Author Archives: news_sandeep

ශ්‍රි ලංකා – ඕස්ට්‍රේලියා සටන අද

විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේ­ලි­යාව සහ අතර ‘බී’ කාණ්ඩයේ තීර­ණා­ත්මක තර­ගය අද පස්වරු 7ට පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් දෙකටම මෙම තරගය තීරණාත්මක වෙනවා. ඒ සුපිරි අට වටයේ බලා­පො­රොත්තු රඳවා ගැනීම සඳහායි. Views: 175

තවත් වෙඩිතැබීමක් – අයෙක් මරුට

  කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් අද (14) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම ප්‍රදේශයේ එම ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා. වෙඩි වැදීමෙන් අයෙකු මියගොස් තවත් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයිද තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වනවා. Views: 142

අකුරේගොඩ නීතිඥ ඝාතනය: වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හමුවෙයි

අකුරේගොඩ නීතිඥ ඝාතනය: වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හමුවෙයි තලංගම, අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා. එම කාර්යාංශය පැවසුවේ මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේදීත් එය ගිනි ගනිමින් තිබුණු බවයි. නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා…

ඉන්දු – පාකිස්ථාන පස මිතුරන්ගේ ලෝක කුසලාන ගැටුම අද

ඉන්දු – පාකිස්ථාන පස මිතුරන්ගේ ලෝක කුසලාන ගැටුම අද මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව කාගේත් අවධානය දිනා ගත් ඉන්දු – පාකිස්ථාන ක්‍රිකට් තරගය සැලසුම් කළ පරිදිම අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙය, මෙරට වෙලාවෙන් ප.ව. 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එය, තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරගයක්…

මහව සභාපතිගෙන් ප්‍රසිද්ධ නාලිකාවකට චෝදනා

  මහව සමූපකාර නිලවරණය අතරතුර නාගොල්ලාගම ජන්ද මධ්‍යස්ථානයකදී තමා සහ පොදු විපක්ෂයේ අපේක්ෂක චානක උදයකුමාර අතර යම් බහින් බස්වීමක් සිදූවූ බවත්, එම සිදුවීම නීතිය මාර්ගයෙන් විසඳෙන අවස්ථාවක එම පුද්ගලයාට වෙනත් කෙනෙක් විසින් සිදුකළ පහරදීමක් යම් මාධ්‍ය ආයතනයක් විසින් තමාට එල්ල ක‍ර ඇති බව මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ හේරත් මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් මහව පොලිස්…

ඉන්දු – පාකිස්තාන තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

ඉන්දු – පාකිස්තාන තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (15) පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පකිස්තාන තරගය සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් දන්වා සිටින්නේ, එම තරගයේ ආරක්ෂක රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 2,000ක් යොදවා ඇති…

ප්‍රදේශ රැසකට අද සවස තරමක තද වැසි

ප්‍රදේශ රැසකට අද සවස තරමක තද වැසි මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (12) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි. උතුරු පළාතේ වැසි වාර…

බංග්ලාදේශයේ දේශපාලන යුගයක පෙරළියක්: හසීනා – සියා නොමැති තීරණාත්මක මහ මැතිවරණය අද

දශක ගණනාවක් බංග්ලාදේශ දේශපාලනය හෙබවූ ප්‍රබල චරිත දෙකක් වන ෂෙයික් හසීනා සහ ඛලීඩා සියා නොමැතිව පැවැත්වෙන පළමු තීරණාත්මක මහ මැතිවරණය අද (පෙබරවාරි 12) ආරම්භ වේ. මෙය බංග්ලාදේශ ඉතිහාසයේ නව දේශපාලන ගමන් මගක් සනිටුහන් කරන සන්ධිස්ථානයක් ලෙස සැලකේ. පසුගිය කාලසීමාවේ ඇති වූ දැවැන්ත ශිෂ්‍ය නැගිටීම්, දේශපාලන අස්ථාවරත්වය සහ පාලන තන්ත්‍රයේ බිඳ වැටීම් හමුවේ මෙවර මැතිවරණය වඩාත්…

ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට එරෙහි පෙත්සම: හිටපු ජනපතිවරුන් දෙදෙනෙකුට සහ වත්මන් ජනපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

ජීව විද්‍යාත්මක පදනමෙන් බැහැරව පුද්ගල අභිලාෂය පරිදි ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට රජය ලබා දී ඇති අවසරය නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන් ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල…

අමරකී‍ර්ති ඝාතන නඩුවේ සැකකරුවන් අධිකරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා විත්තිකරුවන් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා. 2022 මැයි මස 09 වැනිදා රට පුරා පැතිර ගිය අරගලකාරී වාතාවරණය මධ්‍යයේ, නිට්ටඹුව නගරයේදී සිදු වූ ප්‍රහාරයකින් එවකට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ…