2019 අප්රේල් 21 වැනිදා ශ්රී ලංකාව ලේ වැගිරුණු භීෂණයකට ඇද දැමූ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් වසර පහකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයක තීන්දුව කොළඹ මහාධිකරණ ස්ථිර ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඊයේ (22) ප්රකාශයට පත් කළේය. මෙම නඩුවේ අවසානයේ අධිකරණය හමුවේ විත්තිකරුවන් 24 දෙනෙකු සිටි අතර, ඔවුන්ගෙන් 15 දෙනෙකුට එරෙහි චෝදනා ඔප්පු වී…
Category Archives: Local
අපි මේ ආණ්ඩුව හදලා හෙටට වසර දෙකක් ගත වෙනවා. මෙම අවස්ථාවේ ආණ්ඩුවකට තිබිය යුතු විධායක ජනාධිපති ධූරයේ බලය මෙන්ම පාර්ලිමේන්තුවේ බලය අප සතුව තිබෙනවා. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවටකට ලැබුණු වැඩිම බලය අපි ළඟ තිබෙනවා. ඒ වගේම නගර සභා සහ ප්රදේශීය සභාවල වැඩිම බලය තිබෙන්නේ අපිට. ඒ අනුව ආණ්ඩුකරණය සඳහා වැඩිම බලයක් අප සතුව තිබෙනවා. හැබැයි, විධායක…
සමාජ මාධ්ය සහ ඩිජිටල් තාක්ෂණය හමුවේ දරුවන් සහ තරුණ පරපුර මුහුණ දෙන අවදානම්වලින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ජාතික හා කලාපීය මට්ටමින් ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රී මහතාගේ ප්රධානත්වයෙන් UNICEF සහ ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 21 වන දින අග්රාමාත්ය කාර්යාලයේදී පැවැත්විණි. දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග…
2010 වසරේ ජනවාරි 25 වැනිදා අලුයම 5.30 ට පමණ අම්බලන්ගොඩ පොල්වත්ත ප්රදේශය අවදි වූයේ ජවිපෙ නාගරික මන්ත්රී මෙන්ම ප්රදේශයේ ගෞරවනීය ගුරුවරයෙකු වූ චන්ද්රදාස නයිදුවාවඩු සහෝදරයාට එල්ල වූ ම්ලේච්ඡ ප්රහාරයකිනි. ඔහු සහ පැරණි ජවිපේ ප්රධාන ක්රියා කාරිකයෙක් වූ ගංගා ද ඇතුළු පිරිස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ පෝස්ටර් අලවමින් සිටියදී සජින් වාස් ගුණවර්ධනගේ මැර පිරිසක් එතැනට…
පැලවත්ත හැර අනෙකුත් සියලුම පක්ෂ එකතුකර රනිල් අලුත් දේශපාලන වැඩපිළිවෙළක් එළිදක්වයි වසර 20 ක ජාතික ප්රතිපත්ති රාමුවක් යටතේ “පැලවත්ත හැර අනෙකුත් සියලුම පක්ෂ” එකතු කිරීමට රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති නවතම යෝජනාව, හුදෙක් දේශපාලන සහයෝගීතාව සඳහා වන යෝජනාවක් ලෙස පමණක් නොව, ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිපත්තිය කෙරෙහි ඔහු තීරණාත්මක ලෙස බලපෑම් කළ කාලපරිච්ඡේදයේ ආර්ථික වාර්තාවට…
දේශීය මුදල් රාජ්ය බැඳුම්කර දර්ශකයේ ඉහළම ප්රතිශතයක් හිමි රටවල් අතරට ශ්රී ලංකාව ඇතුළත්ව තිබෙනවා. ඒ, ජේ.පී. මොර්ගන් අන්තර්ජාතික ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුවයි. මෙමගින් ගෝලීය ආයෝජකයින් අතර ශ්රී ලංකාවේ දේශීය ණය වෙළඳපොළ කෙරෙහි පවතින විශ්වාසය තවදුරටත් තහවුරු වන බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. සෙප්තැම්බර් 30 වැනි දින නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත…
නැවත හැරී යාමට ශ්රී ලංකාවට හැකියාවක් නොමැත. වර්තමාන පාලනාධිකාරියේ අඩුපාඩු කුමක් වුවත්, ඊට විසඳුම අතීතයට ආපසු යාම නොව, ප්රගතිශීලී, වගවීමක් සහිත සහ හැකියාවෙන් යුත් නායකයින්ගේ නව පරම්පරාවක් බිහිවීම විය යුතුය. රට අඛණ්ඩව ඉදිරියට මිස පසුපසට නොබැලිය යුතුය. රටේ ප්රජාතන්ත්රවාදී, ආර්ථික සහ ආයතනික පදනම් පිරිහීමට දායක වූ අතීත ක්රියාකලාපයන් සහිත පුද්ගලයින් අතට දේශපාලන බලය නැවත නොපැවරෙන…
සුනඛයකු ඇති කිරීම පෞද්ගලික කැමැත්තක් විය හැකි නමුත් එය සමාජ වගකීමකින් වෙන් කළ හැකි අයිතියක් නොවේ. සුරතල් සතෙකු තම නිවසේ ඇති කරන පුද්ගලයාට එම සත්වයාගේ සෞඛ්යය, ආරක්ෂාව සහ හැසිරීම පිළිබඳ වගකීමක් තිබේ. එම වගකීම නිසි ලෙස ඉටු නොවන අවස්ථාවලදී එහි ප්රතිවිපාකය පෞද්ගලික නිවසකට පමණක් සීමා නොවී සමස්ත සමාජයටම බලපාන තත්ත්වයක් බවට පත්විය හැකිය. ශ්රී ලංකාවේ…
අනුරාධපුර නගරය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ දී නුවරවැව හා තිසාවැව බැම්ම විවෘත කර සංචාරකයින්ට ගමන් කිරීමට හැකි ලෙස අවශ්ථාව ලබාදීම හා සැහැල්ලු වාහන ගමනාගමනය සදහා අවසර ලබාදීම පිළිබදව මෙහිදී සාකච්ඡා වූ අතර එහිදී පූජා නගරයේ පවතින වැවක් හෙයින් එම පරිසරයට හා බැම්මට හානියක් නොවන ලෙස වැව් බැම්ම සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීම සිදුකල යුතු බවට…
ශ්රී ලංකාව සහ චීනය අතර කෘෂිකාර්මික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින්, මෙරට චීන තානාපති (Wei Huaxiang) මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (14) ගොවිජන මන්දිරයේදී පැවැත්විණි. දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් කෘෂිකාර්මික, වාරිමාර්ග හා පශු සම්පත් ක්ෂේත්රයන්හි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව…











