මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 286.0964ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 294.6938ක් ලෙස වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 286.5734 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.295.5806 ලෙස…
Author Archives: news_sandeep
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, මින් ඉදිරියට දේශපාලන බලපෑම් මත කිසිදු නව ආයෝජන අවස්ථාවක් ලබා නොදෙන බව ය. ඔහු මෙම අදහස් පළ කළේ, අද (දෙසැ. 5) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ය. ජනාධිපතිවරයා සඳහන් කළේ, ආයෝජන අවස්ථා සළසීමේදී පරිස්සමෙන් ක්‍රියාකළ යුතු බවත්, රටට වඩාත් හිතකර, පිරිසිදු…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (දෙසැ.5) සුරා බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී, සුරා බදු බලපත්‍ර ලබා දීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස අවධාරණය කළේය. ඔහු එහිදී පවසා සිටියේ, නිලධාරීන් නීතියට පටහැනි ක්‍රියාකාරකම්වල නිරත නොවී, සෑම අවස්ථාවකදීම නීතිය සමරයා ලෙස ක්‍රියාත්මක විය යුතු බවත්, නිසි වේලාවට බදු අය කිරීමට සහ නීතිමය…
දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොවැම්බර් මස 27 වන දින සිට දින 06ක කාලයක් උසස් පෙළ විභාගය කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත් අතර උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද (04) සිට යළි ආරම්භ වේ. ඒ අනුව අද සිට දෙසැම්බර් මස 20 වන දින දක්වා මීට පෙර නිකුත් කළ කාලසටහන අනුව විභාගය පැවැත්වෙනු ඇත….
අද (04) දිවයිනේ සියලු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වැඩිදුරටත් සදහන් වේ. Views:…
නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසා ඇත. ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ද ස්ථාන මරුවීම්…
නැගෙනහිර පළාතේ අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව වැඩිදුරටත් පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. මේ අතර මඩකලපුව සිට සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වාවන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති වන අතර දිවයින වටා…
ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන අවසන් තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග අද (03) පැවැත්වෙනවා. ඩුබායිහිදී මෙම තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10යි 30ටයි. ශ්‍රී ලංකා පිල මේවනවිටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා. මේ අතර අද ඇෆ්ගනිස්ථානය සහ නේපාලය අතර තරගයක්ද පැවැත්වෙනවා. ඊයේ පැවති තවත් තරග දෙකකින්…
පසුගියදා අයහපත් කාලගුණ තත්වය හමුවේ හාලිඇල, උඩුවර ප්‍රදේශයේ දී පස්කන්දක් කඩා වැටීමෙන් අවහිර වූ උඩරට දුම්රිය මාර්ගය දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් ධාවනයට සුදුසු පරිදි මාර්ගය සැකසීමෙන් අනතුරුවය අද (02) සිට නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබේ. Views: 149
අද (02) දිනයේ ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පවතින බව වාර්තා වේ. ඒ අනුව කොළඹ, යාපනය, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම තත්ත්වය පැවතිය හැකි බවද සඳහන් වේ. මේ හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමේ හැකියාව ඇති බවත් එලෙස තත්ත්වයක් ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස වැඩිදුරටත් දැනුම්…











