Author Archives: news_sandeep

විශ්ව රූ රැජිණ ඩෙන්මාර්කයට…..

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ වික්ටෝරියා ජේර් තේල්විග් සමත් වී ඇත. තරඟකාරියන් 120ක් අභිබවා යමින් ඇය මෙවර විශ්ව රූ රැජින කිරුළ දිනාගෙන ඇති අතර මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටී නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් තරඟයේදී ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳි බව වාර්තා වේ. 21 හැවිරිදි වික්ටෝරියා නර්තන ශිල්පිනියක්, ව්‍යවසායිකාවක් මෙන්ම…

වාහනයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට….

මස්කෙළිය ප්‍රදේශයේ පසුගිය 09 වනදා දින රුපියල් ලක්ෂ 83කට ආසන්න වටිනාකමින් යුක් වෑන් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හැටන් පොලිසිය සිදු කළ විමර්ශනයට අදාළ අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ. හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පසුගිය 16 වනදා දින කහවත්ත පොලිස් වසමේ ඕපෙවත්ත ප්‍රදේශයේදී මෙම සොරකම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර…

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි…..

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) උදෑසන ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීම සිදු කෙරිණි. ඒ අනුව, නව රජයේ කැබිනට් අමාත්‍යවරු 21 දෙනකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. කැබිනට් අමාත්‍ය අමාත්‍ය මණ්ඩලය 01. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය 02. විජිත හේරත් – විදේශ…

කාලගුණ වාර්තාව…..

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද…

වසර දොළහකට පසු ශ්‍රී ලංකාවට එක් දින තරගාවලි ජයක්….

සංචාරක නවසීලන්ත – ශ්‍රි ලංකා දෙවන එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත් වුණා. ඒ කඩුළු 03කින් නවසීලන්තය පරාජය පත් කරමින් වන අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග දෙකක් ශ්‍රි ලංකාව ජයගැනීමත් සමග සමස්ත තරගාවලියේ ජය ශ්‍රි ලංකාවට හිමිවී තිබෙනවා. අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 209ක් රැස්…

ගුරුවරියකගේ පහරදීමෙන් රෝහල් ගතව සිටි සිසුවිය මිය යයි….

වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු පහරදීම නිසා මාස 3කට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවියක මියගොස් ඇත. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි අදාළ ගුරුවරියන් දෙදෙනා යලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කර ඇත්තේ, හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම…

මාලිමාවේ ජාතික ලැයිස්තුව නම් කරයි…….

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 01. බිමල් රත්නායක ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 02. ආචාර්ය අනුර කරුණාතිලක කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික 03. මහාචාර්ය උපාලි පන්නිලගේ රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් දිවයිනට…..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස…

ජාතික ලැයිස්තුව නම් කරන්න- මැතිවරණ කොමිෂන් සභාව දන්වයි….

ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අදාළ පක්ෂ වෙත දැනුම්දී ඇත. එම පක්ෂ ලේකම්වරුන් වෙත අදාළ දැනුම්දීම ඊයේ සිදු කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන ලදී. මැතිවරණ ප්‍රතිඵල වලට අනුව ජාතික ජන බලවේගය, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 18ක් හිමි කර ගත් අතර එම අවසන් ලැයිස්තුව අද…

රන් මිල පහළට…..

පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් සිදුව ඇති බව වාර්තා වන අතර ඊයේ දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් හත් ලක්ෂ පනස්දහස් තුන්සිය අසූවක් ලෙසයි. ඒ අනුව කැරට් 24 19ක මිල රුපියල් 26,470ක් ලෙස සඳහන්ව තිබුණි. කැරට් 22 සහ 21 ග්‍රෑම් 19ක මිල පිළිවෙළින් රුපියල් 24,270 ක් සහ රුපියල් 23,…