ඉන්දියාවෙත් ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සූදානමක් ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ද වැඩි වශයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඔස්ට්රේලියානු රජය පසුගියදා එරට තුළ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ගත් පියවරත් සමග ඉන්දියාව තුළ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින…
Author Archives: news_sandeep
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබෙනවා. ක්රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙනවා. එංගලන්තය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක් නොවූ කුසල් ජනිත් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් මෙම සංචිතයට එක් කර තිබීමත් විශේෂත්වයක්. එමෙන්ම ධනංජය ද සිල්වා කණ්ඩායමෙන් ඉවත්…
අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර භාගත කරගැනීම සහ සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පෞද්ගලික අපේක්ෂකයින් තම ප්‍රවේශපත්‍රවල සංශෝධනයක් තිබේ නම් වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර සංශෝධනය කරගත යුතුයි. සංශෝධනය සිදුකිරීම 2026.02.10 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කෙරෙනවා. සංශෝධන දිනය…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03) දිනයේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා. මෙලෙස ඇයව කැඳවා ඇත්තේ සිරීලිය සවිය පදනමේ මූල්‍ය කටයුතුවලදී සිදුවූ බව කියන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන දීර්ඝ විමර්ශනයකට අදාළවයි. විශේෂයෙන්ම එම පදනම විසින් ලබාගත්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, මුදල් විශුද්ධිකරණය පිළිබඳව එල්ල වූ චෝදනාවලට අදාළව සිදුකෙරෙන විමර්ශන මත පදනම්වයි. කෙසේවෙතත් අද (03) පාන්දර ඔහුගේ නිවසේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට…
ඉන්දියාව සමඟ නව වෙළඳ ගිවිසුමකට එළැඹීමට තමන් එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පැවැත්වූ විශේෂ දුරකථන සංවාදයකින් අනතුරුව මෙම තීරණයට පැමිණි බව ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා. මෙම නව සබඳතාවය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද සිය සතුට පළ කර තිබෙනවා….
ඉන්දියාවේ 2026-27 මූල්‍ය වර්ෂය සඳහා වන මධ්‍යම රජයේ අයවැය අද එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින්. ඉන්දියානු ඉතිහාසයේ පළමු වරට ඉරිදා දිනයක ඉදිරිපත් කළ මෙම අයවැයෙන් අසල්වැසි රටවලට ලබාදෙන මූල්‍ය ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිපාදන වෙන් කර තිබීම විශේෂත්වයක්. නිල දත්ත වාර්තා අනුව 2026-27 වර්ෂය සඳහා…
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ මහතා තේරී පත්ව තිබෙනවා. ඒ අද පැවැති ඡන්ද විමසීමේදීයි. එහිදි ඒ මහතාට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 21ක් හිමිවුණා. ඒ අනුව වැඩි ඡන්ද 1කින් එම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගයට හිමිවුණා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව ඉකුත්…
ජගත් මනුවර්ණට වරෙන්තු ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට සහ තවත් අයෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත්කර තිබෙනවා. ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් Views: 123
ධාතූ ප්‍රදර්ශනයේ රථ වාහන සැලැස්ම මෙන්න ඉන්දියාවේ සිට එළැඹෙන 04වනදා වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා 05වනදා උදෑසන 06.00 සිට 11වනදා පෙරවරු 07.00 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. එම කාල සීමාව තුල ගංගාරාම විහාරස්ථානය අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන බව පොලීසිය දැනුම්…









