සංචාරක නවසීලන්ත කණ්ඩායම සහය ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද (19) පැවැත්වේ. පළමු තරග දෙක ජයගෙන තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග සඳහා එක්වන්නේ වෙනස්කම් කිහිපයක් ද සමඟිනි. ඒ, අනුව දෙවන තරග සඳහා ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු…
Author Archives: news_sandeep
ඊයේ (18) අළුයම ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක පාපුවරුවෙන් ඇද වැටුණු පුද්ගලයන් දෙදෙනකු අතුරින් එක්අයකු මියගොස් ඇති බව තලංගම පොලිසිය වාර්තා කර ඇති අතර එසේ මියගොස් ඇත්තේ එම බස් රථයේ කොන්දොස්තරවරයා බව තවදුරටත් වාර්තා වේ. පානදුර ඩිපෝවට අයත් බස් රථය පානදුර සිට මහනුවර දක්වා කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය කර ඇති අතර කොස්වත්ත මංසන්ධිය…
මිනුවන්ගොඩ නගරයේදී මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලබන ආයතනයක රියදුරෙකු වශයෙන් සේවය කළ පුද්ගලයෙකු ඊයේ (18) එම රථයේ තිබූ මුදල් සමග ඔහු ගමන් ගත් වෑන් රථයද රැගෙන පළාගොස් ඇති බව වාර්තා වේ. එහි තිබූ මුදල්වල වටිනාකම රුපියල් මිලියන 75ක් පමණ වෙන බවත් ආරක්ෂිත නිලධාරීන් රථයෙන් බැසගොස් ඇති අවස්ථාවක රියැදුරු මුදල් සමග වෑන් රථයෙන් පළා ගොස් ඇති…
ඊයේ (18) පස්වරුවේ ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් සිටි විදේශිකයන් 08 දෙනෙක් කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක වීසා නොමැතිව පිරිසක් රැඳි සිටින බවට 119 තොරතුරු මධ්‍යස්ථානයේ ලද පණිවිඩයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන…
මෙම සංචිතය සඳහා වේග පන්දු යවන්නන් පස්දෙනෙක් ඇතුළත්ව ඇති අතර, දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් ඇතුළත් වන බව සදහන් වේ. ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චදිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙනිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු කුමාර…
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් ගුවන්තොටුපොළේ සිට ගුවන්ගතවීමට නියමිතව තිබූ මගීන් රැගත් ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සවුත්වෙස්ට් ගුවන් සේවයට අයත් එම ගුවන් යානයට වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි මගීන් 99 දෙනකු අසුන්ගෙන සිට ඇති අතර ඉන් කිසිවෙකුටවත් තුවාල සිදුව නොමැති බවද එම මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ. ඉන්ඩියානා ප්‍රාන්තයේ ඉන්ඩියානා…
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල…
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙම තහනම උසස් පෙළ විභාගය අවසන් වනතුරු ක්‍රියාත්මක වේ. ඒ අනුව, එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී. මෙවර…
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ වික්ටෝරියා ජේර් තේල්විග් සමත් වී ඇත. තරඟකාරියන් 120ක් අභිබවා යමින් ඇය මෙවර විශ්ව රූ රැජින කිරුළ දිනාගෙන ඇති අතර මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටී නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් තරඟයේදී ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳි බව වාර්තා වේ. 21 හැවිරිදි වික්ටෝරියා නර්තන ශිල්පිනියක්, ව්‍යවසායිකාවක් මෙන්ම…
මස්කෙළිය ප්‍රදේශයේ පසුගිය 09 වනදා දින රුපියල් ලක්ෂ 83කට ආසන්න වටිනාකමින් යුක් වෑන් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හැටන් පොලිසිය සිදු කළ විමර්ශනයට අදාළ අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ. හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පසුගිය 16 වනදා දින කහවත්ත පොලිස් වසමේ ඕපෙවත්ත ප්‍රදේශයේදී මෙම සොරකම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර…











