ජනවාරි 10 වනදා දක්වා දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ දෙසැම්බර් 20 දින දක්වා මෙරටට සහල් ආනයන සඳහා ලබා දී තිබු අවසරය දීර්ඝ කරමින්. ඒ අනුව පසුගිය 20 දා වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්ට්‍රික් ටොන් 67000 ක් මෙරටට ආනයනය කර තිබුණා. ශ්‍රී ලංකා රේගුව…
මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. දෙසැම්බර් මස පළමු භාගයේදී පමණක් සංචාරකයින් 97,115ක් පැමිණ ඇති අතර, එය සාමාන්‍යයෙන් දිනකට සංචාරකයින්ගේ පැමිණීම් 6,474ක් වෙනවා. එමෙන්ම දෙසැම්බර් මාසයේ මේ වනතෙක් සංචාරකයින් 193,471ත් 229,644ත් අතර සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා. දෙසැම්බර් පළමු භාගයේදී වැඩිම සංචාරක පිරිසක් ලෙස ඉන්දියාවෙන් 21,174ක්…
එදා මෙදා තුර අපේ රටේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව ලෙස සැලකෙන සුනාමි ව්‍යවසනයට අදට (26) වසර 20ක් සපිරෙනවා. රුදුරු ත්‍රස්ත්‍රවාදයෙන් බැට කමින් සිටි ශ්‍රී ලාංකිකයින් එල්ටීටීඊ බලපෑම මදකට අමතක කර දමා උදා වූ නත්තල මහත් හරසරින් සමරමින් සිටියා. නමුත් කිසිවෙකුත් සිහිනෙකින් හෝ අපේක්ෂා නොකළ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 9.3 ක ප්‍රබලත්වයෙන් යුත්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බව සඳහන් වේ. ඇය පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගිය අවස්ථාවේ, හදිසියේ අසනීපයකට ලක්ව රෝහල් ගත කර ඇති අතර දින දෙකක් පුරා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇති බව වර්තා…











