අගෝස්තු 16 පස්වරුවේ, කොළඹ 09 මරදාන දෙමටගොඩ පාරේ පිහිටි “මල් බෙරි රිසෝට්” නාමැති මහල් 14කින් යුත් නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් වැටී 12 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත් වීමේ ශෝකජනක සිදුවීමක් වාර්තා විය.මෙම දරුවා වූයේ එම ප්‍රදේශයේම පදිංචි අබ්දුල් හසීන් නම් ළමයෙකි. මව පවුල අතහැර ගොස් තිබීමත්, පියා මත්පැන් පානයට ඇබ්බැහිව සිටීමත් හේතුවෙන් අධිකරණ නියෝගයක් මත…
Category Archives: Local
මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව්වල හා ජලාශවල ජලල මට්ටම යම්කිසි ප්‍රමාණයකින් පහත වැටී තිබුණද එය දැඩි බලපෑමක් නොවන බවත් යල මහා දෙකන්නයම වගා කිරීම හේතුවෙන් කුඩා වැව් සාමාන්‍ය පරිදි සිදියාමට ලක්ව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක ජයන්ත ද සිල්වා මහතා පවසයි. එල්නිනෝ තත්ත්වය හමුවේ ඉදිරි කාලයේදී පවතින අධික උෂ්ණත්වයත් සමඟ ප්‍රධාන වැව්වල…
වවුනියාව, මහමයිලන්කුලම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි ව්‍යාපාරික කාන්තාවකට අමානුෂික ලෙස පහරදී, අතවර කර රුපියල් එක්කෝටි තිස් අට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් දේපළ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පුතු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, අදාළ කාන්තාව විසින් සිය පුත්‍රයා වෙත පරිශීලනය සඳහා ලබාදී තිබූ සුඛෝපභෝගී මෝටර් රථයෙන්…
2026 අගෝස්තු මස 16 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කඳවුරේ සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ ගුවන් හමුදා බස් රථයක හදිසියේම තිරිංග (Brake) ක්‍රියාවිරහිත වීමෙන් සිදුවීමට ගිය දැවැන්ත අනතුරක් වළක්වා ගැනීමට එහි රියදුරු සමත් වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුහුණුව ලබන කැඩෙට් නිලධාරීන් 30 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත….
ශ්‍රේෂ්ඨාධිකරණයේ 48 වන අගවිනිසුරු ලෙස කටයුතු කළ මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු මඩුල්ල විසින් MV X‑Press Pearl අනතුරෙන් පීඩාවට පත් පාර්ශ්වයන්ට ඩොලර් බිලියනයක් වන්දියක් ලබාදෙනු පිළිබඳ නිකුත් කළ ඓතිහාසික තීන්දුව මේ වනවිට වෙනස් මගක ගමන් කරමින් තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රී ලංකාවේ 49 වන අග්‍ර විනිශ්චයකාරවරයා ලෙස පත් වූ පසු මෙම තීන්දුව කල් දමා…
දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කොඩි කණු අංශයේ පහළ ශ්‍රේණියේ කම්කරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු, මෙරට ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාලයක හිමිකරුවෙකු බවට පත්වීමේ පුවත ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ, දූෂිත දේශපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියේ ඇති බරපතල බිඳවැටීම පිළිබඳව මනාව පැහැදිලි කරයි. ශිරාන් බාසික් නමැති මෙම පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කිරීමත් සමඟ,…
රටේ බත් පත සපයන ගොවියා කන්නයක් පාසා පාරට බැස හඬා වැටීම ශ්‍රී ලංකාවේ සුපුරුදු සරදම් සහගත දර්ශනයකි. මෙවරද එය වෙනස් වී නැත. වී කිලෝවක් සඳහා රුපියල් 130ක සහතික මිලක් නියම කරමින්, රජය රුපියල් බිලියන 16ක (මිලියන 16,000ක) ප්‍රතිපාදන වෙන් කර ඇත. කඩදාසි මත මෙම ඉලක්කම් ඉතා ආකර්ෂණීයය. එහෙත්, මෙම මුදලින් මිලදී ගත හැක්කේ මෙට්‍රික් ටොන්…
මොරටුව අඟුලාන මුහුදු තීරයේදී අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවෙන් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් තුන්වන දිනයටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.අනතුර සිදු වූයේ සෙනසුරාදා පෙරවරු 11.40ට පමණ, මුර සංචාරයක් අවසන් කර කොළඹ බලා පැමිණෙමින් සිටියදීය. මෙහිදී නාවිකයින් 12 දෙනාගෙන් 11 දෙනෙකු බේරාගැනීමේ මෙහෙයුමෙන් ගොඩට ගෙන ගිය අතර ඔවුන් නාවික හමුදා…
වසර 48,000කට පෙර අතීතයට විද්‍යාත්මක ආලෝකයක්! ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ කතාබහ කිරීමේදී අපගේ අවධානය බොහෝ විට යොමුවන්නේ විජය රජුගේ පැමිණීම, අනුරාධපුරය, පොළොන්නරුව හෝ මහනුවර වැනි රාජධානි යුග වෙතය. එහෙත් එම ලිඛිත ඉතිහාසයට බොහෝ කලකට පෙර, එනම් අදින් වසර දස දහස් ගණනකට පෙර සිටම මෙරට සක්‍රීය මිනිස් වාසයක් පැවැති බව පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී ඇත….
අනුරාධපුර කොරකහවැව වැවත් සිඳී යයි…කුඩා වැව් සිඳී යාමත් සමග ඒවායේ ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට නියම කාලය එළැඹ ඇති බව ගොවීන් පවසයි. දිවයින පුරාම එල්නිනෝ තත්ත්වයේ බලපෑමත් සමඟ ප්‍රදේශ රැසක කුඩා වැව් සිඳී යාමේ අවදානමකට ලක්ව ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේද කුඩා වැව් රැසක් මේ වන විට සිඳී යමින් පවතී. අනුරාධපුර කොරකහවැව ප්‍රදේශයේ පිහිටි කොරකහවැව වැවද මේ…











