Author Archives: news_sandeep

ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල සිදු වූ වෙඩි හුවමාරුවක්….

WhatsApp Image 2024 11 24 at 11.29.26

ජෝර්දානයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල සිදු වූ වෙඩි හුවමාරුවකින් වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු මිය ගොස් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රියේ පොලිස් මුර සංචාරයක නිරතව සිටි නිලධාරීන්ට වෙඩික්කරු විසින් වෙඩි තබා ඇති අතර පොලිසිය විසින් නැවත ප්‍රතිප්‍රහාර එල්ල කළ අවස්ථාවේ වෙඩික්කරු මියගොස් ඇත්තේ. වෙඩි තැබීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් විශේෂ…

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ 20ක් මියයයි….

WhatsApp Image 2024 11 24 at 11.46.13 1

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ මධ්‍යම බේරූට් ප්‍රදේශයේ පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති අතර, නැගෙනහිර ලෙබනනයේ බාල්බෙක් දිස්ත්‍රික්කයට එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් හතර දෙනෙකු ඇතුළු තවත් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මධ්‍යම බේරූට් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයෙන් තවත් 66 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. එරට ගලවා ගැනීම් කණ්ඩායම් ප්‍රහාරයෙන් දිවි ගලවා…

ලෝක කැරම් ශූරතා තරගාවලියට ගිය ක්‍රීඩක ක්‍රිඩිකාවන් දිවයිනට…..

WhatsApp Image 2024 11 24 at 11.59.33

ඇමෙරිකාවේ පැවති 06 වන ලෝක කැරම් ශූරතා තරගාවලියේ දී , අනුශූරතාව දිනා ගෙන රිදී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කැරම් පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඊයේ (23) දින රාත්‍රීයේදී දිවයිනට පැමිණ තිබෙනවා. මෙම තරගාවලිය ඇමෙරිකාවේ සෙන්ට් ප්‍රැන්සිස්කෝ ප්‍රාන්තයේ කැලිෆෝනියාවේ දී පසුගිය 10 වනදා සිට 18 වනදා දින දක්වා ලෝකයේ රටවල් 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා…

උසස් පෙළ විභාගය හෙට….

WhatsApp Image 2024 11 24 at 10.45.44

2024 අ.පො.ස උසස් පෙළ විභාගය හෙට (25) සිට ආරම්භ කිරීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී සියල්ල සූදානම් කර තිබෙනවා. විභාගය ලබන මස 20 දා දක්වා පැවැත්වෙන අතර මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 333,183ක්. ඒ අතරට පාසල් අයදුම්කරුවන්, 253,390ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්….

බොරතෙල් මිල ඉහළට…..

WhatsApp Image 2024 11 24 at 10.25.31

සති අන්තය වන විට බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කළා. ඒ අනුව, ඩබ්ලිබ්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71 ශත 24ක් ලෙස සටහන් වූයේ එය සියයට එකයි දශම හයයි තුනක වැඩිවීමක් ලෙස පෙන්වමින්. එමෙන්ම, සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 75 ශත 17 ක් ලෙස සටහන් වුණා. එය…

කාලගුණ වාර්තාව….

WhatsApp Image 2024 11 24 at 10.17.05

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේවන විට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇත. එය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 25දින වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.මෙම පද්ධතියේ බලපෑම…

උද්ධමනය තවදුරටත් පහළට…..

WhatsApp Image 2024 11 22 at 16.47.00

ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. පසුගිය සැප්තැම්බර් මාසයේ දී සියයට ඍන 02ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී සියයට සෘන 0.7 දක්වා පහළ ගොස් තිබෙන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දී ඇත. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව…

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස සුනිල් වටගල මහතා දිවුරුම් දෙයි.

WhatsApp Image 2024 11 21 at 23.18.30

මෙවර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 125,700 ක් ලබාගනිමින් පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් නීතීඥ සුනිල් වටගල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස අද (21) දිවුරුම් දෙනු ලැබීය. Views: 187

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි…..

WhatsApp Image 2024 11 21 at 22.56.09

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව පත් වූ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු, 01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02. නාමල් කරුණාරත්න මහතා – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය 03. වසන්ත පියතිස්ස…

මන්නාරම රෝහලේ නිවැරදි ප්‍රසූති පරිපාලන මඟහැරීමකින් මවක් සහ දරුවෙක් ජීවිතක්ෂයට….

WhatsApp Image 2024 11 21 at 17.29.40 3

මන්නාරම පට්ටිතෝට්ටම් ප්‍රදේශයේ තරුණ කාන්තාවක් සිය පළමු දරුවා බිහිකිරීම පිණිස රෝහල් ගතවී ඇති අතර ඇය නියමිත පරිදි මන්නාරම රෝහලේම වෛද්‍ය සායන සියල්ලටම සහභාගී වී තිබේ. දරුවා බිහිකිරීමට යෑමේදී ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවී ඇති අතර එහිදී සිසේරියන් සැත්කමකින් දරුවා ලබාගත යුතු බවට ඥාතීන් කළ ඉල්ලීමට අවනත නොවූ රෝහලේ වෛද්‍යවරුන් හා හෙදියන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය…