Author Archives: news_sandeep

අඩු පීඩන කලාපය ගැන දැනුම්දීමක්

අඩු පීඩන කලාපය ගැන දැනුම්දීමක් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද(23) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියාව තිබෙනවා. එමෙන්ම ගාල්ල,…

ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් අද සිට වෙළෙඳපොළට

ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් අද සිට වෙළෙඳපොළට ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව අද (23) සිට අදාළ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බව එම සමාගම සඳහන් කළා. ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ පැමිණි අතර ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ…

ත්‍රීරෝද රථ රියදුරු ඝාතනය කර රිය පැහැරගත් සැකකරු අල්ලයි

ත්‍රීරෝද රථ රියදුරු ඝාතනය කර රිය පැහැරගත් සැකකරු අල්ලයි පුත්තලම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කර එම රථය කොල්ල කෑ බව කියන සැකකරුවෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, තිල්අඩිය – රත්මල්යාය පදිංචි 16 හැවිරිදි අයෙක්. ඊයේ (22) දින උදෑසන පුත්තලම අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක් තුළ පුද්ගල මළ සිරුරක් ඇති බවට…

තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක් වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම එළිදක්වන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් පවසනවා. මන්ත්‍රීවරයා සඳහන් කළේ, එම අවබෝධතා ගිවිසුම එළිකිරීමට රජය කටයුතු නොකිරීම තුළින් වතු කම්කරුවන්ට වැඩි කළ වැටුප අඛණ්ඩව ලැබෙන බවට තමන්ට විශ්වාසයක් නොමැති බවයි. කොටගල…

මනුවර්ණගේ රිලා දූපත උපකල්පනයක් විතරයි. ප්‍රායෝගික නැහැ – මාළිමා මන්ත්‍රී

මනුවර්ණගේ රිලා දූපත උපකල්පනයක් විතරයි. ප්‍රායෝගික නැහැ – මාළිමා මන්ත්‍රී ජන ජීවිතයට පීඩා කරන රිලවුන් දූපතකට කොටු කිරීම ජගත් මනුවර්ණ මන්ත්‍රීවරයාගේ උපකල්පනයක්, උපන්‍යාසයක් පමණක් බවත් තවම එය ප්‍රයෝගිකව කළ හැකි තත්වයක නොමැති බවත් ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසනවා. ස්වර්ණවාහිනී නාලිකාවේ “නාඩිය” දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පලකළා. මෙම වැඩසටහනේ ස්වභාවය අනුව…

අකුරේගොඩ ඝාතනය: අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක්

අකුරේගොඩ ඝාතනය: අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක් තලංගම, අකුරේගොඩදී නීතීඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අද (18) නැවත වතාවක් කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කළා. එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි අතර, අද දිනයේදීත් සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී…

ෆොන්සේකාගෙන් රජයට ඉල්ලීමක්

ෆොන්සේකාගෙන් රජයට ඉල්ලීමක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට එල්ලුම් ගස නියම වූ පුද්ගලයන්ට සමාව දෙන්නැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා. අද (18) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම ඉල්ලීම සිදු කළා. මෙහිදී ඔහු පවසා සිටියේ, මෙවැනි අයව මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීම…

ඇමති වසන්තට එරෙහි පරීක්ෂණ ප්‍රමාද ඇයි? – මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කරයි

ඇමති වසන්තට එරෙහි පරීක්ෂණ ප්‍රමාද ඇයි? – මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කරයි 2022 අරගලය පැවති සමයේදී ජනාධිපති කාර්‍යාලයට අයුතු ඇතුල්වීමක් සිදු කළැයි බව කියන වත්මන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට එරෙහි පරීක්ෂණ ප්‍රමාද වී ඇත්තේ මන්දැයි කොටුව මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කර සිටියා. ඒ අනුව, අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු 49කට එරෙහිව…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුප් සහ දීමනා හෙළිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුප් සහ දීමනා හෙළිවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ වනවිට ගෙවන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම හෙළිකිරීම සිදුකළේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අසන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. ඒ අනුව මන්ත්‍රීවරයෙක්ට මාසිකව රුපියල් 54‍,285ක දීමනාවක් ගෙවන ලබන අතර, මාසික සංග්‍රහ දීමනාව ලෙස ගෙවනු…

නතාෂාගෙන් CIDය සමාව ඉල්ලයි

නතාෂාගෙන් CIDය සමාව ඉල්ලයි ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය මෙනවිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්.එම්.යූ. සුබසිංහ මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇයට ලිඛිතවම සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා. මෙම නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය මෙනවිය…