Author Archives: news_sandeep

සජබ අපේක්ෂකයෙක් ඝාතන තැත: සැකකරුවන් 3ක් සහ සැකකාරියෙක් අත්අඩංගුවට

කළුතර සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිට සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්‍ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා. එම විමර්ශනවලට අනුව 24 හැවිරිදි නාගොඩ ප්‍රදේශයේ…

වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය ගැන GMOA එකෙන් රජයට චෝදනා

ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කිරිමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අසාර්ථකත්වය හමුවේ වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය අර්බුදයකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය චෝදනා කරනුයේ වෛද්‍යවරුන් 23,000කට අධික ප්‍රමාණයකින් සමන්විත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරගෙන යනු ලබන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග මාලාව වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු සිදු කිරීමට එරෙහිව සිදුකරන බවට මෑත කාලය…

කිසිම චෝදනාවක් නැතුව කස්සප හිමිව රිමාන්ඩ් කරලා – දිලිත්

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අදහස් පල කර තිබුණා. ඔහු එහිදී කියා සිටියේ, නිසි අයුරින් කිසිදු චෝදනාවක් ගොනු නොකර මෙම ස්වාමීන් වහන්සේලා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි. ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා මුස්ලිම් ජාතිකයෙක් බවත්, ඔහු ඉතාම සාධාරණ අයුරින්…

මාදැල් ධීවරයින්ගේ ගැටලුවට යහපාලන ආණ්ඩුව වගකියන්න ඕනේ – නියෝජ්‍ය ඇමති

මාදැල් ධීවරයන් මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින්, ඒ පිළිබඳ අවසන් තීරණයක් ලබන 27 වැනිදා තෙක් ප්‍රකාශ කළ නොහැකි බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ධීවර අමාත්‍යාංශයේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, නඩු තීන්දුවෙන් පසුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට රජය සූදානම් බවයි. 2015 යහපාලන රජය…

රතු වරෙන්තු නිකුත් කර සිටි දෙන්නෙක්ට දින 90ක රැඳවුම් නියෝග

මනිපායි ප්‍රදේශයේ පුද්ගල ඝාතනයකට සම්බන්ධව ආවා කල්ලියේ සාමාජිකයින් දෙදෙනෙකු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මධ්‍යම අපරාධ කාර්යාංශය අවසර ලබාගෙන තිබෙනවා. 2016 වසරේ යාපනය, මනිපායි ප්‍රදේශයේ සිදුකළ ඝාතනයකින් පසු ඉන්දියාවට පලාගොස් සිටි මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර තිබුණා. වසර කිහිපයකට පසු ඔවුන් මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී පොලිසිය විසින්…

ඇමති නලින්ද, කාරිට එරෙහිව අධිකරණයේ නඩු පවරයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා යුටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙකු වන ධර්ම ශ්‍රී කාරියවසම් මහතාට එරෙහිව කැස්බෑව දිසා අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් සිය යූ ටියුබ් නාලිකාව හරහා “ජීවිත බිලිගත් ඉන්දීය බෙහෙතේ යටගිය කතාව, නගරාධිපති බැල්තසාර්ගේ නෑයා සහ…

අනුරගේ ඇමතුමෙන් පසු ඉන්දු- පාකිස්තාන තරඟය ස්ථීරයි

ඉන්දියාව සහ පාකිස්තානය අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ගත් තීරණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ස්තූතිය පළ කර තිබෙනවා. සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම තරඟය වර්ජනය…

අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි , තරුණයෙක් මරුට

කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකදී 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (10) අලුයම අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැකකටයුතු වෑන් රථයක් නතර කරන ලෙස පොලිසිය කළ සංඥාව නොතකා එය මණ්ඩතිව් දෙසට වේගයෙන් ධාවනය කර ඇති බව පොලීසිය සඳහන් කළා. ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය,…

බිමල්ගෙන් බස්රථ හිමිකරුවන්ට අනතුරු ඇඟවීමක්

බිමල්ගෙන් බස්රථ හිමිකරුවන්ට අනතුරු ඇඟවීමක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බස්රථ රියදුරෙකු හෝ කොන්දොස්තරවරයෙකු හඳුනාගැනීමට හැකි වුවහොත් එම බස් රථයේ හිමිකරුගේ මාර්ග බලපත්‍රය අහෝසිකරීමට කටයුතු කරන බවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා, “බස්…

විමල්ට සහ ස්වර්ණවාහිනියට එරෙහිව නලින්දගෙන් එන්තරවාසියක්

විමල්ට සහ ස්වර්ණවාහිනියට එරෙහිව නලින්දගෙන් එන්තරවාසියක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශයක් ප්‍රකාශ කිරීම හා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අයගෙන් හා ස්වර්ණවාහිනී රූපවාහිනී මාධ්‍ය ආයතනනයෙන් රුපියල් බිලියනය බැගින් වන්දි මුදල් ලබා දෙන ලෙස දන්වමින් එන්තරවාසියක් යැවීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කටයුතු කර තිබෙනවා. ඒ…