Author Archives: news_sandeep

මන්ත්‍රීවරයෙකුගේ මාසික වැටුප් සහ දීමනා ලැයිස්තුව අගමැතිනිය හෙළි කරයි….

parlimenthu 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දැනට හිමිවන වැටුප් සහ දීමනා සම්බන්ධ නිල තොරතුරු අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම විස්තර ඉදිරිපත් කළාය. එම දීමනා සහ වරප්‍රසාද පහත පරිදි වේ: මූලික දීමනා සහ මාසික ගෙවීම් මාසික දීමනාව: රුපියල් 54,285 කාර්යාල දීමනාව: රුපියල් 100,000 දුරකථන දීමනාව:…

මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප ඕනේ – සජිත්

WhatsApp Image 2026 02 17 at 16.53.11

මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප ඕනේ – සජිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතු යැයි තමා සෘජුවම විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, අද (17) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “මත විමසුමකින් ඉහළ ප්‍රතිශතයක් ලැබුණා යැයි රජය උද්දාමයට පත්ව තිබෙනවා.රජය ජනප්‍රිය යැයි ඔය තරම් හිතනවා නම් පළාත්…

දයාසිරිගේ සාමාජිකත්වය ගැන පක්ෂයට නියෝගයක්

WhatsApp Image 2026 02 17 at 16.53.11 1

දයාසිරිගේ සාමාජිකත්වය ගැන පක්ෂයට නියෝගයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා. කෙසේ වෙතත්, තමන්ට ශ්‍රී ලංකා නිදහස්…

අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්

WhatsApp Image 2026 02 17 at 16.53.12

අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක් අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ල වී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ, මෙය හුදකලා සිදුවීමක් බවත් ඉන් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බවයි. එමෙන්ම එම ප්‍රහාරයෙන් මියගිය නීතිඥවරයාගේ සහ…

විජිත් විජයමුණි FCIDයට

WhatsApp Image 2026 02 17 at 16.53.12 1

විජිත් විජයමුණි FCIDයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (17) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන්ව මෙලෙස කැඳවා තිබූ බවයි. Views: 79

අනුරගෙන් ආයෝජකයන්ට වසර දහයක බදු සහන

WhatsApp Image 2026 02 16 at 11.46.28 AM 2

රජයේ නව ආර්ථික ප්‍රතිපත්තියට අනුව ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා වසර 10ක් දක්වා දීර්ඝ වන සුවිශේෂී බදු සහන මාලාවක් ප්‍රකාශයට පත් කර ඇතැයි ටයිම්ස් වාර්තා කර තිබෙනවා. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ සඳහා වන නව චක්‍රලේඛය භාණ්ඩාගාරය මගින් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව සංචාරක,…

නීතිඥ සංගමයේ සියලු නීතිඥවරු අද අධිකරණ කටයුතුවලින් ඉවතට

WhatsApp Image 2026 02 10 at 11.22.35 AM

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සියලු නීතිඥවරුන් අද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි. අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට…

කොළඹ වරාය පරිශ්‍රය තුළ සිදුවන අනතුරු හේතුවෙන් සේවක ජීවිත අහිමි වීමේ බරපතල ප්‍රවණතාවක් මතුව තිබෙනන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

WhatsApp Image 2026 02 16 at 11.46.28 AM

මෙහි නවතම සිදුවීම ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කළ 57 හැවිරිදි සංඥාකරුවෙකු වූ සරත් සඳලාල් මහතා පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා. පෙබරවාරි 6 වන දින සිංගප්පූරුවේ ලියාපදිංචි ‘MV SOL Stride’ නෞකාවේ සේවය කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබුණා. බහාලුම් පියන වැසීම සඳහා සංඥාව ලබාදුන් සඳලාල් මහතා ආරක්ෂිත ස්ථානයකට යාමට උත්සාහ කිරීමේදී, ඔහුගේ පාවහන් පොළොවේ තිබූ…

ශ්‍රි ලංකා – ඕස්ට්‍රේලියා සටන අද

WhatsApp Image 2026 02 16 at 11.46.27 AM

විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේ­ලි­යාව සහ අතර ‘බී’ කාණ්ඩයේ තීර­ණා­ත්මක තර­ගය අද පස්වරු 7ට පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් දෙකටම මෙම තරගය තීරණාත්මක වෙනවා. ඒ සුපිරි අට වටයේ බලා­පො­රොත්තු රඳවා ගැනීම සඳහායි. Views: 110

තවත් වෙඩිතැබීමක් – අයෙක් මරුට

WhatsApp Image 2026 02 15 at 13.33.02 5

  කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් අද (14) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම ප්‍රදේශයේ එම ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා. වෙඩි වැදීමෙන් අයෙකු මියගොස් තවත් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයිද තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වනවා. Views: 81