මැතිවරණය සහ සති අන්ත නිවාඩුව අවසන් කර රැකියා ස්ථාන වෙත පැමිණෙන ජනතාව සදහා විශේෂ දුම්රිය ගමන් වාර 07ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව දක්වා සහ බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කර ඇති බව තවදුරටත්…
Author Archives: news_sandeep
අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්රණ අනිද්දා මධ්‍යම රාත්රියෙන් අවසන් කිරීමට නියමිතව ඇත. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. පසුගිය කාලසීමාව තුළ මතුවූ ගැටලු මුල් කරගනිමින් විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතුද ශක්තිමත් කර අති බව වාර්තා වේ. මෙවර…
ශ්‍රි ලංකා සහ නවසීලන්තය අතර දෙවන එක්දින තරගය අද (17) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා. තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර අවසන් එක්දින තරගය ද අනිද්දා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දීම පැවැත්වෙනු ඇති. තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලියේ දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයේ ජයග්‍රහණය හිමි වූයේ ශ්‍රි ලංකා කණ්ඩායමටයි. Views: 161
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර…
රුපියල් මිලියන එක්ලක්ෂ 45,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 20 වන දා සිදු කිරීමට නියමිතයි. මහ බැංකුව නිවේදනය කළේ, දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක් වටිනා බිල්පත් මෙහිදී වෙන්දේසි කරන බවයි. එමෙන්ම, දින 364 කින් කල් පිරෙන…
පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ දිවුරුම් දීමට නියමිතයි. එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. මහ මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 02ක් ඡන්දයෙන් හිමු වූ අතර එක්…
ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 50ක ණයක් ලබාදිමට එකගතාව පළ කර තිබෙනවා. ඒ, මෙරට ක්‍රියාත්මක සූර්ය පැනල ව්‍යාපෘතියක් සදහායි. මේ සදහා මෙරට මූල්‍ය ආයතන 10 ක් සම්බන්ධ කරගනිමින් අඩු පොලී අනුපාතය යටතේ ණය ලබාදීමයි සැලසුම් කර ඇත්තේ. Views: 167
දිස්ත්‍රික්ක 5ක් වෙත පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගම්පහ කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ වෙතයි එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ. මේ අතර ඉදිරි පැය 36 දී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ ඌව සහ…
ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීමත් සමග වසර ගණනාවක් තිස්සේ ප්‍රභල දේශපාලන පක්ෂවලින් පාර්ලිමේන්තු නියෝජනය කළ මැති ඇමතිවරුන් රැසකට මෙවර සිය මන්ත්‍රි ධූර අහිමි වී තිබෙනවා. ඒ අනුව, හිටපු මැති ඇමතිවරුන් 50කට පමණ සහ අලුතින් ඉදිරිපත් වූ ප්‍රසිද්ධ චරිත කිහිපයකට මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වී නැහැ. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර…
නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක ටිම් සවුති ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. එංගලන්තය සමග එළඹෙන තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසුව තමා ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් ලබන වසරේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට නවසීලන්ත කණ්ඩායමට සුදුසුකම් ලැබුවහොත් ඊට ක්‍රීඩාකරන බව…











